Friday, July 3, 2015

මහින්දට නොමිනේෂන් දීම..

පසුගිය දින කිහිපයම පුරා දේශපාලනය ගැන සිතන හෝ කතාකරන හැම මොහොතකම.. මහින්ද එන්නේ බුලත් කොලෙන්ද .. නැත්නම් වෙනත් කොලයකින්ද යන කුහුල අප වෙත තිබූ බව නොරහසකි.. මොකෙන් ආවත් මහින්ද පාර්ලිමේන්තුව තුළට ඒම වැළැක්වීමට ක්‍රමයක් නැති බැවු අප නොදැන සිටියා නොවේ.. එය වැළැක්වීමට නොහැකි නම්.. සන්ධානයෙන් පැමිණීම වැළැක්වීමේ අමුතු අවශ්‍යතාවයක්ද නැත..
ඊයේ මහින්දට නොමිනේෂන් නොදෙන බවට පළවූ වාර්තා දෙස බලා සතුටක් ඇති වූයේ අනෙකක් නිසා නොව.. මහින්ද, විමල්, දිනේශ්, ගම්මන්පිල, වාසු ප්‍රමුඛ අශුද්ධ සන්ධානය වෙනම ඉල්ලූ කල.. මෛත්‍රීගේ ශ්‍රීලනිපය, රතන හාමුදුරුවො, ෆොන්සේකා වැනි යහපාලන බලවේග සාපේක්ෂ පාරිශුද්ධ බවක් ඇතිව සංධාන ගත වී ඡන්දයකට යාම මාගේ ඡන්දය කා හට දෙන්නේ ද යන ගැටළුවට පිළිතුරු සපයනු ඇති බවට ඇති වූ බලාපොරොත්තුවයි..

එහෙත් මහින්දට සන්ධානයෙන් නොමිනේසන් දෙන්ට තීරණය කරනවාත් සමඟ මාගේ එකී බලාපොරොත්තුව බිඳවැටුණා පමණක් නොව.. එකී අශුද්ධ සංධානයට වැඩි බලයක් ලැබී.. ශුද්ධ සංධාන යටපත් වීමේ අවදානමක් මතුව ආ අතර.. මා යළිත් එජාපය දෙසට දෝලනය වන්නට විය.. පසුගිය වකවානුවේ ඉතා දුර්වල.. හිතුවක්කාර.. පාලකයෙකු බව ඔප්පු කළ රනිල්ට ඡන්දය දෙන්නට ද හිත හදා ගත නොහැක.. එහෙත් මහින්ද අගමැති වී.. නැවතත් ජනතාව යන්තමින් භුක්තිවිඳින්නට ගත් නිදහස, සාධාරණත්වය නැති වෙනවා ඉවසා සිටින්නටත් නොහැක..

රතන හිමියනි, ෆොන්සේකා මැතිඳුනි.. ඔබ දෙපළ ඉදිරියේදී ගන්නා තීරණ ගැන දෑස් දල්වා බලා හිඳිමි..

මහින්දගේ පැමිණීම අන් හැමට වඩා ඔබ දෙදෙනාට.. අන්තරායකර විය හැක..

කෙසේ වෙතත්.. මහින්ද ගේ ආගමනය කෙටි කාලීනව.. රතන හිමි, ෆොන්සේකා, රාජිත, අර්ජුන, රන්ජන්, විජයදාස වැන්නන්ටද දිගු කාලීනව මුලු රටටමද මහා කොඩි විනයක් වන බැවු නොකිව මනාය..

10 comments:

  1. //රතන හිමියනි, ෆොන්සේකා මැතිඳුනි.. ඔබ දෙපළ ඉදිරියේදී ගන්නා තීරණ ගැන දෑස් දල්වා බලා හිඳිමි..//

    ඔබට එක්ස්ටසි පෙති වල සරණයි පින්වත...

    ReplyDelete
    Replies
    1. කෙනෙක් වරදක් කළාය කියලා .. ඌව අඳුනන හැමෝම පළි ද? ඔය තියෙන්නෙ.. මහින්ද පත්වෙන්නත් කලිං ම .. වැඩ පටං අරං..

      Delete
  2. A siddha sandhanaya of Ranil, Ravi and Arjuna Mahendran? They have not plundered Central bank?

    ReplyDelete
    Replies
    1. I said that Rathana Thero, SF and their alliance is a relatively clean alliance. I never mentioned about UNP. I agree that UNP involved in some corruptions.

      Delete
  3. අම්මප හැබැව මහින්ද පැමිණීම රටට කොඩිවිනයක් ම තමයි.

    මොකෝ කොටින්ට එන්ජීඕ කාරයින්ට පෙඩරල් රාජ්ජෙ ගහන එක පස්සට යනවා
    බංකු සුද්ද කරන චාන්ස් නැතුව යනවා
    රෝ එක හදාගත්ත ඉන්දියන් මාකට් එක නැතිවෙනවා
    වැඩේ දෙන්න ප්ලෑන් ගහල තියන රක්ශණ සංස්ථාව, තෙල්,සතොස වගෙ එවට වැඩේදෙන්න බැරිවෙනවා

    ReplyDelete
    Replies
    1. ඇයි.. තව කොච්චර දේ පුළුහං වෙනවද?
      ඒ ගැන වාද කරලා කුමන පළ ද..?
      නීතියේ සාධාරණත්වය නැවත ඇති කරන්ටලු මහින්ද එන්නෙ.. පුකෙනුත් හිනා නෙ මේවට..

      Delete
  4. සිරි ලංකාවේ කක්කි දේශපාලනය

    ReplyDelete
  5. මහින්ද එන්නේ ජන්දෙ ඉල්ලලා. පුලුවන්නම් මහජනතාවට මහින්දට ජන්දෙ දෙන්ඩ එපා කියන්ඩ. එහෙම එපා කිව්වත් හොරා හොරා කිව්වත් පනස්අටලක්ෂයක් ජන්දෙ දුන්නේ ඔය රනිල් චන්දිුකා රාජිත රතන රනවක අර්ජුන ෆොන්සේකා කියන ශුද්ධ හවුල විශ්වාස නැති හින්දා. මහින්ද ගයවර පැරදුන පලියට ඒ පනස්අටලක්ෂය මෛත්‍රී කරයි කරයිද.

    ReplyDelete
  6. මහින්ද එන්නේ ජන්දෙ ඉල්ලලා. පුලුවන්නම් මහජනතාවට මහින්දට ජන්දෙ දෙන්ඩ එපා කියන්ඩ. එහෙම එපා කිව්වත් හොරා හොරා කිව්වත් පනස්අටලක්ෂයක් ජන්දෙ දුන්නේ ඔය රනිල් චන්දිුකා රාජිත රතන රනවක අර්ජුන ෆොන්සේකා කියන ශුද්ධ හවුල විශ්වාස නැති හින්දා. මහින්ද ගයවර පැරදුන පලියට ඒ පනස්අටලක්ෂය මෛත්‍රී කරයි කරයිද.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..