Tuesday, April 20, 2010

අවුරුද්දට පෙර...

අවුරුද්දක් තරඟෙට දුවලා
හම්බ කරපු සොච්චම යොදවා
අවුරුදු කන්නට ඇඳුම් ගත්තෙ අපි
රෙදි කඩ වල මහ පොර වැදිලා…

යුතුකම් හැකි සේ ඉටු කරලා
ලෝකෙට පරකාසෙත් කරලා
අවුරුදු කෑවා ඊළඟ මාසේ
මැරිල' ගියත් කම් නෑ කියලා…..

අපට තරම් වත් හයිය නැතී
අපෙ නෑයෝ හැම තැනම ඇතී
අනේ ඔවුන්ටත් අපට වගේවත්
අවුරුදු සමරන්නට ඇත්නම්……



අවුරුදු ලංවුනා…
අපිත් ලහි ලහියේ ලැබුණු පුංචි ඉඩත් හම්බ කරපු සොච්චමත් වෙන් කලේ අවුරුද්දට ඇඳුම් කැඩුම් ගන්න…
ඊලඟ මාසෙ නොකෑවත් යුතුකම් ඉටු කරන්න ඕනැ නේ……..
පුලු පුලුවං විදිහට අම්මට, අප්පච්චිට, නැන්දම්මට……
අනිවාර්යයෙන්ම ගන්න ඕනි හැමෝටම ගත්තා…..
අප්පච්චිගේ හිතට හරි නෑ….
එයාට එච්චර වියදම් කරන්න එපා… ලු
හේතුව හොයලා බලනකොටයි තේරුණේ…..
චූටි බාප්පගේ ළමයි ගැන අපට අමතක වුණා කියලා තමයි අප්පච්චි හිතලා තියෙන්නේ…..
චූටි බාප්පා නැති වුණාට පස්සේ ඒ අය හුඟක් අමාරුවෙන් ජීවත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි….
ඒත් අපිට පුළුවං විදිහට අපි උදව් කරනවා…..
ඔය වගේම අපේ උදව් අවශ‍ය නෑදෑයෝ කොයි තරම් නම් ඉන්නවාද…
එහෙම බැලුවාම අපි මේ කරන දේවල් මොනවද කියලා හිතෙනවා…..
ඒත් ඉතින්….
අනේ මන්දා……
අපි චූටි බාප්පගේ ළමයින්ට ඇඳුම් ගන්න පුංචි ගානක් යැව්වට පස්සේ තමයි අප්පච්චිගෙ හිතට පොඩි සැනසුමක් ආවේ…..
තව කීයක් හරි යවන්න තිබුණා නම් කියලා මටත් හිතුණා….
ඒත් අපිත් අපේ තත්වේ තියාගෙන ජීවත් වෙන්නත් එපෑ….
ඒකට ටිකක් වියදම් යනවනේ…..

මොනවා කරන්නද... ඕක තමයි ජීවිතේ හැටි....

පිංතූරෙ ගත්තෙ මෙතැනින්

Friday, April 2, 2010

වස විස නැති අපි.....

අප නිතරම පන්සල් යනවා... මල් පහන් බුදුන්ට පූජා කරනවා.. ඒත් අපේ හිත් තුල වස විස ඕනි තරම්... අනුන්ගේ වැරදි හොයන්න... අනුන්ව හෙලා දකින්න නිමිත්තක් තියෙනවද කියා බලමින් ඉන්න එකනේ වැඩිපුරම කරන්නේ... 


පහුගිය දවසක පන්සල් ගිය වෙලාවක මගේ දුවයි මගේ මල්ලි කෙනෙක් ගේ දුවයි විනෝදෙන් ඉන්න වෙලාවක පිංතූරයක් ගන්න මට පුළුවන් වුණා....
ඒ පිංතූරය දැක්කම මට හිතුණා ඔවුන් කොයි තරම් සැහැල්ලුවෙන්ද මේ ඉන්නේ කියලා... 
ලොකු වෙනකොට ඒ සැහැල්ලුව ඔවුන්ට නැති වෙන බව හිතෙනකොටත් දුකයි.... 
ඒත් ඒක එහෙම නොවෙන්න නම් සමාජ ආකල්ප වල ලොකූ වෙනසක් විය යුතුයි....



මේ සැහැල්ලුව මේ ලෙංගතුකම අපේ සමාජය වෙලාගන්න දවසක් එනකම් මං හීන දකිනවා...