Monday, May 10, 2021

ජීවිතයේ සුවඳ විඳිමු


දහසක් විදි තියේ කෙනෙකුට .............මියැදෙන්න
රහසක් ඇත මෙමට ඒ ගැන ...................පවසන්න
වෙහෙසක් නොගෙන හැකි නම් මෙය පිළිගන්න
පහසක් සොඳුරු ජීවිතයෙහි ...................විඳගන්න

උපතේ දී ම මිය යන'යුරු ......................ලියවේ ද
සැපතේ රැඳෙන්නට හැම විට ...............බැරිවේ ද
විපතේ දැන දැනම වැටෙනට ................සිදුවේ ද
අපතේ නොයා මිය යන්නට ...............හැකිවේ ද

දරනා මත ගොඩයි මත එක ...................නිමිත්ත
කරනා එක හොඳයි තම තම ...............කැමැත්ත
එරනා මඬක සුපිපෙයි මල් ....................කිනිත්ත
පෙරනා සුවඳ විඳගමු හැර ......................ලපැත්ත 

2 comments:

  1. ෂ කාලෙකින් චතුර අයියාගේ කයියක් දැක්කේ මරු. වටිනම එක තමයි
    //දරනා මත ගොඩයි මත එක ...................නිමිත්ත
    කරනා එක හොඳයි තම තම ...............කැමැත්ත//

    ඔන්න ඔය සරල කතාව නොදැන මේකේ මරාගන්න එවුන් කියවලවත් තේරුම්ගන්නවනම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි ඇගැයීමට. ඕක ඉතිං අපේ සමාජය තේරුම් ගන්ට තව කාලයක් යයි මයෙ හිතේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..