Thursday, December 14, 2017

සතුටින් යන්න

ඔබ ඇත සයනක වැතිරී දුක සේ
දිනයක යනු ඇත අතහැර නිසි සේ
කලකදි වින්දත් සැප හැම රිසි සේ
දුරකය එම දේ ඇති හුදු මනසේ

හැම දෙයකට නිසි කල එළඹෙනවා
ඔබ මා වෙන් වන දිනකුදු එනවා
මැවි මැවි පෙනෙනා මතකය පිනවා
සමු ගන්නෙද කෙලෙසක සිත දනවා

පැරදුමකුයි හදවතට දැනෙන්නේ
මම ඇයි යන ඔබ මෙහි නවතන්නේ
වැඩකට නොවැ මෙහි එන්නේ යන්නේ
එයටනෙ ජීවිතයයි පැවසෙන්නේ

යන තැනකට ඔබ සතුටින් යන්න
එහි ඇති බොහො අය ඔබ පිළිගන්න
අප ගැන තව වැඩි දුර නොසිතන්න
බැරි නැත ළඟදිම යළි හමුවෙන්න

2 comments:

  1. පළමු වතාවට මේ පැත්තට ආවේ.. සුන්දර කවියක්

    ReplyDelete
    Replies
    1. ඔබට බෙහෙවින් ස්තුතියි.. මෙහි ආවාටත්.. කවි පංතිය කියෙවුවාටත්.. අගය කළාටත්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..