Monday, February 17, 2014

මං තාමත් කළුයි...

         
එදා ඇඳපු කොට කලිසම මගේ පුතුට ලොකුයි
එදා අඬපු ඇහැ මාගේ අද පේනව අඩුයි
එදාටත් වඩා වැඩියෙං උඹ නං මට දුරයි
මං තාමත් කළුයි මගේ හිසකේ නං සුදුයි
  
මල් දුන්නට ලී හොයන්න කැලේ පැන්න මං
වල් ගොන්නට පහර දිදී සුද්ද කරපු මං
කල් ගන්නට විභාගයෙන් බොරුත් කිවුව මං
සිල් පැන්නට ඉහිං කනිං තාම කළුයි මං
  
හිතට සවිය ගතට දිරිය තාමත් මට තිබෙයි
දහම දනිමි ඇසුරු කරමි හැබැයි නිරාමිසයි
දුකම නොවේ දුරස් වීම සොබාවයක් නිසයි
මං තාමත් කළුයි.. ඒත් හිසකේ නං සුදුයි
  

8 comments:

  1. මෙලොව දහම නිසැක ලෙසම හැමදේටම පොදුයි
    එයම සිතට කියයි මිතුර වෙනස අරුම නොවෙයි

    - බොහොම අගෙයි චතුරයා

    ReplyDelete
    Replies
    1. සැවොම එලෙස කියයි එහෙත් නියත කියල හිතයි
      මං කිවුවෙත් එයයි ඒත් හිතට ටිකක් දුකයි..
      :D

      Delete
  2. ඔබේ කවිවලතරුණ බව නම් නැත මදක්වත් අඩුවෙලා
    මගේ සිතුවිලි කියාපානව නුඹට පීනස ඇතිවෙලා

    ReplyDelete
    Replies
    1. ඔයා හරි මල්ලියේ ඇත්තට පීනසේ මට තියෙනවා
      ඒත් අද බැරි වුණොත් හෙටවත් මහළු බව මට ලැබෙනවා

      Delete
  3. කුඩයි ලොකුයි තරුණයි දැන් තළත්තැනි තමයි
    එදා කොරපු කොලු වැඩ අද කළ නොහැකි තමයි
    අපි ජාතක කරපු පුත්තු දැන් තරුණයෝ තමයි
    අපි ආ මග අමතක නම් උන් අප මග හරියි

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..