ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය වෙනුවෙනි..
වහ වහා තමන්ගේ වැඩකටයුතු නිමා කරන අම්මා ඇදෙන්නේ සාලයේ මුල්ලක තබා ඇති රේඩියෝව වෙතටය.. දැන් සෑහෙන දවසක සිට අම්මාගේ ක්‍රියා පටිපාටිය සෑහෙන්න වෙනස් වී ඇත..
පහු වුණු කාලේ කොයිතරම් සිල් ගන්ට ගියත්.. කවුරු හෝ සිල් ඇත්තියක් පවසන සාස්තර කරුවෙකු, යන්තර-මන්තර ගුරුකම් කරන කපුවෙකු වෙත යාමට ඇයට සිත් වේ.. තමාගේ දරුවෝ හම්බ කරන මුදල් මදියැයි ඇයට සිතෙයි.. ගුරුකමක් කරගත්තොත් සියල්ල හරියනු ඇතැයි ඇය සිතුවාය.. මාගේ දැඩි අකැමැත්ත නිසා ඇතැම් ව්ට පසුබෑව ද, විටින් විට උපාසකම්මලා ගෙන එන ආරංචි නිසා හිතේ සැනසීම නැති කරගත්තාය..
වාසනාවකට මෙන් දැන් ඇය සිල් ගන්නට, භාවනා පුරුදු වෙන්නට යන්නේ හේමාලෝක හාමුදුරුවෝ ලඟටය... උන්නාන්සේ දේශනා කරන බොහෝ කරුණු ඉතා අවබෝධයෙන් ඉදිරිපත් කරන නිසා දෝ.., ඉතා ප්‍රායෝගිකය.. මගේ වැටහීමට අනුව බොහෝ සෙයින් නිවැරදිය.. ඇතැම් විටෙක හාස්‍යයත්, ඇතැම් විටක රළු ගතියත් බොහෝ විට ශාන්ත බවත් මුසු කරමින් කරන දේශනා වලට ඇහුම්කන් දීම ද මහත් සේ ප්‍රිය උපදවයි..
රාත්‍රී නවය වෙද්දී රේඩියෝව ළඟට ඈ එන්නේ හේමාලෝක හාමුදුරුවන්ගේ බණ අහන්නටය... පුතේ මේ සුදු මහත්තයා කරකවලා... මීටරේ වෙනස් වෙලා.. මගේ පුංචි පුතා ගේ වැඩ.. මම වහා ගොස් එෆ්. එම්. චැනලය අල්ලා දෙමි..
දරුවනේ.. අම්මලාට, තාත්තලාට දෙන්න පුළුවං උතුම්ම තෑග්ග මොකද්ද?
ඉහලට ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරලා ලොකු සල්ලිකාරයෙක් වෙන එකද? සක්විති රජ වෙන එකද? හැම අම්මම, හැම තාත්තම හිතන්නෙ තමන්ගෙ පුතා සක්විති රජෙක් කරන්ට නේ..
නෑ පිංවතුනි.. උතුම්ම තෑග්ග..
නිර්වාණ මාර්ගයට යන එක.. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙන එක..අම්මා තාත්තවත් මිථ්‍යා දෘෂ්ඨියෙන් මුදවලා නිර්වාණ මාර්ගයට යොමු කරන එක..
මගේ සිතට සතුටක් දැනෙයි.. මං හම්බකරන මුදල මදියැයි සිතා අම්මාත් අප්පච්චිත් ඉන්නේ මහත් කණස්සල්ලෙන් බව මම දැන සිටියෙමි.. දැං වත් ඔවුන් තේරුම් ගන්නවා නම්..
අම්මෙ තාත්තෙ... තමන්ගෙ දරුවාට දෙන්න පුළුවං උතුම්ම දායාදය මොකද්ද?
ලොකු රස්සාවක් කරන ලොකු මහත්තයෙක් කරන එකද? ලොකු ඩවුරියක් එක්ක මනමාලියෙක්ව බන්දලා දෙන එකද? ජීවත් වෙන කාලයටම කිසි මහන්සියක් නොවී කාලා බීලා ඉන්ට තරං ලොකු මුදලක් දරුවන්ට හරි හම්බ කරලා දෙන එකද? සක්විති රජෙක් කරවන එකද?
නෑ.. නිර්වාණ මාර්ගයට යොමු කරවන එක...මිථ්‍යා දෘෂ්ඨියෙන් මුදවන එක.. ගුණ ධර්ම කියලා දෙන එක.. ඒක තමයි උතුම්ම තෑග්ග..
අපි ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ.. මට ඉබේම සුසුමක් පිටවුණා.. අවුරුදු තුනේ ඉඳං මොන්ටිසෝරි යවලා, එලකියුෂන් පංති යවලා ඉගැන්නුවාට.. ගුණ ධර්ම උගන්නන්ට අපි දරලා තියෙන උත්සාහය මදි නේද?
ගෙදර ආපු වෙලාවෙ ඉඳං ගෙදර උන්දැගෙ කං කෙඳිරිය මට මතක් වුණා.. බලන්න තවම මේ ළමයාට "G" අකුර ලියා ගන්ට බෑ නොවැ.. මේ ළමයා අර ප්‍රශ්න පත්තර වලට උත්තර ලියලා තියෙන හැටි දැක්කම මට දුක හිතෙනවා.. බලන්නකෝ අනිත් ළමයි.. දුලාරි අක්කගෙ දුවත් මේ වයස.. එයාට දැන් අකුරු දෙකේ, තුනේ වචන ලියන්නත් පුළුවන් ලු.. මෙහාට එනවා.. කෙල්ලව කෙස් වැටියෙන් අල්ලාගෙන ගොස් අකුරු කරවන අපේ ගෙදර උන්දැව මට මැවී පෙනෙයි...
ඉස්සර අන්තිමට ගෙදර එන්නේ තාත්තා.. දැන් එක වසරෙ පොඩි එකා.. ඉස්කෝලෙන් පස්සෙ.. එළකියුෂන්, ශිෂ්‍යත්වෙ, ඉංග්‍රීසි.. පංති.. කෝ ඉස්සර තිබුණු ගුණධර්ම.... ඉස්සර අපි තාත්තා ආවහම.. කට්ටියම එකට එකතු වෙලා බුදුන් වැඳළා.. තිසරණ සහිත පඤ්ච ශීලය සමාදන් වෙනවා.. තාත්තලාට බැරිනම් අඩු ගානේ අම්මාවත් දරුවෝ ටික එකතු පහදු කරගෙන.. දන්නෙ එක ගාථාව නම්.. ඒක කියලා බුදුන් වඳින්න... ළමයින්ට ආදර්ශයෙන් පෙන්නන්න... ගුණධර්ම කියන්නෙ මේවායි... කියලා.. ගුණධර්ම කියන්නේ මොනවද? ශීලය.. ශීලය නැතුව නිවන් දකින්න පුළුවන්ද? බෑ නේද?
යළිත් දිගු සුසුමක් හෙළූ මා නැගිට ගියේ.. අරමුණක් ඇතිවදැයි මට මතක නැත....
====================================================
පුංචි දරුවන් දෙදෙනා මා සමඟ හුරතල් වෙයි.. මට මගේ දරුවන්ගේ තරුණ කාලය මැවී පෙනෙයි.. අනේ තව කී කාලයක් මාත් එක්ක මෙහෙම හුරතල් වෙයිද..? සිතේ ඇතිවෙන්නේ සියුම් ලෝභයක් බව මම දනිමි.. එහෙත් එය බොහෝ ආශ්වාදජනක සිතුවිල්ලක් නොවේදැයි මම සිතමි..
මගෙ පුතේ.. ඔයාලා තව ටික කාලයයි නේ මෙහෙම හුරතල් වෙන්නේ..
ඇයි..?
ඊට පස්සේ ඔයාලා ලොකු වෙනවනේ.. අප්පච්චිලා වයසට යනවා..
පුංචි එවුන් මදෙස අමුතු විදිහකට බලා හිඳී...
දැං අත්තම්මලා වගේ ද? අවසන පැනයක් අසයි..
ඔවු පුතේ..
එතකොට මයෙ පුතාලා.. අපට සලකනවද?
ඉතිං අප්පච්චිලා.. අත්තම්මලාට සලකනවායෑ..?
මගේ ඇඟ හීතල වී ගිය වගක් දැනුණි.. ඇයි මේ කෙල්ල මෙහෙම කියන්නේ..?
ඇයි පුතේ එහෙම කියන්නේ..?
ඉතිං අප්පච්චිට තේ හදලා දෙන්නෙත් අත්තම්මානේ..?
මගේ හිතට සැහැල්ලුවක් දැනුනේ දැන්ය..
පුතේ සලකනවා කියන්නේ තේ හදලා දෙන එකට විතරක්ම නෙවෙයි.. අනික අත්තම්මලා තවම තෙරුවන් සරණින් හොඳට ඉන්නවනේ.. ඉතිං අපි කරන්නේ.. ලෙඩ වුණාම බෙහෙත් අරං දෙන එක, පිං දහම් කරගන්න උදවු කරන එක, වගේ දේවල් විතරයි...
පොඩි එකාගෙ කතාවට එහෙම කිවුවට..
තවමත් අපි දෙමවුපියන්ට සලකනවාට වඩා.. දෙමාපියෝ අපට සලකනවා නේද? කියලා මං කල්පනා කළා.. ඒත් මේවා කොහොම පොඩි එවුන්ට තෝරලා දෙන්නද..?
ආයෙමත් සුසුමකින් ළය සැහැල්ලු කරගන්නවා ඇරෙන්න මට කරන්ට දෙයක් තිබුණෙ නෑ..
ටිකක් හිතන්න ඕන කරුණු කාරනා ටිකක්. ඇත්ත, අපේ ගෙදරත් තේක හදල ළඟට ගෙනත් දෙන්නෙත් අම්මා. එහෙමය කියල ඉතින් අපි තේ හදන්ටද, අම්මගෙන් බැනුම් අහන වැඩක්. අනෙක් ඔය අම්මල සාස්තර කාරයො, යන්තර-මන්තර ගුරුකම්කරන මිනිස්සු ළඟට හරි යන්නෙ තමන්ගෙ දරුවොන්ගෙ දියුණුව ගැන හිතල, ඒව නිකන් මිනිස්සු මුලාකරන වැඩ කියන එකවත් හිතන්න එයාලට ඉස්පාසුවක් නෑ.
ReplyDeleteහෙක්.. හෙක් ඉස්පාසුවක් නෑ නෙවෙයි මල්ලියෙ.. කඩතුරාවකින් වැහිලා..
Deleteඅපි 100%ක් සාධාරණ වෙන්න ඕන නෑ.. 100%ක් අවංක වෙන්න ඕන නෑ.. කියලා මතයක් දැං සමහරු පතුරුවනවා නේ.. ඒ වගේ මතවාදත් එක්ක මොකක් හරි ක්‍රමේකින් තමන් කැමති දේ කරවා ගන්ට අදකාලේ බොහෝ දෙනෙක් උත්සාහ කරනවා.. ඕවා ඉතිං එකපාර වෙනස් කරන්ට බෑ.. හැබැයි අපේ සමහර හාමුදුරුවරු මේ කඩතුරාව ඉරලා විසික්කරන්ඩ ගන්න මහන්සියට නං පිං සිද්ධ වෙන්ට ඕනෑ..
ම්ම්ම්..
ReplyDeleteමේ දවස්වල චතුර ලියන ඒවට හූ මිටි තියනවා ඇරෙන්න වෙන දෙයක් මට කියන්න හිතෙන්නෙ නෑ...
ඒ මොකද අප්පා ඒ..?
Deleteහිතන්න කාරණා ගොඩයි
ReplyDeleteඔවු.. අපි හිතමු..
Deleteමෙතන සමහර කාරණා ගැන නම් හුඟාක් හිතන්න දේවල් තියෙනවා කියලා හිතෙනවා අයියේ...
ReplyDeleteඔවු.. මං හිතන්නෙ... දෙමවුපියන්ට අපි සලකන තරම ඇතිද? දරුවන්ට ඉගැන්විය යුත් දේ අපි උගන්වනවා ද? කියන කාරනා තමයි මම ඉස්මතු කළේ..
Deleteහ්ම්ම්ම්..දෙයක් හිතන්න තියන ලිපියක්!
ReplyDeleteජය!
ස්තුති වේවා..!
Delete