Wednesday, March 8, 2017

වින්ඩෝස් 7 ශෙයාරින් වල පාස්වර්ඩ් ඕෆ් කරන්නෙ කොහොමද? How to off Password Protected Sharing in Windows 7

වැඩිය තාක්ෂණික ලිපි නොලියන මට තාක්ෂණික ලිපියක් ලියන්ට හිතුනෙ.. මට වෙච්චි අවශ්‍යතාවයකට පිළියම හොයාගත්තම අනිත් අයටත් ඕනෙ වෙයි කියලාත් මට වුණත් අනාගතේ දි ඕන වෙයි කියලාත් හැඟුන නිසා.. 

කාරණේ මේකයි.. අපේ ආයතනයට අලුතින් පරිගණකයක් ගත්තා.. ඒකට ස්ථාපනය කළේ.. Windows 7 කියන Operating System එක. අපට අවශ්‍ය වුණා.. හැම දෙනාටම වගේ අවශ්‍ය වන Files කිහිපයක් Folder එකකට දාලා Share කර ගන්න. ඉතිං දන්න ක්‍රමයට Folder එක Share කළාට.. වෙනත් පරිගණකයක ඉඳං ඒ Folder එකට ඇතුළු වෙන්න ගිහාම User Name එකක් සහ Password එකක් අහනවා.. මට මතක් වුණා මීට ටික කාලෙකට ඉස්සර මගේ ලැප් වහන්සේ ට Windows 7 දාලා තියෙන වෙලාවකත් ඔය විදිහෙ ප්‍රශ්නයක් ඇවිත්.. කොහෙ හරි සෙටිංස් වගයක් මාරු කරලා වැඩේ ගොඩ දාගත්තා කියලා.. ඒත් ඒ ක්‍රමේ එක පාරට මතක් වුණේ නෑ.. සෑහෙන වෙලාවක් ගත කළාට පස්සෙයි වැඩේ ගොඩ දාගත්තෙ.. මෙන්න මේකයි කරන්න තියෙන්නෙ..

1. යන්න Control Panel එකට
2. එතනින් යන්න  Network and Sharing Center එකට
3. එතන වම් පැත්තෙන් තෝරගන්න.. Change Advanced Sharing Settings.
4. එතන තිබෙන මාතෘකා වල පහලට යද්දී.. File and Printer Sharing යටතේ.. Turn on file and printer sharing යන්න තෝරා ඇත්දැයි බලන්න.. (මේක මගේ එකේ නං තෝරලයි තිබුණේ)
5. තවත් පහලට යද්දී.. Password Protected Sharing කියලා එකක් ඇති. ඒක on  වෙලයි ඇත්තෙ. off  කරලා දැම්මා නම් වැඩේ ඉවරයි..
6. දැං ඉතිං Save කරන්න..

හ්ම්.. පුංචි ලිපියක්..

2 comments:

  1. windows 7 වල Administrator password අයින් කරන්න ක්‍රමයක් එහෙම දන්නේ නැද්ද? ඒ කියන්නේ අපේ IT එකෙන් ලැප් එකක් දෙනකොට Administrator password එකක් දාලා තමයි දෙන්නේ. ඒ නිසා අපට සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරද්දි හැමවෙලාවෙම IT එකට කියලා, එහෙන කෙනෙක් ගෙන්නගෙන Administrator password එක දාන්න ඕන. මේක මාර වදයක්. මේක අයින් කරන්න ක්‍රමයක් එහෙම දන්නවද?

    ReplyDelete
    Replies
    1. මේක සමහර ආයතන වල.. පරිගණක ආරක්ෂා කරගැනීම සඳහා කරන වැඩක්.. ආයතනයක රෙගුලාසි වලට වැඩ කරන සේවකයො.. අකමැත්තෙන් වුණත්.. එකඟ වෙනවා නම් තමයි හොඳ.. ආයතනයේ පාලනාධිකාරයට කියලා..IT එකට තහනම් නියෝගයක් ගන්ට.. ඒ කිවුවෙ මේ නීතිය වෙනස් කරන්ටත් පුළුවනි..

      මට මතකයි XP භාවිත කරන කාලෙ.. ඔය ඇඩ්මින් පාස්වර්ඩ් එක කඩන්න ක්‍රම තුනක් ද කොහෙද අන්තර්ජාලෙ පැතිරුණා.. මේකටත් එහෙම ක්‍රමයක් තියෙන්ටත් පුළුවනි.. ඒත් මම නම් දන්නෙ නෑ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..