Sunday, February 25, 2018

කඩමාල්ල

ඉර ට කළින් මුළුතැන්ගෙයි වැඩ අල්ලද්දී නුඹ
පරණ ගවුං කඩමල්ලක් ඇන්දෙත් මොහොතක් සිඹ
ඒ සුවඳේ මොන අඩුවද සිතමින් හුස්මක් පිඹ
වළා සිනාවක් දිසි තද හිරු රැස් අතරින් නුබ

පුංචි කාලෙ අපේ කඳුළු හා කුණු දහඩිය පවා
හිත් රිදුණම නුඹ දෙනෙතින් වැගිරුණු මුතුවැල් පවා
එළවලු, මස්, බිත්තර හා දෙහි, ලුණු, තුනපහ පවා
ගවුමේ තව තිබුණා අප බිවු කිරි වල රහ පවා

අවුරුද්දට අලුත් ගවුම් මං අරගෙන දෙන්නම්
ඒ ඇඳගෙන වන්දනාවෙ එක්කරගෙන යන්නම්
ආදරයෙන් අම්මේ එක වරයක් ඉල්ලන්නම්
පරණ ගවුම හැඳ එනු එහි හිස සතපන් ඉන්නම්

5 comments:

  1. තාම අම්මව දකින්න ගොඩක් මිනිස්සු කැමති මේ විදිහට ද, පව් ඒ ගැහැනිය.. ආදරයේ නාමයෙන් අපා දුක් විඳින.. තව පිරිසක් ඇයගේ ශ්‍රමයෙන් සුර සැප විඳින හැටි තව කොයි කාලයක මිනිස්සු ලියාවි ද..

    ReplyDelete
    Replies
    1. ආදරයේ නාමයෙන් අපා දුක් .. සුර සැප තරම් සතුටකින් ඈ විඳින්නේ.. නිර්මාණයක්.. විවිධ අය විවිධ අයුරින් දැකීම මනරම් දෙයක්.. ඔබ මේ නිර්මාණය දුටු ආකාරය ගැන කිසියම් පුදුමයක් දැනුණත්.. නානත්ත කායා.. නානත්ත සඥ්ඥා කියන්නෙ නිකම් නෙවෙයි නෙ.. බොහොම ස්තුතියි අදහසට..පුළුවන්නම්.. තව ටිකක් නිර්මාණ වල ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න..

      Delete
  2. සුවඳ දැනුනා
    මෑතක ම වගේ
    පද මුතු පහළ පෙලේ
    ලොකුවී බොඳව පෙනේ

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..