කෑම ලෑස්තියි, කට්ටියම කන්න එන්න, සිත්මී, ආච්චි අම්මවත් එක්කරගෙන එන්න කන්න.
හද පතුල
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Tuesday, May 12, 2026
කෑම ලෑස්තියි!
කෑම ලෑස්තියි, කට්ටියම කන්න එන්න, සිත්මී, ආච්චි අම්මවත් එක්කරගෙන එන්න කන්න.
Monday, February 5, 2024
කරුමය ලංගම බස් එකක පැච් එකක් ලෙස හෝ පැමිණිය හැක
ඉස්කෝලෙ උසස්පෙළ කරන අවදියේ දි දවස ගානෙ දැක්කත් ලොකු මිත්‍රත්වයක් හෝ ආකර්ෂණයක් අපි අතර තිබුණේ නෑ. කොහොම හරි සීට් එකක් අල්ලගෙන නිදාගෙන යන මගේ නින්දට බාධා කරන දෙමළිච්චියො සැට් එකේ ඈත් හොඳ ප්‍රබල සාමාජිකාවක්.
ඊට පස්සෙ මං උසස්පෙළ දෙවැනි වරට ලියද්දි දවසක් මං ගිය බස් එකේ මගේ ළඟම සීට් එකේ ඉඳගෙන තොරතෝංචියක් නැතුව කියව කියවා ගිය නිසා ඈව චුට්ටක් පොදුවේ උන්නු කෙල්ලන්ට වඩා දැන හැඳිනගෙන තිබුණා .
ඒත් මේ සිද්ධිය වුණේ ඊටත් අවුරුදු 4කට විතර පස්සෙ . එදාත් සුපුරුදු පරිදි සීට් එකක වාඩි වෙලා යන්න ම ඕන කියලා හිතපු මම ඊළඟ බස් එක එන තුරු බස් ස්ටෑන්ඩ් එකේ හිටියා. ඒ වෙද්දි නවත්තලා තිබුණු බස් එකේ සෙනඟ පිරිලා හිටියේ සීට් ගානට ටිකක් වැඩියෙන් . බස් එකේ වාඩි වෙලා උන්නු ඈ මාව දැකලා කතා කළත්, මං කිවුවා මං ඊළඟ එකේ ඉඳගෙන ම එන්නම් කියලා.
එක පාරටම බස් එකේ රෝදෙක සූස් ගාලා හුලං ගියා . දැං ඔය සද්දෙ ඇහුණ අය ටික ටික බස් එකෙන් බහින්න පටං ගත්තා . එතකොට ම අහිංසක ඈ, හෑන්ඩ් බෑග් එක එහා සීට් එකේ තියලා, මට අඬගැහුවේ හරියට විශාල ජයග්‍රහණයක් ලබපු වීරයෙක් වගේ උද්දාමයෙන්. එතකොට වත් මට තේරුණේ නෑ මේ මට කෙළවෙන්නයි යන්නෙ කියලා . මං ඉතිං පැහැදිලි කරලා දුන්නා බස් එකේ හුලං බැස්ස බව.
ඊට පස්සෙ එයත් එක්කම ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකට යන්න මාත් තීරණය කළේ, ඉන්න සෙනඟ කැටියේ හැටියට ඊළඟ ලංගමෙත් මට ඉඳගන්ට නොලැබෙන එක සිකුරු නිසා . ඒ ගිහිං පෝලිමේ ඉඳලා ඉඳගන්නෙ නැතුව , අහුවුණු පළවෙනි බස් එකේ නැග්ගෙ , පෝලිමේ ඉඳලා ඉඳ ගත්තත්, නිදියගන්ට පොඩි චෑන්ස් එකක් වත් නොලැබෙන බව සිකුරු නිසා . ඉතිං අපි එදා අවිස්සාවේල්ලේ ඉඳලා නුගේගොඩට එනකම් ම කතා කර කර ආවා.
ඕන්නම් මාස තුනක් යන්න ඇති 2002 අද වගේ දවසක ඒ ප්‍රශ්නෙ මං ඇගෙන් ඇහුවා .
ඔන්න ඔහොමයි ඉතිං කරුමය ලංගම බස් එකක පැච් එකක් ලෙස හෝ පැමිණිය හැක කියන කියමන හැදුණේ.
Saturday, December 31, 2022
2022 ත් ඉවරයි!
මීට අවුරුදු ගණනාවක ඉඳං රටේ දිනෙන් දින ජරා ජීර්ණ වූ දේශපාලන හා ආර්ථික යාන්ත්‍රණය නිසා ගහෙන් වැටී සිටි ජනතාවට, කොරෝනා මෙන්ම මහින්ද, ගෝඨාභය හා බැසිල් ඇතුළු රාජපක්ෂ රෙජිමය එක්වී ක්‍රි.ව. 2019 දෙසැම්බරයේ සිට ම පමණ ඉක්මවා ලබා දුන් ප්‍රභල විරේක බෙහෙත් නිසා ජනතාව ෆුල් මාවලස් තත්වයක සිටි අතර, මෙම වසරේ මාර්තු පමණ වන විට තත්වය වඩාත් උග්‍ර වූයේ රට පුරා, ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් මෙන්ම පැය 10-12 විදුලිය කැපීම් ද පටන් ගත් නිසා ය. ඇත්තෙන්ම සිදු වූයේ අඬන්නට බලා සිටි අහිංසක ජනතාවගේ ඇහැට එළිපිට ම රාජපක්ෂලා ඇඟිල්ලෙන් එක දිගටම ඇනීමේ ප්‍රථිඵලයක්ය.
රසායනික පොහොර තහනම, හිතුමතේ මුදල් අච්චු ගැසීම, හොරකම් යට ගැසීම, මිනීමරුවන් නිදහස් කරගැනීම, සත්‍ය කතාකරන්නන් සිරගත කිරීම වැනි බොහොමයක් කරුණු නිසා දැඩි සිත්තැවුලට පත්ව සිටි මිනිසුන්ගේ ආවේග එළියට ආවේ ඉන් පසු ය. කබ්‍රාල් මහබැංකු අධිපති, බැසිල් මුදල් ඇමති, මහින්ද අගමැති පමණක් නොව ගෝඨාභය ජනපති ද එළවා මිසක ජනතාව අරගලය අතහැරියේ නැත. එහෙත් සටනේ බලාපොරොත්තු අහිමි කරමින් තව දුරටත් හොරු රකින - බොරු කරන සිස්ටම් එක පවත්වා ගෙන යාමට පොහොට්ටු පක්ෂයේ සහායෙන් අටවන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්විය. කවුරු කොහොම කිවුවත් ඔහු මේ සිස්ටම් එකේ වඩාත්ම ජනතාව ප්‍රතික්ෂේප කළ කරුණු යම් පමණකට සංසිඳවමින් ද, තම ඥාතීන් වූ රාජපක්ෂලාට අගතියක් වන එක වළක්වමින්ද, අවුරුදු ගණනක් කෙළ හල හලා සිටි ජනපති පුටුව මහත් සතුටින් වැළඳගමින් ද තනි මන්ත්‍රී අසුනක් සතු එජාපය නියෝජනය කරමින් ගෝඨාභයගේ ඉතිරි වසර දෙක හමාරක පමණ ධූරකාලයට වග කියන්නට පටන් ගත්තේය.
රනිල් ඒමට පෙර බන්කොලොත් වූ රට තවමත් එහෙමය. නමුත් ගෑස් ටික, ඉන්ධන ටික, විදුලිය ආදිය නොමැතිව මිනිස්සුන් විඳි ප්‍රභලම ගැටළු ටික යම් මට්ටමකට පාලනය කළ ආකාරය සමස්ථයක් ලෙස ප්‍රශංසනීය ය. එහෙත් මේ හුදු කල් මැරීමක් මිස හැබෑ විසඳුමක් නොවන බව ජනතාව තේරුම් නොගන්නා නිසා, බැණ බැණ හෝ සියල්ල ඉවසීමට ජනතාව දැනට තීරණය කර ඇත.
ඒ අතර ව්‍යාපාරිකයන්ගෙන් හා ලක්ෂයට වැඩි වැටුප් ලබන්නන්ගෙන් දරුණු ලෙස බදු අය කර ගැනීමටත් විදුලිය හා ජලය සඳහා දැවැන්ත මිළ (ඉහළ යාමේ) සංශෝධන ඇතුළත් කර රනිල් රජය ජනතාවගේ බොටුව තදින් ම මිරිකා ඇත.
2020, 2021 වසර වල දැඩි ලෙස අකර්මණ්ය වූ ව්‍යාපාර යන්තම් ඔළුව උස්සන්නට හදන විට රනිල් දෝත බදලා තඩි පොල්ලකින් බෙල්ලටම ගසන්නට සැරසේ.
2023 තත්වය වඩාත් අසීරු වීමට නියමිත බව පෙනෙන අතර එය එසේ නොවී ජනතාවට සුබසිද්ධිය උදාවේවායි ආදරයෙන් ප්‍රාර්ථනා කරමි. ඔබ හැමට ලබන්නා වූ නව වසර සුබ නව වසරක් වේවා!
Sunday, December 18, 2022
සීමොන් අයියගෙ කකුළුවො ඇල්ලිල්ල.
මුලු අවුරුද්දටම එකම එක පෝස්ටුවයි. බ්ලොග් එක අතෑරිලා ම ගියා වගේ. එහෙම කරලත් බෑ නෙව. ආයෙමත් ලියන්න ඕන කියලා ගැම්මක් ආවා. නිම්මානරතිය කියන මුහුණුපොත් සමූහයේ මං ලියා පළ කරපු කතාවක් බ්ලොග් එකේ අලවලා වැඩේ පටං ගන්ට හිතුවා. ලොකු රසයක් නම් නෑ. විනෝදයට ලිවුවෙ. ඔය එක එක ප්‍රදේශ වල ඈයො එහෙම ටිපර් වෙනවා නෙවෙයි ඈ.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඔන්න එකෝමත් එක කාලයක දඹදිව, බඹදත් කියලා රජ්ජුරු කෙනෙක් විසින් පාලනය කරද්දි, ශ්රි ලඬ්කාද්වීපයෙහි මීගොං පුරවරයේ සිද්ධ වෙච්ච බොහොම භයානක සිද්ධියක් තමයි මං අද කියන්න යන්නෙ.
ඒ කාලෙ ඉතිං ප්රවාහන සේවා එහෙම ඒ හැටි දියුණු නැති නිසා පයිං තමයි හැමෝම වගේ ගමන් බිමන් ගියේ.
ටිකක් විතර රට ඇතුලට වෙන්න හිටපු සීමොන් අයියගෙ අඹුවට, ඒ කියන්නෙ සීදේවි අක්කට තමුන්නෙ කුළුඳුල් දරුවා ලැබෙන්නයි උන්නෙ. අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ ඉතිං ඒ කාලෙට තියෙන සැප . සීදේවි අක්කා ඔහොම සැපේ ඉන්න ගමන් දවසක් සීමොන් අයියගෙ දිහාවෙ අහිංසක බැල්මක් දාගෙන ඉන්නවා. මොකෑ සීදේවියෙ මොකක් හරි දොළක් වත් දැ? කියලා සීමොන් අයියා ඇහැවුවෙ බොහොම කරුණාවෙන්.
නෑ .. මේ මාළු ගේන සේතං අයියා කිවුවා , කකුළුවෝ ගේන්ට ඕනෑ පණ පිටිං හන්දා උන්දැ ගේන්නෙ නෑ කියාලා. මට කකුළුවෝ කන්න දොළක් පහල වුණා , කියලා සීදේවි අක්කා කීවේ ටිකක් විතර දුකෙන් කියලා සීමොන් අයියට හිතුණා.
හිටිංකො දෙදොහක් ඉවසලා, කියපු සීමොන් අයියා , වැඩට ගොහිං වැඩපොළේ යාළුවන්ගෙනුත් ඇහැවුවා, කකුළුවෝ ගේන විදිහක්.
පහුවෙනිදා නිවාඩුවක් ඉල්ලා ගත්තු සීමොන් අයියා, උදැහැනැක්කෙම ගියා, මූදු වෙරළට. ගොහිං කකුළුවෝ හතර දෙනෙක් සල්ලි වලට අරගෙන කාරිය, ආපහු ගෙදරට එන්න ආවා. හැබැයි ඉතිං ටික දුරක් එද්දි හරිම මහන්සියි. උදේ පාන්දර කහට කෝප්පයක් සප්පායම් වෙලා ආපු එක විතරනෙ. ඉතිං ගස් හෙවණක ඩිංගිත්තක් ඈඳී ගත්තෙ ඉක්මණින් යන්න ඕන බව හිත හිතාමයි. තෙහෙට්ටුවටම සීමොන් අයියට ඩිංගිත්තක් ඇහැත් පියැවුණා.
ඇහැරිලා බලනකොට ඔතාගෙන ආපු කකුළුවෝ හතර දෙනාම අතුරුදහන්. අනේ දැං සීදේවියට මොනවද දෙන්නෙ කියලා හිතමින්, විස්සෝපෙන් ඉන්න සීමොන් අයියව දැකලා හේතුව අහපු මනුස්සයෙක් පුංචි හෝඩුවාවක් දුන්නා.
මූදෙ ඉඳලා අල්ලපු කකුළුවෝ නෙ, මූද පැත්තට තමයි යන්න ඇත්තෙ. කකුළුවෝ එච්චර වේගෙන් යන්නෙන් නෑ නෙ.
මේ මනුස්සයගෙ කතාවෙන් හිතට හයිය ගත්තු සීමොන් අයියා, අඩියට දෙකට ආපහු මූද පැත්තට දිවුවා. එතකොට මගදි හම්බුවුණ මනුස්සයෙක් සීමොන් අයියගෙන් ඇහුවා කොහෙද දුවන්නෙ කියලා . මේ යකාටත් ඕනැන්නෙ නැති දෙයක් නෑ නෙ කියලා හිතුවත්, නිකමට වගේ මෙහෙම කිවුවා .
යාළුවෙක් ගියා මූදට පනින්න. මං මේ ඊට කලින් අල්ලන්න දුවන ගමන්.
මේක අහපු නොදන්න මනුස්සයට හරි දුකයි. මේ පාරෙන්මයි ගියේ කියලා විස්සාසයිද? කියලා ඇහැවුවෙ ඒ නිසයි.
තව පාරවල් තියෙනවද? කියලා අහපු සීමොන් අයියට , මොනවද මේ අහන්නෙ. පාරවල් කීපයක් ම තියෙනවා නෙ කියලා කිවුවලු. "හැබැයි කොයි පාරත් කොප්පර හන්දිය හරහා තමයි යන්නෙ. කෙටිම පාරෙන් ගිහින් කොප්පර හන්දියේදි අල්ලගන්න " කියලා කිවුවලු.
ඒ කතාව අහපු සීමොන් අයියත් "අද මං හොඳ පාඩමක් උගන්නන්නම්කො කකුළුවන්ට" කියලා පොල්ලකුත් අරං දිවුවලු කොප්පර හන්දිය ට.
"කොහෙන් ගියත් කොප්පර හන්දියට එන්න එපාය" කියලා සෑහෙන දොහක් සීමොන් අයියා කොප්පර හන්දියට වෙලා උන්නයි කියලා තමයි ඉතිහාස පොත් වල තියෙන්නේ .
පින්තූරෙ සීමොන් අයියා ගේ දුර්ලභ එකක් අන්තර් ජංජාලෙන් ගත්තෙ
Friday, March 11, 2022
බැරිදා විග්‍රහය! හරි වැඩේ ලංකාවට වුණේ
දෙයියනේ කියලා යමක් කමක් මෙවුවා එකේ ලියන්ට ගත්තු දා හිටං මං ලියපු හෑලි වලින් මොකක්ම හරි පයිංඩයක් .. සුබවාදී පයිංඩයක් කියවන ඔයාලටත් දෙන්ට හිතාන තමයි ඔය හෑලි ලිවුවෙ. ඒ වුණත් ඒක සතපහකට වැඩක් ඇති දෙයක් නෙමේය කියලා හිතුණෙ.. ස ට සහ පුතානෝ ට වැටිච්ච ඡන්ද කන්දරාව දැක්කම. ඉතිං පහුගිය ටිකේ මං මගේ බැරිදා විග්‍රහයත් අත්හැරලා දැම්මෙ ඒකයි..
ඒ වුණත්.. අපේ වත්මන් මුදල් ඇමති තුමා ගැන ඇබිංදක් ලියන්ටම ඕනෑ ය කියලා මගේ හිත වද දෙන හිංදා ආයෙමත් වංගියක් ලියන්ට තීරණය කොළා ය.
කපුටාස් හිට් ද ප්ලේන් වගේ එකකින් නැත්තටම නැති කරලා දාන්ට හැදුවත්, මොළ හතාණෝ කියන්නේ ලංකාවේ මහපුටුවට වුවත් සුදුසු අපූරු චරිතයක් බව මගේ වැටහීමයි. ලංකාවේ සුවහසක් බයි පීපල්ස් ලා ගේ මොළයේ කේශනාලිකා වැඩකරන අන්දම ගැන කාවන්තිස්සයන්ටත් වඩා හොඳට දන්නේ යමෙක් ද, ඒ මොළ හතාණෝ ම මිස අන් කවරෙක් ද ය. කාවන්තිස්සයන් යනු හිටපු රජතුමා නොව අර MCC හුට්ටප්පරේ ට විරුද්ධව කතා කොරලා, ජාති මාමක බලවේග පුබුදුවාලූ ටියුසන් ඇදුරාණෝ බව දත යුතුය.
දැං මං මේ සූජානම් වන්නේ, මොළහතාණන් ගේ ගුණ කිහිපයක් ඔබ ඉදිරියේ තබන්ටය.
ස තුමාණෝ මුලින් බෑ කියා පසුව රට වහගෙන ජවුසම් නටන සමයෙහි, අයියණ්ඩිය බිය නොවන්න, අරිනා සැටි මම පෙන්වන්නම් යැයි අභීත වාක්‍ය පවසා රට(ට) ඇරියා පමණක් නොව, හොඳටම කොරෝනා තියෙන රටවල් වලින් සංචාරකයින් ගෙන්නවා, රටට සෞභාග්‍යය උදා කර දුන්නා හු ය.
එතෙකින් නොනැවතුණු හෙතෙම, ලෝබ නැතුව මහබැංකුවෙන් අච්චු ගැසූ අලුත් ම පන්දාහේ නෝට්ටු, සාමාන්‍ය ජනතාව අතර බෙදා දුන්නද ඩොලරය ස්ථාවරව පවත්වා ගත්තේ ය. කොයි තරම් ස්ථාවරව පවත්වා ගත්තේදැයි කියතොත්, පිටරටවල ඉන්නා අපේ ඩයස්මී ලා වැනි උන්, ඩොලර් ලංකාවට එවන එක නවතා දැම්මෝය.
ගෑස්, කිරිපිටි, ඉන්ධන, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය හිඟ කළා පමණක් නොව ඒවා ගෙනා නැවු දින ගණන් මුහුදේ නවත්වා තබා ඔවුනට හොඳ හොඳ පාඩම් ද උගන්වාලූ ය. ඒ හරහා කොරෝනා බියෙන් නිවෙස් තුළට වී කිසිදු සාමූහික කටයුත්තකට සහභාගී නොවී හුන් ජනයාට පෝලිම් වල ආතල් ගැනීමේ අවස්ථාවද සලසා දුන්නාහුය. ගෑස් වෙනුවට දර, කිරිපිටි වෙනුවට ප්ලේන්ටි මෙන්ම වාහන වෙනුවට පයින් හෝ පුස් සයිකලේ ගමන ද හඳුන්වා දුන්නා පමණක් නොව, ලොකුවිතාන ද කවුදෝ මන්දා කෙනෙකුට කියා සිමෙන්ති පැක්ටේරියක් ද ඇරියාහු ය.
ඡන්දයට ගෑස් මිළ හෝ ඉන්ධන මිළ කොහොමටවත් බල නොපාන බව තේරුම් ගත් මොළ හතාණෝ, 1350 ට තිබූ ගෑස්, 2800 ට යවා තමන්නේ නිර්භීත භාවය පෙන්වා දුන්නේ, 137 ට තිබූ පැට්‍රෝල් 254 ට යැවීමෙන් ය .
තවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකට ඉස්ම යන්නට බදු ගසා සීමා පනවා මොළ හතාණෝ සිදු කළ සේවය ද ඉතිහාස ගත වනු ඇත්තේ ය. ඇස් කණ්ණාඩියේ සිට කොම්පීතරය දක්වා බඩු වල ගණන් අහස උසට යනු ඇති අතර මෙතෙක් කල් බැඳ දමා දස වද දුන් රුපියලට ඕන හැටියට පාවෙන්ට ඉඩ දීමෙන්, මේ දවස් වල ලංකාවම හොල්ලන්ට පුළුවන් වීම ද මොළ හතාණන්ගේ තවත් වික්‍රමයක්ය.
ජාත්‍යන්තර පිළිගැනීම ද උපරිමයෙන් ඇති බැවු අප දැන ගත්තේ අසල්වැසි ඉන්දියාවේ වැසිකිලි සංකීර්ණයක් විවෘත කිරීමටත් ආරාධනා කළේ මොළහතාණන්ට වීම නිසා ය.
මේ අවුරුදු දෙක හමාරේ, හොඳට ම කළේ ස වුවද, මොළ හතාණෝ ඊට නොදෙවෙනිව හොඳම සහාය නළුවාට හිමි සම්මානයට උරුමකම් කියන බව සක්සුදක් සේ පැහැදිළි කළේ ය.
ඉතිං ආදරණීය 69 ඔබට ඉස්තූතියි.. !
පින්තූරය අන්තර්ජාලයෙන්...
Friday, December 10, 2021
මගෙ පුතුට වයස දැන් දොළොහයි..
පියාඹන කාලයට
තටු දුන්න පුතණුවනි
දැං නුඹත් ලොකු වෙලා ගානයි
ඇස් පියාගෙන බැලූ
ඒ සොඳුරු ළමා විය
නුඹෙන් වෙන් වී යන්න වාගෙයි
පුතේ ඇස් ඇරගන්න
නව යොවුන් ලෝකයම
සුන්දරයි.. ඒත් හද පාරයි
පෙනෙන දේ ඇහෙන දේ
දැනෙන දේ නොව පුතේ
හරි ම දේ මයෙ පුතුට බාරයි
Sunday, June 20, 2021
හිමි කම
ඉස්කෝලෙ ඉස්සරහම පේළියේ උන්නු දුනාල්, පංතියෙ හිටපු ආකර්ශනීය ම කොල්ලා. එයැයිට බැහැයි කියලා දෙයක් නෑ. ගණං, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, සමාජ අධ්‍යයනය, සංගීතය, නැටුම්, චිත්‍ර. මේ හැම දෙයක්ම පුළුවන්. ඉස්පෝට් මීට් එකේ දුවන්න, දුර පනින්න වගේම එල්ලේ, බැඩ්මින්ටන්, ක්‍රිකට් වගේ ඕනම සෙල්ලමක දුනාල් උන්නෙ ඉස්සරහින් ම.
ගුරුවරුන්ගෙ වගේම, ශිෂ්‍ය නායක නායිකාවන්ගෙත් හිත දිනා ගත්තු කීකරු දුනාල්ගෙ අකීකරු කමට තිබුණෙ එයැයිගෙ ගොඩක් ම කොට නොකෙරූ කෙහෙරැළි විතරමයි. දන්න අඳුරන, කතා කරන ඕනම කෙනෙකුට පුංචි විහිළුවක් කරලා, ලස්සනට හිනාවෙන්ට එයැයිට තිබුණේ පුදුම හැකියාවක්.
එයැයි සෞන්දර්යට කළේ නැටුම් හින්දා, මටත් එයැයිත් එක්ක එකට නටන්ට ලැබුණා. ඒ නැටුම් වෙලාව තමයි මං ඉස්කෝලෙ වෙලාවෙන් ආසම වෙලාව. ටීචර් අලුතින් වන්නමක් කියලා දීලා දුනාල් ට කියනවා ඉස්සරහට ඇවිත් නටන්ටය කියලා. තාලෙට වන්නම ගයමින් දුනාල් නටද්දි, මං එයැයි දිහා බලාගෙන ම නටනවා. වෙන වෙලාවල් වලදි, එයැයි දිහා බලන එක හරි නැති වුණා ට, මේ වෙලාවෙදි එයැයිගෙ හැම ඉරියවුවක් ම නිරීක්ෂණය කරන්ට මට නිරවුල් අයිතියක් තියෙනවා කියලා දැනෙද්දි මට දැනෙන්නෙ හරි සතුටක්.
විවේක වෙලාවක් ආවොත්, සංගීත ටීචර් ගෙන් සර්පිනාව ඉල්ලගෙන ඇවිත්, දුනාල් ලස්සනට ඒක වාදනය කරමින් සින්දු කියනවා අහන එක තමයි අපට තිබුණු ඊළඟ විනෝදය. වෙන පංති වල ළමයි හිස් පීරියඩ් වල දඟලද්දි, සණ්ඩු කරද්දි, අපි බොහොම සාවදානව දුනාල් ගෙ සංගීතයට ඒකාත්මික වෙන එකට ගුරුවරු වුණත් විරුද්ධ වුණේ නෑ.
කාලය ගෙවිලා ගිහිං ශිෂ්‍යත්ව විභාගෙන් ඉහළ ප්‍රථිඵල ගත්තු දුනාල් රටේ තියෙන හොඳමයැයි කියන ඉස්කෝලෙට ඇතුළු වෙනවා. පිටිපස්සෙ පේලියෙ ඉඳං දුනාල්ගෙ රසිකයො වුණු අපිට අලුත් වීරයෙක් හොයාගන්ට වෙනවා. ඒත් කාලය ගෙවුනාය කියලා දුනාල් ව මගේ හිතෙන් මැකෙන්නෙ නෑ. ඒ වෙනුවට දුනාල් කියලා චිත්‍රයක් මගේ හිතේ රජ කරන්ට ගන්නවා. යාළුවො, දෙමවුපියො, ගුරුවරු කවුරුත් හිතන්නෙ මං මහ සෝමාරි ළමයෙක් කියලා. ඒකෙ වරදකුත් නෑ. මං ඉතිං හැම වෙලාවෙම ඉන්නෙ ලෝක දෙකක අතරමං වෙලානෙ.
===========================================================
වෙනදට වාට්ටුවෙ වැඩ කළ මාව එදා හදිසියෙ සායනයට මාරු කරලා. කොතන වුණත් කරන්න තියෙන්නෙ වැඩ නෙ. මං ඉතිං සුපුරුදු දෙලොවක් අතර සීන් එකෙන් ම සායනයට යද්දි, දොස්තර මහත්තයා ලෙඩ්ඩු බලනවා. එයැයි වේලාසනම වැඩ පටං අරං. එහෙම නැතුව, මගේ පරක්කුවක් එහෙම නෙමෙයි.
ඔයා ගෙ පරෙස්සම නං මදි. බලන්න මේ සීනි හොඳටම වැඩියි නෙ. මොකද කියන්නෙ? ඉන්ජක්සන් එකක් දෙන්නද? කෑමෙන් පරිස්සම් වෙලා, ව්‍යායාම ටිකක් කරමුද? මට ඇහුණෙ, විහිළුවක් කරමින් හිනා වෙන අරුම පුදුම දොස්තර කෙනෙක්ගෙ හඬ.
ඒ තමයි එයැයිගේ, ඒ කියන්නෙ දුනාල් ගෙ හිනාව. ඒක තාමත් ආදරණීයයි, ආකර්ශනීයයි.
මොනවත් නොකියා ඒ මූණ දිහා මං බලා උන්නෙ හරියට නැටුම් කාමරේදි වගේ.
මහත්තයො චුට්ටක් ඉන්න.
රෝගියාට ආදරයෙන් කියන ගමන් මගේ ඇස් මඟ නොහැරිය ඔහු මා ළඟට ආවෙ විශ්මයෙන් විසල් වූ දෑසින් යුතුව.
"සිතාරි නේද?"
එයැයිගේ දෑසේ කාන්තිය, සුන්දර සිනාව සමඟ මුසු වී හාත් පස විල් තෙරක්, රෝස මල් පිරුණු මල් වත්තක් මැවුවේ මට උන් හිටි තැන් අමතක කරමින්.
ඔවු. සිතාරි තමයි. ඩොක්ටර් දුනාල්? මං ඒක ඇහුවෙ, මං ඉන්නෙ කොහෙද කියලා මිනිත්තුවක විතර මහන්සියක් අරං සිහි එළවගෙන, මහා පුදුමයකින්. එයැයි බොහොම ආදරෙන්, සියුම්ව අතට අත දීලා එයැයිගෙ සතුට ප්‍රකාශ කරමින්, අපි හවස හමු වෙමු කියලා මුව නොසොල්වා කිවුව එක ඇහුණෙ මට විතරමයි. ඒත් එතන හිටපු රෝගීන් ටිකත් ඒ ඩිංගට මං වගේ ම දැහැනට සමවැදිලා උන්නු බව මට තේරුණේ මං වට පිට බලද්දි.
අපි දෙන්නා හැන්දෑවල් වල ටී ෂොප් එකේ තේකක් බොන ගමන් වැඩියෙන්ම කතා කළේ, පහු ගිය අවුරුදු දා හත ගත වුණු හැටි ගැන.
හැම දේකම ශූරයෙක් වුණු දුනාල්ට උසස් පෙළ දි තමන්ගෙ මාවත විදිහට විද්‍යා විෂය ධාරාව තෝරගන්නට වුණේ දෙමවුපියන්ගෙ කැමැත්තට ලු. අනෙක් අතට දුර දිගට ඉගෙන ගන්ට තරම් සුවිශේෂී විෂය ධාරාවක් ලංකාවෙ එයැයිට තෝරගන්ට තිබුණෙ නැල්ලු. අනෙක් දේ වගේ ම දෙමාපියො ගෙනාපු යෝජනාවකට කැමති වෙලා, එයැයි ළඟදිම කසාද බඳින්නලු යන්නෙ.
එයැයිව අහිමි වෙනවැයි කියන දුක මගේ හිතට නො ආව නෙවෙයි. ඒත් මං මගෙ හිතින්ම ඇහැවුවෙ, අහිමි වෙන්ට එයැයිව මට කවදාවත් හිමි වෙලා තිබුණද කියලයි.
දුනාල් ට වගේ ශිෂ්‍යත්වෙ පාස් වෙන්ට බැරි වුණාට මාත් ඉතිං ඕ ලෙවෙල් පාස් වෙලා උසස් පෙළ කළේ, ජීව විද්‍යා අංශයෙන්. දොස්තර කෙනෙක් වෙනවට වඩා, මං ඒ විෂය ධාරාව තෝරගත්තෙ මගේ යාළුවෙක් නිසා. එයැයිගෙ තාත්තා පරිසරවේදියෙක්. එයැයි කියන්නෙ ජීවිතේට වඩාත් ම වටිනා දේ ඉගෙන ගන්ට තියෙන්නෙ සත්තුන්ගෙ ගැන සහ ගස් ගැනය කියලා. ජීවිතේ මේ වගේ වෙන්ට ඕන කියලා හීනයක් වෙනුවට මට හැමදාමත් තිබුණෙ එළොවටත් මෙළොවටත් නැති හීනයක්. ඔහේ එන එන විදිහට මොන මොනවා හරි කරලා, කොහොමින් කොහොම හරි මාත් ඉතිං නේස් නෝන කෙනෙක් වෙලා තමා පස්ස බැලුවෙ.
අතීතය ඉවර වුණත්, අපට ටී ෂොප් එකේ තේකක් තොල ගාන ගමන් කතා කරන්න නම් හුඟක් දේ තිබුණා. රෝගීන්, එයාලගෙ ප්‍රශ්න වගේ ම එයාලගෙ අනාගතය, එයාලගෙ දරුවන්ගෙ අනාගතය ගැන, වගේ නොයෙක් නොයෙක් මාතෘකා ටී ෂොප් එකේ දි දවස ගානෙ අපේ මාතෘකාව බවට පත් වුණා.
"එක්ස්කියුස් මී. මං එන්න පරක්කු වුණා ද?"
අපි දෙන්නා තේ බිබී ඉන්නැද්දි එතනට පාත් වෙච්චි සුමාලි අහද්දි මං පුදුම වුණත්, එයැයිගෙ තිබුණෙ සුපුරුදු මන්දස්මිතය.
"මං හිතුවෙ අපට කලිං මෙතනට එයි කියලා"
දුනාල් හිනා වෙමින් ම සුමාලි ට පුටුවක් ලං කළා.
"මෙයා ද මේ සිතාරි?"
සුමාලි හිනාවෙමින් ඇහුවේ ඔලොක්කුවටද කියලත් මට හිතුණා.
ඔයාලා අඳුනනවද?
ඒ ප්‍රශ්නය එක පාරට ම ඇහුවෙ මම විතරක් නෙවෙයි. දුනාලුත් ඒ ප්‍රශ්නයම ඇහුවා.
"ඔවු" අපි දෙන්නම එක වරම උත්තර දුන්නු විදිහට දෙන්නට ම හිනා.
ඔයා කියන්න. ලේඩීස් ෆස්ට් නෙ.
"මේ මගේ අර යාළුවා. මට බයෝ කරන්න කිවුවා කිවුවෙ?" මං සුමාලි ගැන දුනාල් ට කිවුවා.
"මේ මගේ වෙන්ට වයිෆ්." දුනාල් කිවුවෙ හිනා වෙවී. හැමදාම වගේ ඒ ඇස් දිලිසුණා.
ඒක හමු වීමක් ද, වෙන් වීමක් ද, නැත්නම් නමක් නැති සිදුවීමක් ද කියලා මං දන්නෙ නෑ. ඒත් ඒක අපූරුයි.
"ආදරය තියෙන්නෙ එක්වීම් වල නෙවෙයි, වෙන්වීම් වල" කියලා මං ම තියාගත්ත සටහනක් මට සිහි වුණා.
මං ආදරේ කළ , මාව වසඟ කළ ඒ හිනාව, මට දිගටම අයිතියි කියන විශ්වාසයත් එක්ක මං තේ කෝප්පෙ අන්තිම බින්දුවත් ඉවර කළා.
Monday, May 10, 2021
ජීවිතයේ සුවඳ විඳිමු
Tuesday, April 27, 2021
අනුරපුරේ සවාරිය!
ඔන්න ඉතිං පහුගිය අප්‍රියෙල් 15 වැනිදා උදැහැනැක්කෙ 10ත් පහු වෙලා කුකුලත් අතින් අරං අපේ රථ පෙරහැර රාජාංගනේ ඉඳන් අනුරාජපුරේ බලා පිටත් වුණේ කලිං බලන්ට බැරි වුණු අපූරු පෞරාණික ස්ථාන කිහිපයක් බලාගන්න අරමුණ පෙරදැරි කරගෙන. මුලින් ම ගියේ ගල්පාලමක් බලන්ට. පාලමක් කිවුවට ළඟ ළඟ ම පාලං දෙකක් තිබුණා. ඒ දැනටත් හොඳින් ගලන මල්වතු ඔය සහ හිඳි තිබුණු හාල්පානු ඇල කියන ඒවැයින් එගොඩ වෙන්ට. හැබැයි දැනට ඉතිරි වෙලා තියෙන්නෙ ඒ ගල් පාලම් වලින් කොටසයි. මේ ගල්පාලම් වසර 1500 ක් විතර පරණ බවයි කියැවෙන්නෙ.
ඊළඟට අපි ගියේ රහතන් වහන්සේ වැඩ හිටියායැයි සැලකෙන පුරාණ අසපුවක් වූ විජයාරාමය බලන්න. ඇත්තෙන්ම එම ස්ථානයේ තිබුණු මිහිර නම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. ඉපැරණි චෛත්‍ය හා නටඹුන් වලට අමතරව එම උයනේ තිබූ ගස් කොලන් නිසා දැනුණු සුවය මනස්කාන්තයි. අනෙක් අය හතරවටේ ඇවිදලා ආපහු යන්ට පිටත් වෙනකල් ගහක් යට වාඩි වෙලා හිටපු මට හිතුණේ තව ටිකක් ඉන්ට තිබුණා නම් කියලා.
ඊළඟට අපි ගියේ අසෝකාරාමයට. එතනට ගමන ටිකක් විතර අපහසු වුණේ ගමන් මාර්ගය ටිකක් වල ගොඩැලි සහිත එකක් නිසාත් අපේ වාහන දෙකක් ම විට්ස් වර්ගයේ උස අඩු වාහන දෙකක් නිසාත්. පන්කුලිය කියන ගමේ පිහිටා තියෙන අසෝකාරාමය බලාගන්ට එක මහත්මයෙක් යොදවලා තිබෙනවා. එතන තිබෙන ශෛලමය බුදු පිළිමය සුප්‍රසිද්ධ සමාධි බුදු පිළිමයට සමාන කමක් දක්වන බව කියැවෙනවා. ඉතා අලංකාර මුරගල් සහ ඉදිකිරීම් කිහිපයක් ම මෙහි දකින්ට පුළුවන්.
ඊයෙත් වැවකින්, ඇළකින් නාන්ට බැරි වුණු නිසා උදේ ම රාජාංගනේ වැවෙන් පිට වෙන ඇලපාරකින් හොඳට නාගත්තා. ඊට පස්සෙ අනුරාධපුරේ හෝටලේකින් කන්ට හිතලා මැන්ගො-මැන්ගො, ඇඹුල වගේ තැන් දිහා බැලුවත් ඒවයෙ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරිලා හිටියා. ටවුම මැද තිබුණු The Bakers කියන අවන්හලෙන් අපේ අවශ්‍යතාවය ඉටු කරගෙන ඉවර වෙනකොට ම සෑහෙන්න හවස් වෙලා තිබුණා. ඉතුරු වෙලා තිබුණු වෙලාවෙ බලන්න පුළුවන් තැන් විදිහට තිබුණෙ, රන්මසු උයන සහ ඉසුරුමුණිය.
සාලිය - අසෝකමාලා දෙන්නා ආදරයෙන් බැඳුනයි කියන රන්මසු උයන ඇත්තටම ආදරවන්තයින්ට නම් කියාපු තැනක්. දිය නාන්ට තිබෙන පොකුණු අසල ම තිබෙන කුඩා කාමර, ඇඳුම් හැඳ ගැනීමට තැනුවා යැයි උපකල්පනය කළ හැකියි. විශාල ගල් මත තැනූ ආසන රජ වරුන් විනෝදයෙන් සිටින්නට තැනුවා විය හැකියි. මෙහි ගලක කොටා ඇති විශ්වයේ සිතියමක් යැයි සැලකෙන කිසියම් සංඛේත වලින් සමන්විත සිතියමක් ඉතා සුවිශේෂ යැයි සැලකෙනවා.
හැන්දෑවෙ හිරු බැස යන මොහොතට ආසන්නව වැවට බැහැලා නාගන්ට ඕනිය කියලා අපේ කොටසකට ආපු ආසාවටත් ඉඩ දීලා, හිරු බැස යද්දි වැවු බැම්මේ ඉඳන් ඒ සුන්දර දසුනත් බලලා තමයි අපේ සංචාරයේ මූලික වැඩ කටයුතු අවසන් කළේ.
විශේෂ ස්තුතිය:
සුවිශේෂී කරුණු රැසක් අපට කියා දෙමින් මාර්ගෝපදේශ දැක්වූ සේන අයියාට සහ නවාතැන් පහසුකම් සලසා දෙමින් අපට අනුග්‍රහ දැක්වූ ඔහුගේ (දෙටු) පුත් චමීරට.
ප.ලි.
14 වැනිදා රාජාංගනය දක්වා ගමන සහ 17 වැනිදා ආපසු නිවෙස් දක්වා ගමන ඇතුළු චාරිකාමය ගති ලක්ෂණ හීන කරුණු මෙම සටහනෙන් ඉවත් කළේ ඔබ සැමගේ රසවින්දනයට බාධා නොවන්නට බව කාරුණිකව සලකන්න.
Wednesday, March 31, 2021
පැසුණු කතා 2
All birds find shelter during a rain. But eagle avoids rain by flying above the clouds. Problems are commen, but the attitude makes the difference.
කුරුල්ලො වැස්ස වෙලාවට මොකක් හරි ආවරණයක් හොයනවා වැස්සෙන් බේරෙන්න. හැබැයි උකුස්සා, වළාකුළු වලට ඉහලින් පියාසර කරමින් වැස්ස මඟහරිනවා.
එකම ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහ ගැන අප දරණ ආකල්ප වල තමයි සැබෑ වෙනස තියෙන්නෙ.
මෙහෙම කියන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙ උන්නු 11 වැනි ජනපතිවරයා වූ අබ්දුල් කලාම් හෙවත් අවුල් පකිර් ජයිනුලාබ්දීන් අබ්දුල් කලාම් කියන අපූරු මිනිසා. 1931 ඔක්තෝබර් 15 වැනිදා තමිල්නාඩුවට අයත් මදුරාසියේ උපන් මෙතුමා, ඉන්දියාවේ න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීම් වල පුරෝගාමී විද්‍යාඥවරයෙකු ද වුණා.
2002 වසරේ ජනාධිපති තනතුර ලැබීමෙන් පසු "ජනතා ජනපති" යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබූ මෙතුමා නොපසුබස්නා උත්සාහය මතින් ම සාර්ථකත්වයට පත් වූ පුද්ගලයෙකු ලෙස, මතු පරපුර සාර්ථකත්වය වෙත මෙහෙයැවීමෙහිලා අතිශයින් වැදගත් වන අපූරු කියමන් රැසක් ලොවට දායාද කළා.
83 වියැති කලාම් දේශනයක් පවත්වන අතරතුර ඇති වූ හදිසි ඇද වැටීමක් මත 2015 වසරේ ජූලි මස 27 වැනි දින මෙලොව හැරදා නික්ම යන තුරුම අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ලොවට තමා සතු දැනුම බෙදා දෙන්නට යුහුසුළු ව කටයුතු කළා.
ප.ලි.
පින්තූරය හා තොරතුරු අන්තර්ජාලයෙන්.
Wednesday, March 24, 2021
පැසුණු කතා -1
Tuesday, March 23, 2021
ඊට පස්සෙ
කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි සිලෝන් ටකරං බස් එකට ගොඩ වුණේ ඒ පාරෙ ඒ වෙලාවට තියෙන්නෙ ඒ බස් එක විතරක් හින්දා. සෙකන්ඩ් ෂයි එකේ විභාගෙත් ළඟ හින්දා පේපර් ක්ලාස් කරන අයියා කෙනෙක් ගෙ ක්ලාස් එකකට යන්න කියලා. ඒ මගේ ඒ ක්ලාස් එකට යන දෙවෙනි දවස. කිලෝ මීටරයක් වත් යන්න කලියෙං බස් එක කැඩුණා. දැං ඉතිං විකල්ප නෑ. වෙලාවට පංතියට යන්න නං. පුළුවන් ටික ප්රධාන පාරේ බස් එකක ගෙහුං ඉතුරු ටික පයිං අඹන්න ඕනි. දැං වගේ ඒ කාලෙ ටුක් ටුක් තිබුණ එකක්යෑ.
ඔයත් අයියගෙ ක්ලාස් එකට නේද යන්නෙ? කියලා.
අනේ ඔවු, මාර වැඩේ නේද වුණේ. වෙලාවට යන්න බැරි වෙයිද මංදා,
ඔයාවත් මං වත් වැරදි නෑ. අපි අපේ පාරවල් වල යමු.




