Monday, March 30, 2015

බැරිදා විග්‍රහය..! මට නං පිස්සු වගේ..

මහින්ද උන්නැහේ.. ජනපතිවරණය මෙවුවා කොළාත් හරිය.. අපේ එවුන්ට නිච්චි නිනවු නැති ගානය.. රෝ ඔත්තු සේවයත් බටහිර රටවලුත් එක්කහු වෙලා කොරපු කුමන්ත්‍රණය සුළු පටු නොවන බව තේරෙන්නේ දැන් ය..

එක්කෝ මහින්දට බනිනවාය.. නැත්තං රනිල් ට බනිනවාය.. එහෙමත් නැත්තං මෛත්‍රීට බනිනවාය... අඩුපාඩුවට.. නාමල්ට, බැසිල්ට, ගෝඨාට වගේ ම.. විමලට, ගම්මන්පිලට, ජොනියට, ඇස්.බී ට, පවිත්‍රාට, අඛිලට, රවීට, බුද්ධිකට, චම්පිකට, සෝභිත හාංදුරුවන්ට එහෙමත් බනිනවාය.. ඔය අස්සෙ.. කොට්ටක් පනින්ට ගිහිං හෝ වෙනත් කෙරුවාවකට ගිහිං.. පොරෝ පාරක් කාලා වැලි රාජු මළ එකටත් ආණ්ඩුව  ට  බනිනවා ය.. පොරෝ පාර ගහපු එකා පොලීසි අල්ලං ගිය එකට.. පහු වුණු ආණ්ඩුවට බනිනවාය..

මං හිතුවේ.. ඡන්දෙන් පස්සෙ සංහිඳියාව ඇතිවෙයි කියලාය.. ගෙදර ගිය මහින්ද ගෙදර ගොහිං.. ජේ.ආර්, විජේතුංග, චන්ද්‍රිකා උන්නු හැටියට හිටියා නං.. එහෙම වෙන්ටත් තිබුණාය.. එහෙත් හොරු අල්ලන කේස් එකෙන් ඔක්කොම අවුල් ජාලයක් උනාය..

ඒ මෙහෙම ය.. හොරු අල්ලන්ට ආණ්ඩු බලය ඕනෑ ය.. ආණ්ඩු බලය  ගන්නට තිබුණු ආණ්ඩුවේ සපෝට් එක ඕනෑ ය... සපෝට් එක ගන්නට දොල පිදේනි ඕනෑය.. ඒවා ඇමතිකම් හා වරප්‍රසාද හෝ ඊටත් වෙනස් දෙයක් වෙන්ට පුළුවන්ය.. දැං ආයෙත් හොරු අලුත් ආණ්ඩුවේය..

රවී ගේ අය වැය කිසි කමකට නෑ ය.. අඛිලගේ වැඩත් කිසි පිළිවෙලක් නෑ ය.. ජෝන්ගේ කල් මැරිල්ලත් වැඩකට නෑ ය..පාඨලී ගේ ත් මොළේ හොඳ නෑය.. මෛත්‍රීත් හිතපු තරම් දෙයක් කරන්නේ නෑ ය.. රනිල් ගේ පර්සනලිටි එකක් නෑ..ය.. 
නටපු තොවිලෙකුත් නෑ ය.. බෙරේ පලුවකුත් නෑ ය..  ඒත් මහින්ද නම්.. ඕනෑම නෑ ය..

ඇෆ්. බී එන්ටත් එපා වෙනවාය.. හැම උන්දැම කාට හරි බනිනවාය.. බැනලා රටකට හරි යන්නෙ නෑ ය.. රටකට ඕනෑ අපමණ අගයක් ය.. ඒ ඕනෑකම වෙනස් වෙන්නේ ම නෑ ය.. මේක ගන්ධබ්බ කාලයක් ය.. හොඳම හරිය ඒ කාලය නිම උනාම ය..එක රැයින් එලි වෙන්නෙ නෑ ය.. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට ය..  






4 comments:

  1. මහින්ද මාමා ආයිත් රජවෙනකල් ඉවසං ඉන්න මෙයා..

    ReplyDelete
    Replies
    1. ඔවු මෙයා.. ඊට පස්සේ බැරියෑ.. ආපහු යහපාලනේ ඉල්ලලා සටං කොරන්ට..

      Delete
  2. මේ ආණ්ඩුවට ඔය දේ කරන්න ඒ තරම් පහසු නෑ. ‍රැව්ලයි කැඳයි දෙකම බේරාගන්නත් ඕනෙ. පාර්ලිමේන්තුවෙ බහුතරය ඇත්තෙන්ම විරුද්ධයි.. මිනිස්සුන්ගෙ බලාපොරොත්තු අහස උසයි.. මිනිස්සු නිදහස භුක්ති විඳිනවා නේද ?ඒකත් ලොකු දෙයක්නෙ.. බලනකො පත්තර මෛත්‍රීව පතුරුගහන හැටි..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..