කවි හදන හැටි, කවි හදන හැටි - 2, කවිහදන හැටි - 3, කවි හදන හැටි - 4 නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) නම් පොත ඇසුරිනි.
යතිය.
යතිය යනු විරාමයයි. කවියේ අතරමග නවතන තැන් යතිය යනුවෙන් දැක්වේ. යතිය තැබීමෙන් වචන වලට හානියක් නොකොට දිවට පහසුවෙන් වචන හසුරුවා ගත හැකිය.
එලි සමය.
කවියක් පබැඳීමේදී එලිසමය අත්‍යවශ්‍ය වන හා අත්‍යවශ්‍ය නොවන විරිත් තෝරා බේරා ගතයුතුය. කවියේ පද වල කෙළවර පිහිටා ඇති අවසන් වචනයේ අකුරු තුළින් එලි සමය නිර්මාණය වේ.
එලි වැට.
එලි වැට යනු කවියක මුල් වචනය හෝ වචනයක කොටසක් පද හතරෙහිම එකම අයුරකින් යෙදී තිබීමයි. එලිවැට මුල මෙන්ම මැදදී ද රැකිය හැක. එසේ කිරීමෙන් කවියට බොහෝ සෙයින් අලංකාර එකතු වේ.
කල බල නොකළ මිහිතල පතළ බල කඳින්
කුල මල සකල සිතතුල නොබල හෙළ තෙදින්
දල නල කසල විසිකළ වෙරළ රළ තදින්
හල කල කොමල ලෙස බල සුදිල කැළ මැදින්
මෙම කවියේ මුල්ම වචනයේ සිට අවස්ථා හයකදී එලිවැට යෙදී අවසන එලිසම ද හොඳින් රැකී ඇති අයුරුත් යවහන් දොසින් මිදී ඇති අයුරුත් බලන්න...
පාද.
කවියක පළමු හා දෙවැනි පද පූර්වාර්ධය ලෙසත් තෙවැනි හා සිව්වැනි පද පශ්චිමාර්ධය ලෙසත් සැලකේ.
දෙවැනි හා සිව්වැනි පද සමපාද ලෙසත් පළමු හා තුන්වැනි පද විෂම පාද ලෙසත් සැලකේ.
කවියක එලි සමය සුරකිමු නිතර අපි
එලිවැට සමඟ යනු ඇත එහි අඳුර කැපී
යතියෙන් සදමු ඉඩ පද'තර මිහිර පිපි
පදයෙන් පදය අමුණමු මුතු විලස හැපී
බොහෝ රසවත්ය...
ReplyDeleteඑලි වැට හා එලි සමය වෙනස හොඳින් හඳුනා ගතිමි.....
ස්තූතියි චතුර..
@තිස්ස අයියා
ReplyDeleteඑලිසම යොදලා කවියක් ලියමුද අයියා
එලිවැට පැනලා අවුලක් වේවිද අයියා
ඒ ගැන හිතලා දුක් වෙනු කුමට ද අයියා
එලිවැට නැතුවත් කවි ලියවෙනවා අයියා...
බොහොම ස්තූතියි...!!
ReplyDeleteමම එළි සමය කියන එක දැනගෙන හිටියට එළවැට කියන එක දැනගෙන හිටියේ නෑ.. අහලා තිබුනා විතරයි...
ජය වේවා....!!
ස්තුතියි සෝරෝ.. එලිවැට දාලා කවි ලියමු එහෙනම්...
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteගොඩක් ස්තූතියි
ReplyDeleteThankyou 🙏🙏
ReplyDelete