පසුගිය කාලය පුරාම ෆේස්බුක් ප්‍රමුඛ සයිබර් අවකාශයේ විවිධ වෙබ් අඩවි වලට දැඩි දෝෂාරෝපණ එල්ල විනි. මේ ඒවායින් එකකි. ඇතැම් ෆෝරම් වලද ඊමේල් හරහා ද මේ දෝෂාරෝපණ එල්ලවනු දක්නට ලැබුණි. මාත් මේ ගැන ලිපියක් ලියන්න හිත හිතා ඉන්න අතරේ උදාර සහෝදරයාගේ දිලුම් මේ ඔබ ගැනම නෙමෙයි කියන ලිපියත් හැමදාම ඉතා හර බර ලිපි ලියන අපේ දුකා ගේ බලන්න අප්පිරිය ෆේස්බුක් වැඩ කිඩ කියන ලිපි දෙක ඇහැ ගැටුනේ. ඒ ලිපි හරියට මගේ ලිපියට පූර්විකාවන් වගේ කියලා මට හිතුනා.
ෆේස්බුක් එකට මේ තරම් බනින්නේ අහවල් දෙයකට ද කියලා කියන අය වගේම මේ ඕනැන්නේ නැති බහු බූත ෆේස් බුකියක් හින්දා අපේ දරුපැටවු ටික බේරගන්න බෑ කියන අයත් ලංකාවේ හරි හරියට ඉන්නවා. ඇත්තම කතාව මෙහි ගැටළුව තියෙන්නේ භාවිතයෙයි. ලංකාව ඇතුලේ තියෙන විවිධ උප සංස්කෘතීන් වල සාමාජිකයින් මේවා භාවිතා කරන්නේ විවිධ විදිහට.
අපි තරුණ කාලේ කොලු කමට කරපු වැඩ කියලා හඳුන්වන කුණුහරුප පත්තර බැලීම, නිල් පිංතූර බැලීම ආදිය අපි කළ නිසා වත් කොලු කමට කල නිසා වත් නිවැරදියි නැතිනම් කමක්නෑ කියලා කියනවට මං විරුද්ධයි. ඒ හැම දෙයක්ම අපි කලේ අපේ තියෙන අණුවන කමට. කවුරුහරි ඉස්කෝලෙට පත්තරයක් ගෙනාවහම ඒක කියවලා ආතල් ගන්නවයි කියලා අපි කලේ යස අපූරුවට තිබුණු අපේ හිත වල් වද්ද ගත්ත එක නෙවෙයි කියලා අපට හිතන්න පුළුවන්ද? ඒවයේ කියලා තියෙන බොරු කතා අහලා අපේ හිත් වල කාමුක හැඟීම් ඇවිස්සුනේ නැද්ද? ඒවා නොතිබුනා නම් ඒ හිත එදා පිරිසිදුව තිබුණා නම් අද වෙනකොට අපේ හිත මීට වඩා උසස් තත්වයකට ගේන්න තිබුණා නේද? කියලා මට නිතර හිතෙනවා... ඒත් අපි ඒ සංස්කෘතියේ ගොදුරු බවට පත් වුණා... අද වෙනකොට ඒ සංස්කෘතිය තව තවත් නරක අතට හැරිලා. තාක්ෂණය උපයෝගී කරගෙන වැඩි දෙනෙක් මේ සංස්‍කෘතිය තුලට ඇද ගන්න වැඩ පිළිවෙලවල් හැදිලා. දිවයින ලිපියේ ලියුම් කරු කතා කරලා තියෙන්නේ මේ ව්‍යසනයයි. එහෙත් එයට ෆේස්බුක් හෝ තාක්ෂණයට බැනලා වැඩක් නෑ. මේ නරක් වෙච්ච සංස්කෘතිය වගේම ගුණවත්කමින් ඉතා පොහොසත් සංස්කෘතියකුත් ෆේස්බුක් සංස්‍කෘතිය ඇතුලේ උප සංස්කෘති විදිහට තියෙන බව අපි තේරුම් ගත යුතුයි. දිලුම් මල්ලී වෙනුවෙන් දුකා ඇතුළු සයිබර් මිතුරන් කළ මෙහෙය, ඔහු වටා රොක්වුණු මිනිසත් කමේ යෝධ පවුර ඒ සඳහා ආසන්නතම හා හොඳම උදාහරණ.ලෝකයෙන් නරක තුරන් කරන්න බෑ. අඩු කරන්නයි අපි උත්සාහ කරන්න ඕනි.
ඒ විතරක් නෙවෙයි සයිබර් අවකාශය කියන්නේ සංකීර්ණ, කාර්‍යබහුල සමාජයේ අනිවාර්‍ය කාලීන අවශ්‍යතාවයක් කියලයි මට හිතෙන්නේ. මොකද ඉස්සර වගේ මිනිස්සුන්ට යාළුවෝ ආශ්‍රය කරන්න, අත්දැකීම් බෙදාගන්න, දුර බැහැර ඉන්න යාළුවන්ට ලියුම් ලියන්න වෙලාව නෑ. සයිබර් අවකාශය අපට අලුත් ලෝකයක් හදලා දීලා පුරවන්නේ මේ හිඩැසයි. ඒ විතරක් නෙවෙයි සයිබර් අවකාශයක් නොතිබුණානම් මේ වෙනකොට මට ආශ්‍රය කරන්න ඉන්නේ පවුලේ තුන් හතර දෙනාත් යාළුවො තුන් හතර දෙනෙකුත් විතරයි. ඒත් දැන් මට අඩු ගානේ දෙතුන් සීයක් එක්ක ආස්‍රය කරන්න ලැබෙනවා... මගේ අදහස් ඔවුන් එක්ක බෙදාගන්න පුළුවන් වෙනවා... තවත්, තව තවත් අප්‍රමාණ ප්‍රයෝජන තියෙන තැනක් නොවැ මේ සයිබර් අවකාශය කියන්නේ...
මිනිස්දම් ගරු කරන යහපත් නුවණැති මිනිසුන් අපත් එක්ක නොපමාව එකතු වී මේ අවකාශය තව තවත් සොඳුරු එකක් කරවි. යහපතෙහි අගය නොදත් මිථ්‍යාවත්, දුසිරිතත් ඇසුරු කරන අනුවණ දනන් මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳින්නේ නැතුවා සේ අයහපතට ම මේ අවකාශය භාවිතා කරාවි.
මම ලියපු පෝස්ට් එකේ මචං අපි තරුණ කාලේ කොලු කමට කරපු වැඩ කියලා හඳුන්වන කුණුහරුප පත්තර බැලීම, නිල් පිංතූර බැලීම ආදිය අපි කළ නිසා වත් කොලු කමට කල නිසා වත් නිවැරදියි නැතිනම් කමක්නෑ කියලා කිව්වා කියලා නෙමෙයි මචෝ මම කිව්වේ.
ReplyDeleteඒ විදිහට ස්වභාවධර්මයේ නියාමන්ට අනුව සිද්ද වෙන ලිංගික කුතුහලය සංසිදුවා ගන්න අපිට කරන්න තිබුනේ එපමනයි.
නමුත් විය යුත්තේ ලිංගිකත්වය ගැන සමාජයේ බයක් නැති නම් ඒක නරක දෙයක්, ඉවත්කල යුතු දෙයක් ලෙස හඳුවන්න හදන්නේ නැතිව කුඩා කල පටන් නියමාකාරයෙන් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා ඒ වෙනුවෙන් අනිවාර්ර්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න කියලා බල කිරීමක් කරන්න "කඩුවට වඩා බලවත් පෑනක්" භාවිතා කරන මාධ්යකාරයන්ගෙන් සිදුවිය යුතුයි කියන එකයි.
අපි ඒ කාලේ කරපු දේවලුත් වැරදියි විවාදයක් නෑ. මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ "මහත්වරු"ත් ඒ වැරදි වැඩේ ඒකාරයෙන්ම නැතත් මොන අකාරයෙන් හරි කලා වෙන්න ඕනෑනේ. ඒ තමන් කරපු වැරදි වැඩේ නිවරදි කරනවා වෙනුවට "පයබරවායට පිටිකර බෙහෙත් බඳින්න එපා" කියන එකයි මට කියන්න ඕන වුනේ මචෝ.
ඔවු මචං ඒ අදහස හරියටම හරි. ලිංගික කුතුහලය සංසිඳුවා ගන්න ලිංගික අධ්‍යාපනය වගේම කාමය ඇවිස්සෙන මාධ්‍ය වෙනුවට සිත සුවපත් වෙන මාධ්‍යයකුත් අවශ්‍යයි. ස්තුතියි මචං..
ReplyDeleteමට හැඟෙන විදියට ඔය දිවයින ලිපියෙන් වෙච්ච දේවල් දෙකක් තියෙනවා . එකක් සමහර දෙමවුපියන් ෆේස් බුක් එකෙන් වෙන්න පුළුවන් හානියක් ගැන දැනගන්න ලැබෙනවා. අනිත් එක, නොදන්නා එකා ඕක බලලා ඔයවගේ දේවල් වලට සම්බන්ද වෙන්න දරන සහ ඔයවගේ දේවල් සංවිදානය කරන එක ට්‍රෙන්ඩ් එකක් කරන්න හදන වෑයම.
ReplyDeleteඅනිත් කාරණය තමයි දිවයින කතෘ පුන පුනාම කියා තියෙන්නේ ෆේස්බුක් කියන්නේ ලංකාවේ තරුණ පරම්පරාවට පිළිලයක් කියලා. ඒ ඕලමොට්ටලයට තේරෙන්නේ නැත්තේ ඇයි , ඔය කියන සාද වල වෙන දේවල්, කොලබ පාසැල් වල old boys batch night වල සිද්ද වෙනවයි කියලා. ජාත්‍යන්තර පාසල් සංවිදානය කරන පාටි වල ඔය දේවල් වෙන්නේ නෑ කියලා.
මම හරියටම දන්නේ නෑ ප්‍රායෝගිකව ඔය කියන පාටියට ෆේස්බුක් එක සම්බන්ද වෙලා තියෙන්නේ කියලා. මන්ද, කතෘ කියනවිදියට ඕකට සම්බන්ද වෙලා තියෙන්නේ ජාත්‍යන්තර පාසැල් සාමාජික සාමාජිකාවන් වීම.
මම නං හුඟාක් කැමතියි ඔය ෆේස්බුක් කියන වරසය මේ ලංකාවෙන් තුරන් වෙලා යනවනං
ReplyDeleteෆේස්බුක් ගැන මේ ලිපියත් බලන්න.
ReplyDeletehttp://chathucn.blogspot.com/2011/02/fb.html#axzz1NQwNHR5Y
මම හිතන්නෙ ඕනෑම දෙයක් අපිට හොඳටයි නරකටයි දෙකටම පාවිච්චි කරන්න පුලුවන් ....
ReplyDeleteඒ කියන්නෙ ෆේස් බුක් එක, අනතර් ජාලය අපිට හොඳ දේවල් වලට වගේම නරක දෙවල් වලටත් යොදා ගන්න පුලුවන් ....
ඒක තියෙන්නෙ අපේ අතේ ......
@Ano...
ReplyDeleteඒක වෛරසයක් විදිහට දැනෙන්නේ ඒකේ නරක විපාක එක්ක වැඩිපුර ජීවත් වුණු හින්දා වෙන්න ඕනි. මොකද අපි අත්දැකීමෙන්ම දන්නවා ඒකෙ හොඳ විපාක ඕන තරම් බව...
@චතුරංග
ලිපිය බැලුවා... කමෙන්ටුවකුත් දැම්මා..
@කල්හාර
ReplyDeleteඔබේ කියමන බොහෝ දුරට හරි. ඒත් සමහර දේවල් වල හොඳ වැඩියි. සමහර දේවල් වල නරක වැඩියි. ඒත් ෆේස්බුක් සඳහා නම් ඔබේ කියමන 100% ම හරි...
@රොකියා | Udara
ReplyDeleteබෙහෙවින්ම ස්තුතියි උදාර අදහසට. කුණු බක්කි අවුස්සන්නන්ට හොඳ පැත්තක් පේන්නෙම නෑ නොවැ සහෝ...