Friday, December 8, 2017

බයිට් වූ කලා කරුවෝ..

ටික කලකට පෙර එක්තරා රූපවාහිනී නාලිකාවක තිබුණු එක්තරා වැඩසටහනකින් සිදු කළේ.. කලාකරුවන් වෙත අහඹු ලෙස කඩා පැන.. ඔවුන් නොසිතූ නොපැතූ දේවල් සිදු කර.. ඔවුන්ගේ ප්‍රතිචාර වලට සිනා වීමයි.. ප්‍රෑන්ක් යනුවෙන් අන්තර්ජාලයේ එවැනි දෑ ඇති තරම් ඇත. කෙසේ වෙතත්.. මෙහිදී කලාකරුවා නොදැනම .. නොමිලේ ම බයිට් වේ.. මෙයට එරෙහිව නැඟී සිටියේ දක්ෂතම ප්‍රහසන නළුවෙකු වන මිහිර සිරිතිලකයි.. නොමිලේ බයිට් විය නොහැකි බව ඔහු කියා සිටියේ ය..

මට මෙය මතක් වූයේ ඊයේ පෙරේදා කරලියට පැමිණ ඇති.. පිංපොං ඇතුළු නඩයේ රණවිරු කතන්දරය නිසාය.. ඇත්තෙන්ම මේකත් බයිට් වීම පිළිබඳ කතන්දරයකි.. අද කාලයේ කලාකරුවෝ.. නොමිලේ බයිට් වීමට කැමති නැත. 
පිං පොං ඇතුළු නඩය ට ගෙවන්නට ඇත්තේ ඒ බයිට් වීම උදෙසා ය. මට ඒ සමඟ පැන කිහිපයක් මතුවේ..
ජැක්සන්ලා වැනි අයට ගෙවුවේ කෙසේ ද?
නොගෙවුවා නම් ඔවුන් නොමිලේ ම බයිට් වුණා ද?
ඔවුන් බයිට් වු බව ඔවුන් නොදැන සිටියා ද?

යනු ඒවාය.
කොහොම වුණත්.. උන් පවු ය..මුදලට හෝ නිකම්ම ඔවුහු බයිට් වූහ.. අපි ඊටත් පවුය.. මන්ද උන්ට ගෙවා ඇත්තේ අපේ මුදලිනි..

3 comments:

  1. ඔය ප්‍රෑන්ක් කාරයා අහු උනොත් නං මාත් නෙලනවා..

    ReplyDelete
  2. පිංපොං ඇතුළු නඩයේ රණවිරු කතන්දරය නිසාය..
    මොකක්ද බන් එ කතාව, දහන්කෝ ලින්ක් එකක් අපිට බලන්නත් එක්ක

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..