Friday, June 26, 2015

අධිකරණ තීන්දු වලට එරෙහි වීම

එදා මෙන් නොව.. අද අධිකරණය.. ස්වාධීන තීන්දු තීරණ ලබා දෙන බවක් පැහැදිලිව පෙනේ.... ඒවායින් සමහරක්.. තීරණ... පොදු සමාජයේ ඇසින් වැරදි ඒවා විය හැක.. එහෙත් අධිකරණ විනිසුරුවරයන්ගේ වගකීම පවතින නීතියට අනුව වඩාත් අපක්ෂපාතීම තීන්දුව ලබා දීම මිස.. බහුතරයේ හෝ වෙනත් කෙනෙකුගේ කැමැත්ත ඉටු කිරීම නොවේ..

ආසන්නතම සිද්ධිය හමුදා නිලධරයා සම්බන්ධ තීන්දුවයි.. මට නම් එය පෙනෙන්නේ.. අධිකරණයේ ස්වාධීන තීන්දුවක් ලෙසයි.. ඔහු නිවැරදි නම්, කළ යුත්තේ..මේ තීන්දුව ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කොට.. අධිකරණයෙන්ම සාධාරණයක් ඉටු කර ගැනීමයි.. ඇතැම් විට   මෙම තීන්දුව ගෙන ඇත්තේ නීතියේ යම් හිඩැසකින් නම්.. ජනපතිවරයා හමුවේ මෙම ගැටළුව ඉදිරිපත් කිරීම.. සාර්ථක පියවරක් වනු ඇත.. වත්මන් ජනපතිවරයා.. නිකරුණේ අධිකරණයේ වැඩ වලට ඇඟිලි ගසන මදාවියෙකු නොවන බව අපි දනිමු..

රට වෙනුවෙන්.. ඉතා බරපතල යුදයක යෙදුණු පුද්ගලයෙකු පිළිබඳ මෙවන් තීරණයක් ඇසීමට අප කවුරුත් කැමති නැත..  ඇතැම් විට විනිසුරුවන්ට  වැරදුණා ද විය හැක.. මන්ද විනිසුරුවන් ද මිනිසුන් වන බැවිනි.. එබැවින් නැවත වරක් මෙම සිද්ධිය අධිකරණය තුළ විභාග කිරීම වඩාත්ම ප්‍රායෝගික ක්‍රියාව වනු ඇත..

ආණ්ඩු විරෝධී පිරිස් .. මෙය ආණ්ඩුව විසින් දුන් තීරණයක් පරිද්දෙන් මේ සම්බන්ධව ආණ්ඩුවට දොස් පවරමින් සිටිති.. ඡන්දයක් අත ළඟ තබාගෙන මෙවන් තීන්දුවකට අධිකරණයට බලපෑම් කරන්නට  ආණ්ඩුවට මොලේ කොලොප්පම් යැයි සිතනවා නම්.. ඒ ඔවුන්ගේ දේශපාලන අඳබාල කම මිස අන් කවරක්ද? මෙය දේශපාලන අර්ථයෙන් නොදැක.. අපේ සහෘදයෙකු.. අපේ ම මිනිසෙකු හට සිදුවූ අකරතැබ්බයක් ලෙස සලකා..ඔහුගේ නිදහස පතමු.. එය වඩාත් සාධාරණ ක්‍රමයකට ලැබේ නම් ජාතියක් ලෙස ආඩම්බර වියහැකි බව සිත්හි තබාගමු..

2 comments:

  1. මටත් මේ පුවත ඇසුණ ගමන් හිතුනේ මේක විපක්ෂයට හොඳ සටන් පාඨයක් වේවි කියන එකයි. නමුත් ප්‍රායෝගිකව මෙවැනි සිදුවීම සත්‍යමනම් සාක්ෂි ප්‍රබලනම් තීන්දුව සාධාරණයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. අපි හරියටම සත්‍යය දන්නෙ නෑ නෙව..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..