Tuesday, May 10, 2011

නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත!



මට හොඳට මතක තියෙන කවි පදයක්.... ඒත් මේකෙ අනෙක් පද ටික මතක නෑ.... ඒත් මේක බුද්ධියෙන් අඩු පුද්ගලයින් පිරිසකට නායකත්වය සපයන කෙනෙක් ගැන කිව්ව එකක් වෙන්න ඇති කියලා මට නිකමට වගේ හිතෙනවා... එහෙම බැලුවාම අපිට මේක කාට කිව්වද කියලා හිතාගන්න බැරි තරම් මේ කියමනට ගැලපෙන නායකයෝ ඉන්නවා...


මං මේ කවියේ ඉතුරු පද ගැන ඉඳ හිට හිතන හින්දා මද මංදා මෙන්න මෙහෙම කවි පෙළක් මට නිකං මැවි මැවී පේනවා. .... මුකුත් අහිතක් හිතනවා එහෙම නෙවෙයි ඕං...

මත්පැන් දිදී තබනා රඟ මතට තිත
ජඩ වැඩ කරන මැරවින් කරලියෙහි ඇත
මරුවා ගෙදර විරුවා හිර ගෙදර ඇත
නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත


බඩු මිල උඩ ගියත් කොපමණ කමක් නැත
හම්බන්තොටට නැව් නාවත් කමක් නැත
මාලිග, මැදුරු සැප වාහන නිමක් නැත
නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත


සල්ලියෙ බලය පෙන්නලා ගත් සෙනඟ ඇත
බැරි තැන වෙන දෙයක් කෙරුවට කමක් නැත
හොඳ හෝ නරක නුඹ මිස වෙන කෙනෙක් නැත
නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත


ඡන්දය මක් වුනත් අපි පරදින්නෙ නැත
කවුරුන් නැතත් කොම්පියුටරෙ සහය ඇත
වැඩිපුර නටන වුන් ආගිය තැනක් නැත
නුඹ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත

ඔරිජිනල් කවිය කියපු කෙනා ඉතිං මට සමා වෙන්න ඕනි හොඳේ....

පසුව ලියන වගනම්...


චානක සහෝදරයාගේ නොමඳ සහාය ඇතිව මෙහි ඔරිජිනල් කවියත් ඒ කවිය ගැන සම්පූර්ණ විස්තර මෙන්න මෙතැනින් අරගන්න පුළුවං වුණා. ඒක කියලා තියෙන්නේ අන්දරේ බවත් ඒ ලිපියේ තියෙනවා.

මෙන්න කවිය

රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත



අන්දරේ මේක කිව්වේ ලොකුම බොරුව විදිහටලු.... 


අනේ මං නං ඔය බොරු කියන්නේ නෑ නොවැ....


පිංතූරෙ ගත්තෙ මෙතැනින්..




14 comments:

  1. ඔරිජිනල් එක

    රජකම් කලත් ඉදගෙන සිහසුනක් මැද
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැනටම හිත

    - අන්දරේ -

    ReplyDelete
  2. ඔරිජිනල් එක කිවුවෙ අන්දරේ

    ReplyDelete
  3. ඒකෙ පද දෙකයි ද තිබුණේ...? බොහොම ස්තුතියි සහෝ... අන්දරෙත් හොඳ කවියෙක් නොවැ..

    ReplyDelete
  4. මට නම් හිතෙන්නෙ මේක ලියපු එකා ගොන් රජෙක් කියලයි ... ඔය කියන හිරේ ඉන්න එකා හරි අනෙක් පක්ෂවල ඉන්න එවුන් හරි ඔය සිංහාසනේ හිටියනම් බලන්න තිබුණ ඔයිට හපන් විදිහට ගොන් කම් කරන හැටි .
    ඔය හැමෝම එකතු වෙලා කරන්නෙ මහජනයට අරින එක තමයි. කවිය ලියපු එකාට ඒක තේරිල නෑ වගේ.

    ReplyDelete
  5. නියම කවි ටික මචන් . . පට්ට

    ReplyDelete
  6. @චානක
    ස්තුතියි සහෝ ලින්ක් එකට ඒ කතාව හරියටම දැන ගත්තේ ඒ ලිපියෙන්.

    රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

    ReplyDelete
  7. @kumaraya
    ඔය පත්තු වෙලා තියෙන්නේ. රජ කුමාරයා උදහස් වෙලා... කුමාරයාට නම් බොහොම දැනුම් තේරුම් තියෙන පාටයි.

    ReplyDelete
  8. @දුකා
    බොහොම ස්තුතියි මචං

    ReplyDelete
  9. ඇත්ත කියන කවි පන්තියක්

    ReplyDelete
  10. චතුර විජේකෝන්December 1, 2011 at 12:56:00 PM GMT+5:30

    හිකිස්...

    ReplyDelete
  11. ඒ අය නම් ගොනුන් නොවේ!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..