Thursday, September 29, 2011

කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්)

කවි නිර්මාණයේ දී විරිතකින් කවිය ලිවීම ඉතා වැදගත් වේ .  සේන අම්බලංගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ වෘත්ත ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටිකවි හදන හැටි - 2කවිහදන හැටි - 3  නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.


ශ්‍රී සිරි වෘත්තය è È   È   È   È
 උදා: -කා මී තා මී
ගුරු අකුරකින් සෑදේ. මෙහි එක් අකුරක් එක් පදයක් ලෙස සලකා ඇති බැවු පෙනේ.


ස්ත්‍රී වෘත්තය   è - È   - È   - È   - È හෝ ÈÈ   ÈÈ   ÈÈ   ÈÈ හෝ È -   È -   È -   È -  හෝ  -- -- -- -- 

උදා : - 1. අනේ පනේ තනේ වැනේ 
            2. කෑවා බීවා ආවා නෑවා
            3. ඒම මේම තාම කෝම
            4. අපි යමු යළි එමු 

කේෂා  è -ÈÈ  -ÈÈ  -ÈÈ  -ÈÈ
මෙම විරිතෙහි ‘ය‘ ගණයෙන් පාද සතරම සම්පූර්ණ කරයි. 
උදා : - සිනා පා | දයා පා | කළාදෝ | මුලා මා

සුමති è --ÈÈ | --ÈÈ | --ÈÈ | --ÈÈ
මෙහි මාත්‍රා ගණන 6කි.
සතුරන්ගේ | තෙද බින්දා | අප බූනා | වැජඹේවා 

මේ අකාරයට සුමුචි, ව්‍රඩා, කුසුමා, ලාසිනී, භාෂිණි, ප්‍රීති, පන්නි, මන්දා, තනුමධ්‍යා, කුමාර ලලිතා, මදලේඛා, මධුමතී, හංසමාලා ලෙස විරිත් ගණනාවක් ඇත. ඉහත කී විරිත් ඇසුරෙන් තවත් අනු විරිත් ද සෑදිය හැක. 

අද වන විට කවියන් විසින් බොහෝවිට පරිහරණය කරණුයේ සමුද්‍ර ඝෝෂ නම් විරිතයි. (අවාසනාවකට මෙම පොතේ සමුද්‍ර ඝෝෂ විරිත සීපද ගණයට වැටෙන විරිතක් බව සඳහනක් ඇතත්, ඊට වඩා විස්තරයක් නැත). මෙම විරිත ද තවත් අනු විරිත් 108 කට පණ ගැන්විය හැකි බව සඳහන් වේ.

වෘත්ත ප්‍රභේද

1. මාත්‍රා වෘත්ත (මත් විරිත්)
මාත්‍රා ගනිමින් සකස් කරයි. මේ සඳහා ගණ පහක් පමණක් යොදා ගනී.
2. වර්ණ වෘත්ත (අකුරු විරිත්) 
අකුරු ගණිමින් සකස් කරයි. මේ සඳහා ගණ අටම යොදා ගනී.


කවියක රසය කොතැනද වැඩිපුර ඇත්තේ
විරිතෙහි තමයි වැඩිපුර බලයක් ඇත්තේ
විරිතට පමණකුත් නැත තැන දිය යුත්තේ
විරිතත් ගලපලයි කවි පබැඳිය යුත්තේ 


2 comments:

  1. සිංහල බ්ලොග් අවකාශය අලංකාර කරන තවත් අපූරු ලිපියක්... අවශ්‍ය කෙනෙකුට සොයාගන්න පුලුවන් මෙහෙම පෝස්ට් දලා තිබ්බම... ස්තූතියි චතුර මල්ලී...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි තිස්ස අයියා...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..