මේ සාහිත්‍ය මාසයය..
මං.. බලන්ට ගිය.. ප්‍රදර්ශනයක් නෑ ය.. ඒත්.. විජය මාපලාන කවියා ට පින් සිදු වෙන්ට . කවි පොතක් මට ලැබුණේ තැපෑලෙන් නොමිලේ ම ය.. ඒ හැර මා මේ මාසයේ මිළ දී ගත් පොත් දෙකක් ය(අභ්‍යාස පොත් හැර) .. ඒ දරුවන්ගේ පාසලේ පුස්තකාලයට පිරිනැමීමට ය.. පොත් දෙක ම.. සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ය.. දෙකම ගුණසේන ප්‍රකාශන ය. දෙක ම පරිවර්තන ය. එකක්.. Thambaya Takes a ride ය. අනෙක The Seven Lives ය.
කට්ටිය ම පොත් පෙරලද්දි.. අලුත් පොත් නැති මං ගැන මට දුක සිතුණා වගේ ය.. ඉතිං මං ඊයේ ප්‍රශ්න දෙකක් ඇහුවේ ඒකය.
ඒ..
පොත් බලන්නෙ හොඳ මිනිස්සු ද?
පොත් බලන මිනිස්සු හොඳ ද?
කියා ය..
ඒකට උත්තර දීපු හුඟක් ඈයො කීවේ.. පොත් බලන එකෙයි.. හොඳ කමෙයි.. ඒ හැටි සම්බන්ධයක් නැති බව ය. ඒත් මූණු පොතේ ශෙයාර් වන පෝස්ටු වලින් එහෙම බවක් පේනවා අඩු ය.
එක් කෙනෙක්.. තමන් ගත්තු පොත් ගැන.. ඩිස්කවුන්ට් ගැන.. ගිය වියදම ගැන.. ලොකුවැයින් පොර ටෝක් දෙන අතරෙ.. කමෙන්ටු .. වලට එසැණින් පිළිතුරු දීලා තිබුණෙ පොත් ගැන තිබුණු උනන්දුව ට ම වෙන්ටෝනෑ ය.. ඒත් එක කොමෙන්ටුවකින්.. ඒ කොමෙන්ටු සැෂන් එක නිමා වෙලා තිබුණේ පුදුම විදිහට ය.. ඒ කොමෙන්ටුවෙන් අහලා තිබුණෙ ප්‍රශ්නයක් ය..
ඒ..
ඔයා කියවලා ඉවර වෙලා ඔය පොත් ටික අපටත් කියවන්ට ශෙයාර් කරගන්න කැමතිද?
කියා ය...
කොහොමින් කොහොම හරි.. අද මට මතක් උනේ.. අත නොතියපු පොත්.. අට්ටියක් මා සතුව ත් තියෙන වග ය. ඒක දිග කතාවක් ය.. ඒත් ඒක මගේ වරදකින් ම මට ලැබුණු තෑග්ගක් නිසා.. කියන්ට ම ඕනෑ ය..
මීට අවුරුද්දකට විතර (සමහර විට ඊටත් වැඩිය ඇති ය) ඉස්සර සඳස් කවි මඩුව කියලා කවි තරඟයක් තිබුණේ.. Jani Wasanthi සොයුරිය ගේ මූලිකත්වයෙන් ය..
ඔන්න ඒකෙ.. මාත්.. විනිසුරුවෙක් විදිහට උන්නා ය. ඉතිං.. අපි එක දෙක තුන එහෙමත් තේරුවා ය. ජානි ට.. ඕනෑ උනේ.. කට්ටියට.. ග්‍රෑන්ඩ් තෑගි ටිකක් .. හෙවත් පොත් ටිකක් දෙන්ට ය. ජානි හිටියේ නොරට නිසා.. ඒ කෙරුවාවත් මට බාර උනේ.. අපි දෙන්නගෙ ඇති උනු පිට් එක එතරම්ම වූ නිසාටත් වඩා.. එහෙං කියද්දි මෙහෙං බාර ගත්තු නිසා ය.
ජානි පොත් ටික ගන්ට මට සල්ලිත් එවුවා ය. ඒ රුපියල් වලිං ම දහ දාහක් ය.. විවේකෙ කොච්චර අඩු උනත්.. මාත් සරසවියට.. විජිත යාපා එකට.. එහෙම ගිහිං.. හොඳවැයිං පොත් ටිකක් ගත්තේ.. කස්ටියට දෙන්ට හිතාන ය.. රුපියල් තුන්දාහකට ටිකක් අඩුවෙන් වියදම යන්ට ඇති ය. තවත් පොත් ටිකක් ගන්ට තිබුණත් ඒ ටික ගන්ට ඉස්පාසුවක් ආවේ ම නැති ය. ඒ අතර සහතික පතක් ද ගහන්නට හිතා.. ඒකක් ද අමාරුවෙන් මං විහින් ම ඩිසයින් කළේ ඇඟේ අමාරුවට නොවේ ය. අන්තිමේ කාලය වේගයෙන් ගියේ ය. ජානි මාත් එක්ක තිබ්බ පිට් එකට මොනා උනාද දන්නේ නැති ය. ඇගේ දහදාහට මං කෙලියා කියා හිතුවාද දන්නෙත් නැති ය. එක් දිනක පමාව ට සමාවත් ඉල්ලාගෙන ඉතුරු කොටහ කරන්නට සැරසෙද්දි ජානි කිවුවෙ දැං වැඩක් නෑ කියා ය.
මගේ ඔළුවට පොල්ලෙන් ගැහුවා නම් ඊට වඩා සැප ය. එහෙනං ඉතිං.. එකවුන්ට් නොම්මරේ දෙන්ට මං සල්ලි ටික දාන්නම් කියා මං කීවේ වෙන කියන්ට දෙයක් නැති නිසා ය. ඊටත් කාලයකට පසු.. දැන් මාස කීපයකට පෙර.. මට එකවුන්ට් නොම්මරයක් ඇය දුන්නා ය. මගේ බිරිඳ ට කියා.. දහදාහම තැන්පත් කළේ.. ඒ සල්ලි දෙනකං මට ඉස්පාසුවක් නොතිබුණු නිසා ය. සල්ලි දාලා .. දාපු බව කිවුවම.. ජානි කිවුවේ.. ඒ සල්ලි දුන්නේ.. මූණු පොතේ .. මොකද්ද සත්කාර්යයකට බව ය.. ඒ පාර.. මට දැනුණේ මගේ ඔලුව උඩිං ටැක්ටරයක් ගියා වගේ ය.
බැරි මඟුල් බාර ගන්නවාටත්.. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නවාටත්.. මේවා හොඳ පාඩං ය..ඒත්..අන්තිමේ එක හොඳක් උනේ ය..
එදා ගත්තු පොත් ටික මගේ ය. ඒ ටික මට අගේ ය.. දැං.. ඒ ලිස්ට් එක මට දැම්මෑකි ය.