Uber - ත්‍රී රෝද වලිය නැගලා යද්දී කට පියං ඉන්න එක .. මට ටිකක් අමාරු වැඩක් නිසා මෙසේ ලියමි. පැත්තක ඉඳං ලියන එක අසාධාරණ වුවත්.. මැද්දක ඉඳං ලියන්ට හිත් නොදෙන්නේ ත්‍රි රෝද ත් එක්ක මගේ ඇරියස් එකක් තියෙන නිසා ය.
එකී ඇරියස් එකට හේතු කිහිපයකි. කිලෝ මීටරයකට රු. 10ක් තරම් වියදමක් යද්දී.. ඒ වගේ පස් ගුණයක් හෝ ඊටත් වඩා අය කරන එක එක් හේතුවකි.. පාරේ යද්දී වැඩිපුරම මාර්ග නීති කඩන්නේ ත්‍රී රෝද කරුවන් වීම තවත් එකකි. රටේ අපරාධ වලට ත්‍රී රෝද කරුවන් බොහෝ සෙයින් දායක වන නමුත්.. එය එතරම් ලොකු හේතුවක් නොවේ.. පාරට බැස්සහම වාහනයක් පාර්ක් කරන්ට හදන ඕනම තැනක ත්‍රී රෝද රථ ගාලක් ය.. එය ද ලොකු ම හේතුවකි.
තත්වය එසේ වුවත්.. ත්‍රි රෝද රථ රියැදුරෝ.. යම් යම් අවස්ථා වලදී සමාජයට විවිධ සේවා සපයති. අනතුරක් වූ විටෙක.. මොවුන් බොක්කෙන්ම ඉදිරිපත් වෙති.. උදවු කරති.. පාරවල් හොයාගෙන යන විටදී ගූගල් නංගිටත් වඩා විශ්වාසදායී මාර්ගෝපදේශකයා ත්‍රී වීල් මල්ලි ය.
Uber, PickMe, Sonit වැනි Cab Service ආයතන ගැන මගේ පැහැදීම හොඳ ය. ත්‍රී රෝද රථ මිළ ට ආසන්න හෝ ඊටත් අඩු මිළකට කාර් එකක් ලබා දෙන මේ සේවාව අගය කළ යුතු ම ය. මේ අතර Uber සුවිශේෂී වන්නේ.. මිළ බොහෝ සෙයින් අඩු වීමත්.. විවිධ වෘත්තීන්හී නියැලෙන්නන්ට තමන්ගේ ගමන් බිමන් අතර තුර කීයක් හෝ හොයාගන්නට මඟ පාදා දීමත් නිසා ය. එයට අමතරව නවීන තාක්ෂණය ඔස්සේ.. වාහනය තිබෙන තැන සොයාගැනීමේ පහසුව ද Uber, PickMe වැනි ආයතන මඟින් ලබා දී ඇත..
මගේ මතයට අනුව නම්.. වෘත්තීය පූර්ණ කාලීන ත්‍රී රෝද රථ ධාවකයින්ගේ සේවය.. ඉදිරියේදී ලංකාවට අවැසි නොවනු ඇත.. ඔවුන් ද වෙනත් වෘත්තියක නියැලෙන අතර තුර, මෙම වෘත්තියෙහි යෙදීම යහපත් ය. අනෙක් අතට .. ඔවුන් මේ අයකරන අසාධාරණ මුදල වෙනුවට.. සාධාරණ මුදලක් අය කරන්නේ නම්.. ඔවුන්ගේ රැකියාව අවදානමකට ලක් වන්නේ ද නැත.
වඩා හොඳ සේවය සමඟ තරඟකාරීව ගැටෙනු නොහැකි විට.. අයථා ලෙස ඔවුන්ව පන්නා දැමීමට උත්සාහ කිරීම ම ඔවුන්ගේ ඇති මුග්ධ බව ලොවට කියා පාන්නකි.. Uber වැනි ආයතන වැඩි වැඩියෙන් බිහිවේවා යන්න මගේ පැතුමයි..
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Thursday, October 25, 2018
Tuesday, October 23, 2018
සුසන්තිකා කුහක ද?
සුසන්තිකා ජයසිංහ.. එන්නට පෙර.. ආසියාවේ කළු වෙළඹ.. දමයන්ති දර්ශා ය. එහෙත්.. සුසන්තිකා ගේ ආගමනයෙන්.. දර්ශාට පසු බසින්නට සිදු විය.. දර්ශා.. සුසන්තිකා ලෙසින් කෑගෑවේ නැත. ඔලිම්පික් පදක්කමක් ගෙනා සුසන්තිකා.. වීරවරියක් විය.. ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා විය.. සුසන්තිකා.. තමන්ට ලැබුණු දෑ මදි බවට හඬ නඟන්නට විය.. සුසන්තිකා දුෂ්කරත්වයේ ගිරි දුර්ගය තරණය කළ.. වීර කාන්තාවක් බවට තර්කයක් නැත.. හඬ නඟා බොහෝ දෑ ඇය ලබා ගත්තාය.. ඒ නිසා ම ක්ෂේත්රයේ අනෙක් අයට ද පෙරට වඩා සැලකිලි ලැබෙන්නට ඇතැයි ද මම සිතමි..
කාලය ගෙවී ගොස් පාරමී - පාසැල් දියණිය.. යොවුන් ඔලිම්පික් පදක්කමක් ගෙන ආවාය.. ඇයගේ කතාව ද සුසන්තිකාගේ මෙන් ම දුක්බර එකකි.. ඇය ට සුසන්තිකාට පාසැල් කාලයේ නොලැබුණු වරප්‍රසාද ලැබුණු බවට සැකයක් නැත. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් .. ඒ කාලේ කරපු දේවල් වලට වඩා දෙයක් කරන්නට ද ඇත. එහෙත්.. පාරමීට ද සුසන්තිකාට මෙන්ම ලැබෙන/ලැබුණ ටික මදි බව ඇය කීවාය..
මෙයට උත්තර බඳින්නේ සුසන්තිකා වීම දෛවයේ සරදමක් බඳු ය... සුසන්තිකා.. ප්රශ්නය දකින ආකාර කිහිපයකි.. පළමුවැන්න.. ඇය තමාගේ පාසැල් කාලයේ තමාට ලැබුණු දෑ.. සමග පාරමී ට ලැබෙන දෑ සංසංදනය කරයි..දෙවැනුව .. ඇය තමාගේ පදක්කම හා පාරමීගේ පදක්කම සංසංදනය කරයි.. තෙවැනුව.. ඇය ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරිනියක ලෙස බලයි.. මේ අවස්ථා තුනේදී ම ඇයට පාරමී .. පෙනෙන්නේ කුඩාවට වීම අරුමයක් නොවේ.. මේ හැර.. මවක, මානව දයාව පිරි කාන්තාවක ලෙස ඇය පාරමී ව දුටුවා නම්.. තත්වය වෙනස් වන්නට තිබුණි.. එහෙත් සුසන්තිකා යනු සුසන්තිකා ය.. ඇය රේස් දුවන/දුවපු කෙනෙකි..
පාරමී තව යා යුතු දුර බොහෝ ය. මේ පදක්කමට වඩා වටින්නේ .. ඇය ගැන සැම දෙනා ගේ අවධානය යොමු වීමය.. සුසන්තිකා ගිය දුරට වැඩි දුරක් දිවීමට ඇයට ඉඩ ඇත.. අවශ්‍ය කැපවීම හා ධෛර්යයි.. ඒ දෙකත් සුසන්තිකාගෙන් ම උගෙන.. හැසිරීම.. දර්ශාගෙන්, ශ්‍රියාණි කුලවංශගෙන් එහෙම ඉගෙන ගන්නේ නම්.. පාරමී ඔබ රටට සම්පතක් වනු ඇත...

Subscribe to:
Posts (Atom)