Tuesday, June 9, 2015

ලෙඩ්ඩු සහ ඉස්පිරිතාල


අපේ රටේ තරම් ලෙඩ්ඩු වෙන රටවල් වල ඉන්නවාද කියා සිතෙන්නේ රෝහලක් කරා ගිය පසුය.. එය.. රජයේ රෝහල, පුද්ගලික රෝහල... ඩිස්පැන්සරිය කියා වෙනසක් නැත.. නිරන්තරයෙන් ඒවා පිරී ඉතිරී යයි.. විවිධ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට එන රෝගීන්ගෙන් අඩුවක් ඇත්තේම නැත... එහෙත් රෝගීන්ට මෙම ආයතන වලින් නිසි ප්‍රතිකාර ලැබෙනවාද යන්න විමසා බැලිය යුතුය...
පසුගිය සෙනසුරාදා රැයෙහි.. මාගේ පියාණන් තරමක් අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළේ උණ හා කකුලේ තුවාල නිසාය.. මූලික ප්‍රතිකාර ඒකකයට ගොස් සිටින අතර.. එහි සඳහන් පුවරුවක පසුගිය දිනවල ප්‍රතිකාර ගත් රෝගීන් සංඛ්‍යාව සඳහන්ව තිබුණි.. එය දිනකට 250-350 අතර ප්‍රමාණයක් විය.. මේ ප්‍රමාණය.. සායන, බාහිර රෝගී අංශය, වාට්ටුවල ප්‍රතිකාර වලට අමතරව ය.. මේ අනුව බැලූ විට.. රෝගීන් අඩු වශයෙන් 3000ක් වත් දිනක් තුළ.. රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා ඇත.. රෝහලට ඇතුලත් වීමට පෙර.. අප ඩිස්පැන්සරියක් වෙත ගොස් වෛද්‍යවරයෙකු හමුවූ අතර.. ඔහු දිනකට ප්‍රතිකාර කරන රෝගීන් ප්‍රමාණය.. 150-200 අතර වෙයි..මේ ආකාරයට තැන් තැන් වල පුංචි.. පුංචි.. ඩිස්පැන්සරි.. විශාල ගනණක්.. ප්‍රධාන පුද්ගලික රෝහල් තුනක්.. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇත.. මේ තැන් සියල්ල පාහේ පිරී ඉතිරී ඇති බැවු දක්නට හැක.. මේවායින් ප්‍රතිකාර ගන්නා.. රෝගීන්.. ප්‍රමාණය.. දළ වශයෙන් දිනකට 5000 ඉක්මවනු ඇතැයි සිතිය හැක..
මේ අනුව සමස්ථයක් වශයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පමණක්.. දිනකට රෝගීන් 8000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ගනියි.. එහෙත් ඔවුන්ගෙන් කී දෙනෙක් නිස් පරිදි සුව වනවාද යන පැනයට අපට පැහැදිලි පිළිතුරක් දිය නොහැක..
අප්පච්චිගේ ඇඳට එහා ඇඳට පෙරේදා හවස ආ ලෙඩා සමඟ ඊයේ දහවල් කතා කළෙමි.. ඔහු පැමිණ ඇත්තේ බුලත්කොහුපිටියටත් එහා සිටය..ඔහුට ඇත්තේ කකුලේ තුවාලයකි..
අද බෙහෙත් දාලා ටිකට් කැපුවා.. පුදුම කරුමයක් මේක.. කෑගල්ලෙ ඉස්පිරිතාලෙට ගියා එහෙත් උදේ ආවා හවස ටිකට් කැපුවා.. යන යන තැන ඔහොමයි.. මිසී කෙනෙක්ට කිවුවාම කියනවා.. තමුසෙ වගේ ලෙඩ්ඩු මේකෙ තියාගත්තොත්..ලෙඩ්ඩු කීදෙනෙකුට මැරෙන්න වෙයිද කියලා..
හැන්දෑවෙ අප්පච්චි බලන්ට හිහාම.. අප්පච්චිට ඉන්සියුලින් විදින්ට ආවෙ මගේ මිත්‍රයෙක්.. ඉතිං යාළුවත් එක්ක ටිකක් කතා කරන්න ලැබුණා..
‍ඊයෙ .. අදට වඩා ගොඩක් බිසී නේද? මං ඊයෙ කතා කළේ නැත්තෙ ඔයාලා බිසී නිසා..
ඔවු.. ඊයෙ ලෙඩ්ඩු හොඳටම වැඩියි.. අදත්.. තියටර් ගිය අය 20-30ක් ඉන්නවා.. ආවම පිරෙයි..
වාට්ටුවෙ ඇති වෙන්න නර්සස් ලා ඉන්නවද?
වාට්ටුවෙ ඉන්න ඕනි ගාන නම් ඉන්නවා.. ප්‍රශ්නෙ තියෙන්නෙ ලෙඩ්ඩු වැඩි එක..
එහෙම උනාම ඉතිං හැම ලෙඩා ගැනම බලන්න වෙන්නෙ නෑ නේද?
අනික..දැං ඉතිං කාලයක් මෙතන ඉඳළා ඔයාලට මේවා සාමාන්‍ය දේවල්නෙ..
ඒක තමයි අපි විශේෂයෙන් බලන්නෙ ජීවිතයට අනතුරක් තියෙන අය ගැන විතරයි.. අනිත් ඇය ගැන බලන්න වෙලාවක් නෑ..
ඔන්න ඔහොමයි මිත්‍රයා කිවුවෙ..
ජීවිත අවදානමක් නැත්තං.. එළියෙන්ම බෙහෙත් ගන්න එක දාහෙන් සම්පතයි කියලා ඉතිං අපි තේරුං ගන්න ඕනි..
ඉතිං අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්ට.. ඉස්පිරිතාල හදලා විතරක් වැඩක් නෑ.. ඒවට අවශ්‍ය තරම් හෙද කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නත් ඕන.. ප්‍රතිකාර මීට වඩා ස්ථිර වෙන්ටත් ඕන.. කාර්ය මණ්ඩලය හොඳට උද්‍යෝගිමත්ව තියා ගන්ටත් ඕන..
රෝගාතුරව ඉන්න මගේ අප්පච්චිට වගේ ම රට පුරාම මේ වගේ විවිධ රෝග ආබාධ වලින් දුක් විඳින රෝගීන්ට .. නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.. පුළුවං නං.. ඔයාලත් එහෙම කරන්ට..

2 comments:

  1. අපේ රටේ වැඩියෙන් ඉන්නේ බෝ නොවන ලෙඩ තියෙන ලෙඩ්ඩු. මාහාචාර්ය කාලො ෆොන්සේකා අකුරු 5 කින් මේ රෝග වළක්වාගන්න පුළුවන් බව පෙන්වා දෙනවා.
    A-Avoid all types of alcohol
    B-Be active
    C-Cut down sugar, salt, oil
    D-Do not smoke
    E-Eat more vegetables and fruits
    මේ ලැයිස්තුවට අනුව වැඩ කරනවනම් රෝහල්වල දැන් ඉන්න කාර්ය මණ්ඩලය හොඳටම ප්‍රමාණවත්. තමන්ටත් වාසියි, රටටත් වාසියි

    ReplyDelete
  2. අදහස නම්.. හොඳයි... ඒත් ඉතිං ප්‍රායෝගිකව.. කෙරෙන විදිහ... තමයි අවුල...
    A-95%
    B-50%
    C-40%
    D-100%
    E-50%

    මේ වගේ ප්‍රතිශතයකින් තමයි මං නං ඔය කියන කරුණු පිළිපදින්නෙ.. ඒත් ඔය D කියන කරුණ.. අක්‍රීය දුම්පානය හරහා නම් සිද්ධ වෙනවා ඇති .. ඒකට ඉතිං මං මක් කොරන්නද?
    කොහොම උනත්.. B,C, E කියන අංශ වර්ධනය කරගන්න ඉදිරියේදී.. ක්‍රියාත්මක වෙන්නයි මං හිතාන ඉන්නෙ...මොකද දැනටමත්.. මගේ ශරීර සෞඛ්‍යයට කණකොකා මෙවුවා කරලා ඉවරයි... බොහොම ස්තුතියි කමෙන්ටුවට..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..