Wednesday, April 1, 2015

මාළු කූරි.. බතට එන්නෙ කොහොමද අප්පච්චි

පුතා:
මුහුද මැද්දෙ ඉන්නවාය ......කියලා කියවෙච්චි
මාළු කූරි.. බතට එන්නෙ කොහොමද අප්පච්චි

පියා:
මුහුදෙ ඉඳං අපේ අහට ඇවිදිං කර ....වෙච්චි
පුතේ ඒක දුර ගමනක් කාටත් ....නොදැනිච්චි
පියා:
මුහුද පුරා පීන පීන එක එක යස ................මාළු
දැල් දාලා කොකු දාලා අල්ලගන්න..............මාළු
පුතා:
අඬනවාද දන්නෙත් නෑ මූදෙ වැටුණු............මාළු
ගොඩ ගත්තේ ආදරේට නොවෙයිද ගැන ....මාළු
පියා:
අපි ගොඩ ඉන්නවා වගෙයි උන් මුහුදේ .........ඉන්නේ
ආදරේට නොවෙයි පුතේ මාළුවො ...........අල්ලන්නේ
පුතා:
යස අපූරුවට නොවෙයිද අපි ගොඩබිම .........ඉන්නේ
ගොඩට ආපු නිසා මොකද මාළුවො මිය ........යන්නේ
පියා:
වතුරට වැටුණොත් තේරෙයි කොහොම හුස්ම ගන්නේ
ගොඩ ආවම මාළුන්ටත් ඒක තමයි .............වෙන්නේ
පුතා:
දැන දැන උන් මිය යන බව ඇයිද ගොඩට ගන්නේ
ඉතිං ඊට පස්සෙ අනේ උන්ට මොකද ...වෙන්නේ
පියා:
මැරුණම උන් බෝට්ටුවෙන් වෙරළට ගෙන එනවා
වෙරළෙ ඉන්න වෙළෙන්දන්ට ඉන්පසු ..විකුණනවා
පුතා:
මැරුණු කෙනෙක් එක්කො වළට නැත්නම් පුච්චනවා
වෙළෙන්දො මහ පුදුම අයනෙ මැරුණු සතුන් කනවා
පියා:
එපා පුතේ එක පාරට ඒ තේරුම ...........ගන්න
වෙළෙන්දො ඒවා ගේන්නෙ අප හට විකුණන්න
පුතා:
මහ ලොකුවට රසයි කියල අප හට ....ගිල්ලන්න
මැරුණු සත්තු ඇයි ගෙනාවෙ යමු යමු වළලන්න



8 comments:

  1. අපේ බඩවල් මල සතුන්ගෙ සුසානභූමි තමයි..
    මෙන්න මේක කියවන්නකො වෙලාවක් ඇත්නං

    http://lankapriyagesithivili.blogspot.com/2012/04/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. හිතන්නට දෙයක් ඇති අගේ ඇති නිර්මාණයක්..

      Delete
  2. පුතා හරි චතුර මල්ලි.

    ReplyDelete
  3. අද මාලු කතාමයි ... මාතලනුත් මාලු අල්ලන කතාවක් ලියල තිබුනා ... ඒකනං කෙම් ක්‍රමයක් ...

    ReplyDelete
    Replies
    1. හැබෑට.. එක වගේ මාතෘකා එක කාලෙට එන්න පුළුවනි නෙ..

      Delete
  4. ස්වභාදහමේ නියමනට හැම සතාම යටයි
    අහර ජාලේ ඉගෙන ගන්න පුතේ ඒක යසයි

    හොඳ නිර්මාණයක්....!

    ReplyDelete
    Replies
    1. හැම තැනදිම සොබා දහම අමතක වෙනවා
      කන්න හිතුණ ගමං කබරු තලගොයි වෙනවා

      ස්තුතියි සොයුර..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..