Friday, May 27, 2016

බැරිදා විග්‍රහය! වාහන එක්ක කඩවුණු පොරොන්දුව

බලයට ඒමට ප්‍රථම.. ජනපතිවරණයේදිත්.. මහ මැතිවරණයේදීත්.. අපේක්ෂකයින් විසින්.. පොරොන්දු දුන්නේ තොග ගානටය.. ජනපතිවරණයේ දුන් පොරොන්දු වලින් නම් බොහොමයක් ඉටු කරන්නට දින සියයේ වැඩ පිළිවෙල හරහා හැකි විය.. (ඒවා ප්‍රායෝගිකව රටට ඔරොත්තු දෙනවා ද යන්න වෙනම කතාවකි). මහ මැතිවරණයේදී වූ පොරොන්දු ඉටු වෙනවා වෙනුවට දැන් වෙන්නේ.. තිබුණාටත් වඩා වැඩේ ගැස්සෙන තත්වයක් බව බැලූ බැල්මට පෙනෙයි.. ඒත් ජනතාව එජාප ආණ්ඩුවක් පිහිටුවන්නට වරමක් නොදුන් නිසා දැන් පවතින හවුල් ආණ්ඩුවෙන් එදා පොරොන්දු වූ දේ සහසුද්දෙන් ම ලැබේ යැයි අපේක්ෂාවක් ඇති කර ගැන්ම ද නුසුදුසු ය.

අද අලුත් ම ආරංචිය.. වාහන මිළ ඉහල යාම ය. එය මට එතරම් වැදගත් ප්‍රවෘත්තියක් නොවුණේ.. මෑත කාලයේ දී වාහනයක් මිළ දී ගැනීමට කිසිදු අදහසක් මා තුළ නොවූ නිසා ය. එහෙත් එවන් අපේක්ෂා තිබූ බොහෝ දෙනා දැඩි ලෙස විස්සෝපයට පත් ව තිබෙන අතර.. මුදල් ඇමති ගේ මවු දෙමවුපියන්ව සිහිකර පුණ්‍යානුමෝදනා කිරීම සුලභ ව දැකිය හැක.

රට ට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණය පාලනය කිරීම
ආනයන වියදම් අඩු කිරීම හරහා රුපියලේ අගය අවප්‍රමාණය වීම අවම කිරීම
ඉහළ බද්දක් අය කිරීම හරහා වැඩි බදු ආදායමක් ලබා ගැනීම
වැනි සාධනීය ලක්ෂණ මෙම සංශෝධනය හරහා දැකිය හැකි වුවත්.. වාහන සිහින බොඳ වන අයගේ වේදනාව මෙවැනි තර්ක හරහා සමනය වේයැයි සිතිය නොහැක..

ආණ්ඩුව ගෙන ඇත්තේ අසීරු තීරණයකි.. මෙතරම් වේදනාවක් විඳීමෙන් තෘප්තිමත් ප්‍රත්ඵලයක් ලැබෙනු ඇතිදැයි නැවත නැවතත් සිතිය යුතුය..

4 comments:

  1. Ape rate nokiyawu prdana prashnayak nam jack gaheemaya. Ape bus wala pirimi eka paththakath gehenu eka patthakat situweemen meya maga harawa gatha gatha heka.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම.. ජෝන් මහත්තයව ෆලෝ කරන කෙනෙක් වගේ..

      Delete
  2. ඒත් ජනතාව එජාප ආණ්ඩුවක් පිහිටුවන්නට වරමක් නොදුන් ///නිසා දැන් පවතින හවුල් ආණ්ඩුවෙන් එදා පොරොන්දු වූ දේ සහසුද්දෙන් ම ලැබේ යැයි අපේක්ෂාවක් ඇති කර ගැන්ම ද නුසුදුසු ය./////////

    යා දෙක නොරත රත
    සමග පෑසීමෙක් නැත

    අපි ටිකක් බලා ඉමු.

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතිං වෙන මක් කොරන්ටද? නේද? සම්පූර්ණ බලය දීලා.. මුං මෙහම කළා නං.. ආයෙ එන්ටම එපා කියලා පන්නන්ට තිබුණා.. ඒත් දැං .. එජාපෙටත්.. කිතුලට නැග්ග එකාට වගේ කියන්ට දෙයක් තියෙනවනෙ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..