Tuesday, December 1, 2015

අලුත් බ්ලොග් එකක් සාදා ගැනීම ! Create a new blog in blogger

කවි, කතන්දර හෝ වෙනත් ලේඛන ලිවීම සඳහා මෙන්ම තමන් ලියූ දෑ ආරක්ෂිතව තබා ගැනීමට ඇති අපූරු තැනකි බ්ලොග්(Blog).
මෙහිදී බ්ලොග් එකක් සාදා ගැනීම යන කරුණ තවමත් නුහුරු අය වෙනුවෙන් මේ ලිපිය ලියන්නට සිතුවෙමි.

බ්ලොග් භාවිතය හා සබැඳි වචන කිහිපයක් මුලින් ම හඳුනාගනිමු. 

Blog :  Web Log යන වදන කෙටි නාමය Blog වන අතර මෙය තොරතුරු සටහන් කළ හැකි වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක.
Blog Post : බ්ලොග් ලිපිය/සටහන
Blogger: බ්ලොග් සටහන් කරුවා
Layout/Template: බ්ලොග් එකේ සැකැසුම
Widget/Gadget: බ්ලොග් එක තුළ පිංතූර, සටහන් හෝ වෙනත් කිසියම් පහසුකමක් සපයන අයිතමයකි.

බ්ලොග් පහසුකම නොමිලේ සපයන ප්‍රධාන තරඟකරුවන් වන්නේ Wordpress (වර්ඩ්ප්‍රෙස්) සහ Blogger (බ්ලොගර්) යන ආයතන වේ. පළමුව බ්ලොග් එක සෑදීම සඳහා ඔබ තෝරාගන්නේ Wordpress ද නැත්නම් Blogger ද කියා තීරණය කළ යුතුය.

ඔබේ තේරීම බ්ලොගර්(Blogger)  නම්..
  • ගූගල් හා සම්බන්ධ යෙදුමක් ලෙස භාවිත වන බ්ලොගර් සම්පූර්ණයෙන්ම නොමිලේ අපට ලැබෙන පහසුකමකි. මේ සඳහා මූලික වශයෙන් ගූගල් ගිණුමක් අවශ්‍ය වේ. ඔබ gmail ගිණුමක් හිමි අයෙක් නම් නිරායාසයෙන්ම ඔබට ගූගල් ගිණුමක් හිමි වනු ඇත. 
  • ඔබගේ Web Browser එකේ URL Box එක හෙවත් Address Bar එකේ.. blogger.com ලෙස ඇතුලත් කරන්න.. ඔබගේ මුරපදය (password) යොදා ගිණුමට ඇතුළු වන්න. ඊළඟට මතු වන තිරයේ, DisplayName යටතේ.. ලිපි වල ඔබගේ නම දිස්විය යුතු ආකාරයට සටහන් කරන්න. 
  • දැන් Create a new blog තිරය මතු වූ පසු.. එහි Title ඉදිරියෙන් ඔබගේ blog එකේ නම සටහන් කරන්න. Address කොටුවෙහි බ්ලොග් එකෙහි ඇඩ්‍රස් එක (ඔබ ගේ බ්ලොගය goodauther යැයි සිතුවොත්.. එය goodauther.blogspot.com ලෙස සටහන් කරන්න. දැන් ඔබ කැමති Template Design එකක් තෝරාගත යුතුය.. (අවශ්‍ය නම් පසුව වෙනස් කරගැනීමේ හැකියාව ඇත.) 
  • දැන් ඔබගේ බ්ලොගය සාදා අවසන්ය. New Post බොත්තම එබීමෙන් ඔබට ඔබගේ වැඩ කටයුතු ආරම්භ කළ හැක. 

එහෙත් ඊට පෙර කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරමු. 

වම් පස කෙළවරෙහි ඇති Tabs අතරින් Settings Tab එකත් එහි Basic ටැබ් එකත් තෝරාගන්න.

  • Blog Title එක අවැසි නම් වෙනස් කරන්න
  • කෙටි විස්තරයක් Description කොටුවෙහි ලියන්න
  • HTTPS Settings : බ්ලොගර් විසින් ලබා දුන් ඩොමේනයක් හැර වෙනත් ඩොමේනයක් භාවිත කරන්නේ නම් මෙම පහසුකම හිමි නොවේ.. බ්ලොගර් ඩොමේනයක් භාවිත කරනවා නම්.. මෙය Yes කියා තෝරන්න..
  • Permissions යටතේ.. බ්ලොග් එක සඳහා කර්තෲන් එක් කර ගත හැකි අතර කියවන්නේ Public නම් සියළු දෙනා දැක්වෙන අතර අවැසි නම් නම් කළ කිහිප දෙනෙකුට පමණක් වුවද කියැවිය හැකි ලෙස සකසා ගත හැක.  
  • දැන් ඔබ ගේ Basic Settings ටික Save කර ගන්න.
Posts and Comments ටැබ් එක තෝරන්න
  • ඔබගේ ලිපි වලට ප්‍රතිචාර (Comments) දැමිය හැක්කේ කාටදැයි තෝරන්න..(Anyone තේරීමෙන් එය හැමෝටම කළ හැකි වනු ඇත. )
  • Moderate මඟින්.. ප්‍රතිචාර පාලනය කළ හැකි නමුත්.. එය ප්‍රතිචාර දක්වන්නන්ව අසීරුතාවට පත් කළ හැකි නිසා.. Never යන්න තේරීම සුදුසුය. 
  • Show word verification : ස්පෑම් ප්‍රතිචාර වළක්වා ගැනීමට ඇති මෙම පහසුකම භාවිතා කිරීම නිසා පාඨකයින් අපහසුතාවට පත්වන නිසා... මෙය ද අක්‍රීය කර තැබීම සුදුසුය. 
  • දැන් මේ Settings ටිකත් Save කර ගන්න.
Layout ටැබ් එක තෝරන්න
  • About Me ගැජට් එක මඟින් ඔබ ගැන විස්තරයක් ඉදිරිපත් කළ හැක. Edit බොත්තම භාවිත කර අවශ්‍ය වෙනස් කම් සිදු කළ හැකි අතර.. අවශ්‍ය නම් මෙම ගැජට් එක ඉවත් කරන්නටද පුළුවන. 
  • මේ ආකාරයට Layout එකේ ඇති ගැජට් ඉවත් කිරීම මෙන්ම අලුත් ගැජට් ඇතුළත් කිරීම ද සිදු කළ හැක. 
  • දැන් මේ Settings ටිකත් Save කර ගන්න.
දැන් ඔබට ඔබගේ මුල්ම ලිපිය ලියා පළ කළ හැක.
  • New Post බොත්තම එබීමෙන් නව ලිපිය සඳහා තිරයක් ලැබේ
  • Post කොටුව තුළ.. පෝස්ටුවට අදාළ මාතෘකාව සටහන් කර පහළ විශාල කොටුව තුළ සටහන සටහන් කරන්න.. 
  • එහි තමාගේ සටහන මෙන්ම අවශ්‍ය පිංතූර, වීඩියෝ ආදිය ද ඇතුළත් කළ හැක. 
  • සටහන සම්පූර්ණ නම් Publish බොත්තම එබීමෙන්.. ඔබගේ නව ලිපිය.. අන්තර්ජාලය හා මුසු කළ හැක.. 
  • සටහන අවැසි පරිදි Label කිරීම සහ Schedule කිරීම කළ හැකි අතර අවශ්‍ය නම් Publish නොකර නිම නොකළ සටහනක් (Draft එකක්)  ලෙස Save කර තැබිය හැක
පසු සටහන : Word Press බ්ලොගයක් සාදාගන්නා ආකාරය (අවශ්‍ය නම්) ඊළඟ ලිපියෙන් දැක්වීමට බලාපොරොත්තු වෙමි..


10 comments:

  1. වටිනා ලිපියක් නොදන්නා අයට බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. කෙනෙක් ඇහුවා.. ඉතිං තවත් අවැසි අය ඇතිනෙ කියලා හිතුවා.. බොහොම ස්තුතියි මචං.. ප්‍රතිචාරයට..

      Delete
    2. http://www.topsybur.com/2016/02/blogger-tips-blogger.html මේ පිලිබදව වැඩි විස්තර දැන ගන්න

      Delete
  2. වටිනා ලිපියක්.......

    අලුතෙන් බ්ලොග් ලියන්නට ඒන්නට හිතාගෙන ඉන්නා අයෙකුට ඉතා වැදගත්....

    ReplyDelete
  3. බොහොම වැදගත් අලුතෙන් බ්ලොග් ලියන්න ඉන්න එවුන්ට...

    ReplyDelete
  4. අන්න හොඳ උත්සහයක්. අපි පුළුවන් තරම් අළුතෙන් බ්ලොග් ලෝකයට පිවිසෙන අයට ඒ කටයුත්තට උදවු කරන්න ඕනේ.

    ReplyDelete
  5. මාතලං ලියුව ලිපි පෙලක් තියනව පට්ට සරල සිංහලෙන්

    ReplyDelete
  6. චතුර මල්ලි පටන් අරන් තියෙන්නෙත් කෙනෙක් අහපු නිසා... අද මමත් ඇහැව්වා ඒ බ්ලොග් එකක් පටන්ගන්නෙ කොහොමද කියලා... මෙන්න පිළිතුර... ස්තූතියි මල්ලී...
    විපුල
    මගේ පරණ... ඒත් මගේ යාලු දුකා මල්ලි හා ලිස්මාන් මල්ලි හදලා දුන්නු බ්ලොග් දෙකක් තියනවා. ඒකත් බලන්න... මං එව්වා මෙසෙන්ජර් හරහා...

    ReplyDelete
  7. ගොඩක් වටිනව ඔයාට ස්තුතියි

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..