Sunday, June 7, 2015

මහා සවු දන්සැලාක්..!

මහා සවු දන්සැලාක්..!
මහා සවු දන්සැලාක්..!
තමන්ට හැකි උපරිමයෙන් කෑ ගසමින් කොඩි වනමින් පාරේ යන එන වාහන නවත්වන්නට වෙර දරන මගේ පොඩිත්තො දෙන්නා ළඟට කිට්ටු කරපු මං ..
පුතේ.. මෙතන.. මහා සවු... නෑ.. තියෙන්නෙ සවු දන්සැලක්.. කියා කීවේ.. උන්ගේ දිරිය බිඳ දමන්නට නොවේ.. යථාර්තවාදී වීම කියා දෙන්නටයි..
මොහොතකට..
සවු දන්සැලක්.. කියමින් කෑ ගැසූ දෙදෙනා .. යළිත්.. සුපුරුදු වාක්‍ය ඛන්ඩයම කියමින් කෑ ගසන්නට වන්හ..
අපේ රටේ දන්සැල් සියල්ලක්ම නමින් මහා ඒවා වුවත්.. බොහෝ දන්සැල් දන්සැලක අර්ථයෙන් ගත් කළ.. නොසැළකිය හැකි තරම් ඒවා බව මගේ අදහසයි..
මා දකින අයුරින්.. එකී දානය..
නිර්මල ලෙස ඉපැයූ ධනයෙන් සකස් කළ දානයක් විය යුතුයි..
කෙනෙකුගේ කුස පිරවීම.. අරමුණු කරගත්තක් විය යුතුයි..
දායකත්වය දරන්නන් සැදැහැ සිතින්, අදාල දායකත්වය දැරිය යුතුයි..
සෞඛ්‍ය කාරණා වැදගත් වන බැවින් පිරිසිදුව සකස් කළ යුතුයි..
දන්සැල අසල වටපිටාව.. සහ.. ඒ අවට හැසිරීම ප්‍රසන්න, පිරිසිදු හා සිත්ගන්නා සුළු විය යුතුයි..
දානය ලබන්නාට සිදුවන යම් අපහසුතාවයක් වේ නම් එය අවම කිරීම ගැන ප්‍රමුඛත්වයක් දිය යුතුයි..
මාර්ග අවහිර නොවන පරිදි.. වාහන නැවැත්විය හැකි තැනක් තෝරා ගන්නේ නම් හොඳයි..
දන් ලබන්නා ද.. අවශ්‍යතාවය මත පිහිටා දන් ලබා ගන්නේ නම් එය දානයේ වටිනා කම වැඩි කරනු ඇත..
එහෙත්.. අද බොහෝ විට ඇත්තේ කැපී පෙනීම, ෆන් ගැනීම හා පොර වීම, පෙර සිට පැවැත්වෙන නිසා පැවැත්වීම.... වැනි අරමුණු වලින් දන්සැල් පැවැත්වීම බව මගේ අදහසයි..
ඇතැම් දන්සැල් වල මත්පැන් පානය පවා සිදු කෙරෙන බව මා අසා ඇති අතර.. එවන් දන්සැල් බොහෝ විට ආරවුලකින් කෙළවර වේ..
එනයින් බැලූ කල.. මහා දන්සැල් ඇත්තේ අතලොස්සක් විය හැක..
ඒ අතරම දන්සැලකින් සිදුවන අමතර ප්‍රතිලාභ ගැනද අප විමසිලිමත් විය යුතුය..
පිරිස් සමඟ එක්ව පොදු කාරණාවක් උදෙසා සංවිධානය වීම..
දන්නා .. නොදන්නා.. හැමදෙනාට සංග්‍රහ කිරීම තුළින් ලබාගන්නා.. අනන්‍ය වූ සතුට..හා සැනසුම..
අන්‍යෝන්‍ය සුහදශීලීත්වය ගැන රට තුළ මතු කළ හැකි ... ආකල්පමය වෙනස..
මෙවැනි කාරණා මේ අතර වෙයි..
මේ අතර.. අපේ ගමේ.. පොඩියට මොන්ටිසෝරියක් කරගෙන යන ගුරුවරියක් සිටී.. ඇය මෙවර.. පුංචි ළමයින් සඳහා කතන්දර පොත් දන්සැලක් දී ඇති බැවු ආරංචි විය.. පොසොන් පොහොය දින වන්දනාවේ යන දරුවන්ට කතන්දර පොත් වල ඇති ගැලපීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතත්.. ආකල්පමය වශයෙන් ගත් කල ..ඇගේ එම උත්සාහය අගය කළ යුතු බව මගේ අදහසයි..
සියළු දානයන් අතර ධර්ම දානය උතුම් බවත්.. ඊටත් වඩා.. එක සිල්පදයක් රැකීම උතුම් බවත් .. අප බුදුරජාණන් වදාරා ඇති වගක් බණකින් ඇහුණා මතක තිබේ..
කෙසේ වෙතත්.. නැවැත්ම සඳහා වන ධර්මයේ පැවැත්ම සඳහා දානය අත්‍යවශ්‍ය සාධකයක් බව කිව යුතුය..

4 comments:

  1. මහා අදහස් දන්සැලක්.. මහා කියුවේ ඇත්තටම මහා නිසා.. දන්සැල් නියාමනය කරන්න කියලා යම් යම් නීතිත් ගෙනත් තිබුණට ඒවා ක්‍රියාත්මාක වෙන්නේ නෑ.

    ReplyDelete
  2. දානය කලයුත්තේ ලෝභය පි‍ටු දකින්න උනත් බහුතරයක් දානය දෙන්නේ ලෝභය ඉස්මතු කරගෙනයි බණ දෙසන හිමිවරුත් ලෝභය ඉස්මතු කරමින් දහම් දෙසනවා. ලබන්න පතා දීමෙන් දානයේ අනුසස් පිරිහෙන බව කව්ද දන්නේ ?

    ReplyDelete
  3. දන්සැල් ගැන මගේ අත්දැකීම් ටිකකුත් ලිව්වාhttp://syberheartblog.blogspot.com/

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..