Monday, March 26, 2018

ක්‍රෙඩිට් කාඩ් වලට අහු වුණාද?

ඔබත් ක්රෙඩිට් කාඩ් එකක් භාවිත කරන්නෙක් ද? මාසය අවසන සම්පූර්ණ මුදලම නොගෙවන අයෙක් ද? එසේ නම්.. නිකරුණේ ඔබ අදාල බැංකුව හෝ සමාගම පොහොසත් කරන්නෙකි.

අද කාලයේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය සමාජයේ සුලභ වී ඇතිවාක් මෙන්ම එය ඉතා ප්‍රයෝජනවත් බවට සැකයක් ද නැත. එහෙත් ඔබගේ මාසික බිල සම්පූර්ණයෙන් නොගෙවූ විට අසාධාරණ පොළියක් ඔබෙන් අය කරන බව ඔබ තවම නොදන්නවා විය හැක.. මා මේ කියන්නේ වාර්ෂික ව 24% ක් පමණ වූ පොළී අනුපාතිකය ගැන නොවේ.. ඔවුන් පොළිය ගණනය කරන ක්‍රමවේදය ගැනයි.. එම ක්‍රමවේදයට අනුව.. ඔබට ගෙවන්නට අතපසු වූ මුදල රුපියලක් හෝ ශත පණහක් විය හැක.. එහෙත්.. ඔබ භාවිතා කළ මුළු මුදලට ආසන්න ප්‍රමාණයකට ඔබට පොළී ගෙවන්නට සිදුවේ.. දැනට අත්දුටු පරිදි.. ප්‍රධාන බැංකු  තුනකම (නේෂන්ස් ට්‍රස්ට්, සම්පත් හා සෙලාන්)  එසේ ය.  පහත දැක්වෙන්නේ මා මුහුණ දුන් එවන් අවස්ථා කිහිපයකි.

උදා: 1.සෙලාන්..
පෙබ. 25 දිනට පෙර ගෙවීමට තිබූ මුදල (රු) ==> 25,107.38
පෙබ 22 ගෙවූ මුදල (රු) ==> 25,100.00
හිඟ මුදල (රු) ==> 7.38
මාර්තු 05 ලැබුණු බිලෙහි එක් කර ඇති.. පොළී මුදල (රු)==> 573.49

උදා: 2. නේෂන්ස් ට්‍රස්ට්
මාර්තු. 05 දිනට පෙර ගෙවීමට තිබූ මුදල (රු) ==> 63,502.27
පෙබ 19 ගෙවූ මුදල (රු) ==> 25,000.00
පෙබ. 28 ගෙවූ මුදල (රු)==> 38,500.00
හිඟ මුදල (රු)==>2.27
මාර්තු 16 ලැබුණු බිලෙහි එක් කර ඇති.. පොළී මුදල (රු)==> 922.57

උදා 3: සම්පත්
2017 අගෝස්තු 08 දිනට හෝ ඊට පෙර ගෙවීමට තිබූ මුදල(රු) ==>28,265.21
2017 අගෝස්තු 08 දින ගෙවූ මුදල (රු) ==> 28,000.00
හිඟ මුදල (රු) ==>265.21
2017 අගෝස්තු 16 ලැබුණු බිලෙහි එක් කර ඇති පොළී මුදල(රු) ==>754.14

බිල්පතෙහි සඳහන් අවම මුදල ගෙවීමෙන් පමණක් සෑහෙන ඔබ මෙන් ම.. සුළු ගණනක් හෝ හිඟ තබන ඔබ ද.. ක්‍රෙඩිට් කාඩ් පිරිනමන බැංකු වල ගසා කෑමට ලක්වෙයි.. මේ ගැන දැනුවත්ව ක්‍රෙඩිට් කාඩ් භාවිත කර..වාසි අත් කර ගන්න..


13 comments:

  1. දවස් 59න් මෙහා සම්පුර්ණ මුදල ආපහු ගෙවන්න ස්ථිර සැලැස්මක් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නා හැමදාම අමාරුවේ වැටෙයි.ගෙවිය යුතු අවම ශේෂය අප රවටන අස්බන්දුමක් පමණි.

    ReplyDelete
  2. මයෙ අප්පේ.. අදම ගිහින් බැලන්ස් එක සීරෝ කරල එන්න ඕන

    ReplyDelete
  3. ස්වකිය ප්‍රතිපත්තියක් වශයෙන් ලෝකයේ කිසිම රටක දී උවද මම ණයවර පත් භාවිතා නොකරමි .

    ReplyDelete
    Replies
    1. සමහර ප්‍රතිපත්ති වාසිදායකයි නෙ..

      Delete
  4. ඒක වෙන්නේ පොඩි හරි බැලන්ස් එකක් ඉතුරු උනොත් ඒකට පොලි හදනකොට එකතු වෙන සර්විස් චාර්ජ් නිසා.. පොලිය හැදෙන්නේ සත ගණනකට උනත් ලක්ෂ ගණනකට උනත් ප්‍රොසෙසින් චාර්ජස් සහ stamp duty බොහෝ දුරට සමානයි. අනික ගොඩක් ක්‍රෙඩිට් කාඩ් වල දැන් පොලිය 28% ක්.. annual fee, late payment charges, cash advance fee, minimum payment not made in time, overlimit fee, maintenance fee (when there is a minimum transaction commitment and it is not fulfilled during the scheduled month) වගේ අටෝරාසියක් කැපිලි තියෙනවා දන්නෙම නැතුව..

    ReplyDelete
  5. නෑ .. ප්‍රොසෙසින් චාර්ජස් නෙවෙයි.. ඔවුන්ගේ පොළිය ගනණය කරන්නේ වෙනස් විදිහකට.. උදාහරණයකට..
    2018.01.01 රු. 10,0000.50 ක ගණුදෙනුවක් කළාය කියා හිතමු.. දැන් 2018-01-25 බිල එනවා.. ගෙවීමට ඇති මුදල 100,000.50 යි කියලා.. 2018.02.15 කියමුකො ගෙවන්ට තියෙන දවස.. දැන් අපි එදාට ගෙවනවා 100,000.00 ක්. ශත 50 ක් හිඟයි..අපි හිතන්නෙ ඊළඟ බිලට (2018.02.25) හැදෙන්නෙ.. ශත 50 ට 2018.02.15 සිට 2018.02.25 ට වාර්ෂික 28% අනුපාතයට කියලා.. ඒත් ඇත්තටම හැදෙන්නෙ මෙහෙමයි..
    2018.01.01 සිට 2018.02.25 දක්වා රු. 100,000.50 ට වාර්ෂික 28% අනුපාතයට පොළිය හදලා (‍X)
    2018.02.15 සිට 2018.02.25 දක්වා ගෙවපු මුදල වන රු. 100,000.00 ට වාර්ෂික 28% අනුපාතයට පොළිය හදලා..(Y)
    අන්තිමේ .. X වලින් Y අඩු කරනවා..
    ඊට පස්සෙ අපෙන් අහනවා .. දැන් සැපද? කියලා..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..