Monday, May 10, 2021

ජීවිතයේ සුවඳ විඳිමු


දහසක් විදි තියේ කෙනෙකුට .............මියැදෙන්න
රහසක් ඇත මෙමට ඒ ගැන ...................පවසන්න
වෙහෙසක් නොගෙන හැකි නම් මෙය පිළිගන්න
පහසක් සොඳුරු ජීවිතයෙහි ...................විඳගන්න

උපතේ දී ම මිය යන'යුරු ......................ලියවේ ද
සැපතේ රැඳෙන්නට හැම විට ...............බැරිවේ ද
විපතේ දැන දැනම වැටෙනට ................සිදුවේ ද
අපතේ නොයා මිය යන්නට ...............හැකිවේ ද

දරනා මත ගොඩයි මත එක ...................නිමිත්ත
කරනා එක හොඳයි තම තම ...............කැමැත්ත
එරනා මඬක සුපිපෙයි මල් ....................කිනිත්ත
පෙරනා සුවඳ විඳගමු හැර ......................ලපැත්ත