නු ව න'ඟ කැලුම සැඟැවුණු ඉඟි සැලෙන | නුරා |
සි යො ළ ඟ බැඳෙන සසොබන ගති පෙළෙන | සරා |
අ ව ස ඟ අම රසය හැම රස නහර | පුරා |
මෙ ප ත'ග පතල තෙද බලනුය නුවර | අරා |
තුරු හිස් වෙහෙසවා නොගෙනෙති නව | නින්දා |
රණ ගොස් සිහි දවා නිකැළැල් බව | සින්දා |
සඳ රස් දිය පුරා යති සිහිනය | කැන්දා |
අනුහස් බලග පුර සිරි මිහිමත | ඇන්දා |
සිකි පිල් සැලේ නුබ පුපුරා නිලට | නිලේ |
අම විල් ජලේ මිණි උතුරා පෙළට | දිලේ |
බිඟු දැල් පෙළේ මත සපුරා තිබෙන | බලේ |
වණ මල් දොළේ නැත සතුරා මම ය | හෙළේ |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Tuesday, February 11, 2014
පුර සිරි අනුහස්
Subscribe to:
Post Comments (Atom)
අපූරු පද පෙළක්.
ReplyDeleteඑතරම් කවි ලියන්නට බැරි නිසා , මගේ බ්ලොග් පිටව පැත්තෙත් එන්නැයි ආරාධනා කර පමණක් නවතින්නම්.
බොහොම ස්තුතියි ආරාධනාවට.. ඔන්න මාත් ගිහින් ආවා.. ඔබේ නිර්මාණ ඉදිරිපත් කර ඇති භාෂා විලාශය අපූරුයි.. සුබ පතමි..
Deleteරන් යුග රහල් තෙර කව් පද හදපු පෙමින්
ReplyDeleteඅමතක නොවනු ඇත හිමි සිහිකරමි පෙමින්
මහ කවි සිටින ලෝ තල පිහිනමින් හෙමින්
යන මගෙ කවිත් අැවිදින් කියවපං හෙමින්
කාලය හිඟයි.. ...වැඩ ඇත දහසකුත් එකක්
Deleteවේගය අඩුයි .... වයසනෙ අත පයත් ටිකක්
දාහය නිවා.. ලැබුණොත් ඉඩ දිනක් දෙකක්
මාලය නුඹේ .කවි පළඳිමි නොවෙම් සැකක්
ඔබෙ කවි වලාවන් නිතරම කියවන්නේ
ReplyDeleteනැත කිසි සැකක් එහි සොම්නස උතුරන්නේ
සියවර දහස් වර නිති කවි කියවන්නේ
මගෙ කව් වලට ඇයි කව් රජු නොම එන්නේ
පිළිගමි, ගරු කරමි ඔබ මට දෙන දිරිය
Deleteඉඳ හිට බොගේ වත් පොතෙ වැඩිපුර හරිය
කවි රජු කියා නොකියන් මට තව බැරිය
නුඹෙ කවි කියවන්ට අද එමි ගෙන විරිය