Thursday, March 9, 2017

දේශපාලකයා හා අපේ දේශපාලනය..


දේශපාලකයා කී සැනින් අපගේ හිතට නැඟෙන්නේ ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු ආදියේ ඉන්න සහ ඒවාට තරඟ කරන.. සහ ඔවුනට කඩේ යන හාදයින් පිරිසයි.. මේ සියළු දෙනා සෘජුව හෝ වක්‍රව.. ඉහත කී ආයතන වලින් යැපෙන හෝ වාසි ප්‍රයෝජන ගන්නා පිරිස වෙති..

ඉහත කී පිරිස හැර ඉතිරිය ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහළ අගයක් ගන්නකි.. එහෙත් අප රටට පිරිසිදු දේශපාලනයක් නොහොත්.. පිරිසිදු දේශපාලකයන් පිරිසක් හඳුන්වා දීමේ අපහසුවක් පවතින්නේ කිම.. ?

මේ පැනය මා සිතේ නැඟුනු වාර ඉමහත්ය.. එහි ප්‍රධාන වරද ජනතාව හෙවත්.. ඉහත කී දේශපාලකයන් නොවන අයගේ තකතීරු කම හා නොහික්මුණු කමයි.. දේශපාලකයන්ගේ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ.. රජයේ නිලධාරීන් හරහා ය. දේශපාලකයා රජයේ නිලධාරියාව මිටින් අල්වා සිටින විට උන් දේශපාලකයාට ගොට්ට අල්ලයි.. දේශපාලකයා එසේ නොකර තම බැමි ලිහිල් කළ විට.. නිලධාරියා ජනතාව මිටින් අල්වා.. දූෂණ ක්‍රියා සිදු කරයි.. ජනතාව එක්කෝ දේශපාලන ගැත්තන්ට.. නැතිනම්.. නිලධාරී ගැත්තන්ට.. පගාව දී වැඩ කරගන්නට පුරුදුව සිටිති..

මා හට ද මේ ආකාරයෙන් පගා දෙන්නට හෝ දේශපාලකයන් පස්සේ යන්නට අවස්ථා කීපයක් ජීවිතයේ උදා වී තිබේ.. ඉන් පළමුවැන්න.. රැකියාවයි.. එහිදී.. ඉහත කී කාරණා දෙකට ම මවු පියන් විසින් උත්සාහයක් ගත් නමුත්.. වාසනාව තිබුණෙන්.. මගේ රැකියාව මගේ හැකියාවෙන් ම උපයා ගැනීමට මට හැකි විය.. ඊළඟ ගැටලුව ආවේ.. මගේ දරුවන් පාසැල් යවන්නටය.. මාගේ බිරිඳගේ එකඟතාවය ද ලැබුණෙන්.. දේශපාලකයන්ගේ හෝ දූෂිත නිලධාරීන්ගේ පසු පස නොයා පුද්ගලික පාසැල් වලට දරුවන් ඇතුළත් කළ හැකි විය. දේශපාලකයන් ඉදිරියේ මඳකට වත් හිස නොනමන්නට තරම් ගර්වයක් මා සිත තුළ පවතින්නේ එනිසාය..

මගේ දේශපාලනය නම්.. රටේ පවතින කවර හෝ අසාධාරණයක් වැරදියි කියා දැකීමයි.. කවර හෝ හොඳක් හොඳයි කියා දැකීමයි..

ඔබ අතින් .. මීට පෙර.. ඉහත කී ආකාරයේ වැරදි සිදු වී තිබෙන්නට පුළුවන.. ඉදිරියටවත්.. මොවුනට ගොට්ට නො අල්ලා.. පගාව නොදී ඉන්නට හැකි නම්.. ඔබ දූෂිත ක්‍රමයට විරුද්ධව නිහඬ සටනක නිරත වූ බව හඟිමි..

4 comments:

  1. මම දේශපාලන විද්‍යාව ඉගැන්නුව වටගෙදර සර් දේශපාලකයා කියන කියන වචනේ කිව්වේ දේශ + පාළකයා කියන සද්දෙන් ..

    ReplyDelete
    Replies
    1. දේශ පාලුවා කියලයි කියන්ට තිබ්බෙ..

      Delete
  2. මමත් පාසල් සමයෙ දේශපාලනය විෂයක් ලෙස උගත්තෙ නීතිවේදි වටගෙදර සර්ගෙන්... ඔහු වෙනස්ම මතයක සිටයි ඉගැන්වීම කලේ

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..