Tuesday, January 26, 2016

ඔබ දනී..

            
මොහොතක් ලබා සෙනේ ඔය රුවන්හදවතින්
මැරුණත් කමක් නැතේ නොම මැරීඉමි හිතින්
අහසත් සිනා නොවී පිණි සලයිඇගෙ නෙතින්
මෙහෙයක් මටත් කියන් ඉටු කරන්නට ඉතින්
  
කල් යල් බලා එසැණින් කළ යුතුයිකරන දේ
දුල් නිල් වළා අතරත් සැඟව යයිඑළි සඳේ
බොල් ගල් තලා මතදිත් නොම දැනෙයිඇති තදේ
මල් මල් වෙලා වැදියන් වදින ගල් හෙම ළදේ
  
පාවෙන පුළුන් රොදක් ඉගිලුණත්වැසි සොයා
යාවෙන කැළුම් නෙතේ නිති රැඳෙයිදුර නොයා
ගෑවෙන දුරක් ළඟින් නොසිටියත්නිති ඔයා
නෑවෙන තරම් සෙනේ ඔබ දනීඔබෙ කියා
  

4 comments:

  1. වටින වචන සෙට් එකක් වාගේ..

    ReplyDelete
  2. කාලයකට කලින් ඔබ ලිපි කිහිපයක ලියා තිබුණු කවි පිළිබඳ විස්තර සහිත පොත මා මෙවර ලංකාවට ගිය වෙලේ අමාරුවෙන් හොයා ගත්තා.

    ස්තුතිියි.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..