ජවිපෙ නම් කොටියාගේ පුල්ලි මාරුවක් සිදුවිය.. කැලය නම් මාරු වූ බව හිතන්ට අමාරුය.. එහෙමමයි කියන්ට තවම කල් වැඩි බවත් ඇත්තය.. ජවිපෙ කොටියා ඇල්ටීටී කොටියා හා පටලවා ගන්ට අවැසි නෑ ය. අවැසි ම නම් පටලවා ගත්තත් කමක් නෑ ය. මොකද ජවිපෙ කොටියා අපේ උන්ටම කොරපු හරිය ඇල්ටීටී කොටියා ට දෙවැනි නෑ ය. කොහොම උනත් පරණ කතා දැං වැඩක් නෑ ය. ජවිපෙ දැං හීලෑ කොටියෙක්ය.
මේ කරදහිය ලියන්ට හිතුණේ.. වත්පොතේ ජවිපෙ නංගියෙක් උදේ පාන්දර දමා තිබූ පෝස්ටුවක් දැකලාය. උන්දෑ කියන්නෙ අනුර කුමාර දිසානායක ජනතාවගේ විපක්ෂ නායක කියලා ය. නොකියා කියන්නේ ජවිපෙ ජනතාවගේ විපක්ෂය කියා ය. මං නං කියන්නේ මේක මහ විහිළුවක් කියාය. ජනතාවගෙන් අතිමහත් බහුතරය තවමත් ජවිපෙට විරුද්ධය. විරුද්ධ අද කරපු පවකට නොවේය. මේවා පරණ පවු ය. එජාපය ට වගේ ම ජවිපෙටත් මේ පවු ගෙවලාම ඉවර කරන්ට වෙනවා ය.
එයිට අමතරව ජවිපේ හිතන විදිහෙත් ලොකු අවුලක් තියෙනවාය.. උන් හිතන්නේ නිවැරදි දැක්ම තියෙන්නේ උන්ට විතරක්ය කියාය. උන් හිතන්නේ ජනතාව ඉන්නේ උන් එක්ක කියාය. උන් හිතන්නේ වැඩක් කරන්ට පුළුවන් උන්ට විතරක්ය කියාය.
ඒ විතරක් නොවේය.. උන් හිතන්නේ උන් එක්ක නැති එවුන් ද්‍රෝහියෝ කියාය, ප්‍රතිගාමියෝ කියාය. මෝඩ හැත්තක් කියාය.
ඒ විතරකුත් නොවේය.. උන් මේ මෑත යුගයේ.. ප්රජාතන්තරවාදී උනාට පස්සේ ආණ්ඩු කිහිපයක කොටස් කාරයෝ වෙලා හිටියෝය. ඒ කාලේ මීයෙක් වදලා කන්දක් වැදූ තරමට ප්‍රචාරේ දුන්නෝය.. අදටත් ආණ්ඩුව කරන්නේ මේ වැඩේ ය. එක අතකින් ආණ්ඩුව ජවිපෙ ක්‍රම වේදය කොල්ල කෑවේය. අනිත් අතට ජවිපෙ ජනතාව මහා පරිමාණෙන් රවට්ටන මේ පිළිවෙතට මුල පිරුවේය. දැන් රජයේ මාජ්ජ වල පළු ඇරියත්.. ඒ කාලේ රජයේ මාජ්ජ වල බලය ලැජ්ජා නැති විදිහට යොදාගෙන එජාපෙට ගැහුවේය.
මේ ඔක්කොම කියන්නේ අනුර කුමාර ට හැදෙන්ට නොව.. අනුර කුමාරට පක්සෙ හදනවානම් අදහසක් ගන්ටය.. ඒ වෙන මොකවත් නොවේය.. ජවිපෙ කියන්නෙ තවමත් .. දේශපාලන ව්‍යාපාරය තුළ අඩුවෙන්ම දූෂණය වෙච්ච පක්සයක් නිසාය..
අනුර කුමාර .. මං කැමතිම කතාකාරයෙක්ය. වාචාලවංස වගේ ගිරිය පිප්පගෙන නන්දෙඩෙවුවේ නැති වුණාට.. අනුර කුමාර කියන්නේ තර්කානුකූල කතාය... හරි එඩිතර කතා ය.. අනුර කුමාරටවත්, ජවිපෙටවත් බැරි නැත.. ඒත් ඇඟිල්ලේ තරම දැන ගත යුතුය.. නව නායකයාටත්.. ජවිපෙටත් මං මගේ හදපතුලෙන්ම සුබ පතනවාය..
ඔබ නිවැරදිය
ReplyDeleteබොහොම ස්තුතියි නලීන් අයියා..
Deleteඅපි නං ඉතින් චූ කොල්ලොනේ. හැබැයි අපෙ බාප්පනම් ඔය කතාව දවසක් කිව්ව මතකයි. ජවිපෙට සුභ අනාගතයක් පතමු
ReplyDeleteසුභ අනාගතයක් පස්සෙ ගිහිං නොවැ මේ ටික උනේ.. ඒක හින්දා දැංවත් සුබ අනාගතයක් පතමු.. හික්.. හික්..
Deleteවඩා වටින්නේ මේ තීරණය ඒකත් චන්දයෙන් වුවා නම්ය. නමුත් බලකාමයේදී ශ්‍රී ලාංකිකයා ජේ.වී.පී. යූ.- ඇන්. පී. කියා වෙනසක් නැත. නායකයා වන්නේ අපට කරන්න නම් අප එවැනි අය බාර ගන්නේ කරපිටින්ය.
ReplyDeleteකලක් ජවිපයට අමාත්‍යංශ හතරක් බාර දුන් බව ඔබට මතක ඇතියයි සිතමි. ඒවා ඔවුන් අත් හරියේ කරන්න බැරි නිසා බව අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගත් පසු මම ජ.වි.පෙ. ට ආධාර කිරීමෙන් වැලකුනෙමි. හේතුව අපට අවශ්‍ය ප්‍රායෝගික දේශපාලනයක් මිස න්‍යායික එකක් නොවන නිසාය. ඔබගේ මේ සටහනට මම 100% එකඟ වෙමි. මා පවසන්නේ බෝතලේ වෙනස් වූවාට අරක්කු එකම බවය.
ඔය අමාත්‍යාංශ හතර අත්හැරි කතාව මාත් අසා ඇත. එම අමාත්‍යාංශ හතර තුළින් ඔවුන් බලාපොරොත්තු වූ ජනප්‍රියත්වය ලබාගන්නට ඇති නොහැකියාව ඔවුන් වටහා ගන්නට ඇත. අනෙක් හැම පක්ෂයක් මෙන්ම නොව.. බොහෝ පක්ෂ වලට වඩා ජනප්‍රිය වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ ජවිපෙ බව මගේ අදහසයි.. අද ආණ්ඩුව ජවිපෙට වඩා සාර්ථකව එම කාර්යය කරයි.. එහෙත් මුල් පිටපත ජවිපෙ සතුය..
Deleteබලකාමයේදී ජ.වි.පෙ හෝ එ.ජා.ප කියා වෙනසක් නැතිමයයි මම නොකියමි.. එහෙත් වෙනසක් තිබේමයයි කියන්නටත් නොහැක..
බොහොම ස්තුතියි සුදීක ඔබේ සාරවත් අදහස් ගොන්නට....
//එයිට අමතරව ජවිපේ හිතන විදිහෙත් ලොකු අවුලක් තියෙනවාය.. උන් හිතන්නේ නිවැරදි දැක්ම තියෙන්නේ උන්ට විතරක්ය කියාය. උන් හිතන්නේ ජනතාව ඉන්නේ උන් එක්ක කියාය. උන් හිතන්නේ වැඩක් කරන්ට පුළුවන් උන්ට විතරක්ය කියාය.//
ReplyDelete+++++++++++
අවුලක් තිබුන උනත් උන් එහෙම හිතන එක සර්ව සාධාරණය. එහෙම කියන්නට ද හේතුවක් ඇත්තේය.. අනාදිමත් කාලයක ඉඳන් තමන් ව රවටපු , තමන්ව හූරන් කාපු එවුන්ටත් උන්ගේ පවුල්වල එවුන්ටත් මල් මාල දාල පිලි අරගෙන විල මැද මඩ බංගලාවට තල්ලු කරලා උන් සැප විඳින හැටි බල බල හූල්ල න්න ඉගෙන ගෙන තියෙන ප්‍රඥාවන්ත ජනතාවක් ඉන්න රටක එකට විරුද්ධව වචනයක් හරි කතා කලෙත් කරන්නේ ත මේ ජේවීපී එවුන් විත්රක්මය. ඉතින් එක උන් නොකිව්වත් ඉබේම විද්‍යාමාන වෙන්නේ උන් ට නිවැරදි දැක්ම ක් තියෙනවා කියලා මය.
විරුද්ධ පක්සේ රාජකාරිය.. ආණ්ඩුව විවේචනය කිරීම විතරක් නොවේය. අනෙක් අතට ජවිපෙ තරම් පිළිවෙලකට නොවුනත්.. එජාපයේ මන්ත්‍රීවරයෙක් දෙන්නෙක් හෝ මේ විවේචන කාර්යය සිදු කරනවාය.. අවාසනාව .. ආණ්ඩු පක්සය හෝ විරුද්ධ පක්සය .. මේ විපක්සයේ භූමිකාව හඳුනාගෙන නැති එකය.. එම වගකීම ආණ්ඩුවෙන් ඔවුන් වෙත පවරන්නේත්.. විපක්සයෙන් දරන්නේත් නැති එකය..
Deleteඇත්තටම එකම විකල්පය ජවිපෙද???
ReplyDeleteමට හිතෙන හැටියට නම්.. පටු ආකල්ප දුරු කරන තුරු ජවිපෙ විකල්පයක් නොවේය..
Deleteහරි හමං ආකල්පයක් නැති සිරි ලක් වැසියන්ට විකල්පයක් කොයින්ද කියාත් ඇසිය හැක..
නායකත්වය වෙනස්වීම තුලින් පමණක් ජවිපේ වැනි පක්ෂයක ලොකු වෙනස්වීම් දැක බලා ගැනීමට නොහැකිය. මධ්‍යම කාරක සභාවත්, දේශපාලන මංඩලය තුල තවමත් සිටින්නේ ඒ ඒ අයමය. මේ පලාත් සභා මැතිවරනය නම් කාට කාටත් හොඳ ටෙස්ට් එකක් වෙනු ඇත. අවසාන උද්ඝෝෂනයටත් ජවිපේ සහභාගි නොවීම හිතාගන්නට බැරිය.
ReplyDeleteමොනවා උනත් අද තර්කානුකූලව යම් ජනතා ප්‍රශ්නයක් දෙස බැලීමට ඔවුන් දක්වන උනන්දුව අනිකුත් ප්‍රධාන පක්ෂ සිතා බැලිය යුතුය.
//මොනවා උනත් අද තර්කානුකූලව යම් ජනතා ප්‍රශ්නයක් දෙස බැලීමට ඔවුන් දක්වන උනන්දුව අනිකුත් ප්‍රධාන පක්ෂ සිතා බැලිය යුතුය.//
Deleteසත්තකින්ම..
එමෙන්ම තර්කානුකූලව ජනතා ප්‍රශ්න විමසා බලන් ජවිපෙ.. ප්‍රායෝගිකවත් ජනතා ප්‍රශ්නවලට මැදිහත් වෙනවා නම්.. අප කැමතිය..
This comment has been removed by a blog administrator.
ReplyDeletesakarya
ReplyDeleteyalova
elazığ
van
kilis
İ0JİS
sakarya
ReplyDeleteelazığ
sinop
siirt
van
687
https://titandijital.com.tr/
ReplyDeletemersin parça eşya taşıma
osmaniye parça eşya taşıma
kırklareli parça eşya taşıma
tokat parça eşya taşıma
URE
istanbul evden eve nakliyat
ReplyDeleteurfa evden eve nakliyat
konya evden eve nakliyat
tunceli evden eve nakliyat
denizli evden eve nakliyat
1PBR6
871ED
ReplyDeleteYenimahalle Parke Ustası
Diyarbakır Evden Eve Nakliyat
Aydın Evden Eve Nakliyat
Tekirdağ Çatı Ustası
Urfa Lojistik
İzmir Evden Eve Nakliyat
Edirne Parça Eşya Taşıma
Poloniex Güvenilir mi
Mardin Lojistik
8AB86
ReplyDeleteKars Şehir İçi Nakliyat
İstanbul Şehirler Arası Nakliyat
Batıkent Boya Ustası
Çankırı Lojistik
Düzce Evden Eve Nakliyat
Hakkari Lojistik
Altındağ Boya Ustası
Mersin Şehir İçi Nakliyat
Düzce Lojistik
7562E
ReplyDeleteprimobolan
buy deca durabolin
buy testosterone enanthate
order winstrol stanozolol
order pharmacy steroids
testosterone propionat
buy sustanon
buy testosterone propionat
order steroid cycles
B2523
ReplyDeletekırklareli random görüntülü sohbet
burdur sohbet odaları
bedava sohbet odaları
tamamen ücretsiz sohbet siteleri
hakkari en iyi görüntülü sohbet uygulamaları
Antep Goruntulu Sohbet
goruntulu sohbet
kars kızlarla canlı sohbet
bedava görüntülü sohbet
HNGJNYMJ
ReplyDeleteشركة تسليك مجاري بالقطيف
شركة مكافحة الحمام بالجبيل bSzFqJQGlh
ReplyDeleteرقم المجاري بالاحساء RUgKKBUAu3
ReplyDeleteشركة عزل اسطح بالقطيف mdL8FdJkrM
ReplyDelete13A0BA3B83
ReplyDeletebegeni satin al
E644A1E8F6
ReplyDeletegerçek takipçi satın al
E25BC2B9BC
ReplyDeletetiktokta takipçi kasma
8E6ABBDE77
ReplyDeleteinstagram aktif turk takipci