Tuesday, November 28, 2017

අදින් හෙටට

ඉස්සර මං උසස් පෙළ කරන කාලෙ.. මං අවිස්සාවේල්ලටත් හැතැක්ම දෙකක් විතර එහායින් නෙ හිටියෙ.. ඉස්කෝලෙ තිබුණෙ.. කොල්ලුපිටියෙ ඉතිං උදේ පාන්දර ගෙදරින් පිටත් වෙනවා.. සඳුදට නම්.. පාන්දර හතර හමාරට.. අනෙක් දවස් වලට පාන්දර පහයි කාලට විතර.. දැං වගේ.. අවිස්සාවේල්ලෙ ඉඳං පාසැල් බස් තිබුණෙ නෑ ඒකාලෙ.. (අපි අයින් වෙන කාලෙ තමයි පටං ගත්තෙ.. ). ඉතිං කොහොම හරි.. මං බස් එකට නැග්ගට පස්සෙ.. ඉඳගෙන ඉන්න කාට හරි පොත් බෑග් එක දෙනවා.. බොහොම සුහද සිනහවකුත් දාලා.. ඒ කාලෙ ඉතිං දන්නවනෙ .. වැඩිම වුණොත් පොත් තුන හතරයි තියෙන්නෙ.. එක දවසක් මේක දුන්නු කෙනා.. ඒක ප්‍රතික්ෂේප කළා.. ළමයි වුණාම බෑග් එක අරං යන්න පුළුවන් වෙන්න ඕනලු.. එයාලගෙ කාලෙ.. ඔහොම කාටවත් කරදර කළේ නෑ ලු.. එයාලා ගොඩක් මහන්සි වෙලා ලු ඉස්කෝලෙ ගියේ.. ආදී වශයෙන්.. කතන්දර ගොඩක්.. 

තමන් මහන්සි වෙලා යම් දෙයක් ලබා ගත්තා නම් ඒක හොඳයි.. ඒත් එහෙමයි කියලා තවත් කෙනෙකුත් .. ඒ මහන්සියම යොදවලා එය ලබා ගන්ට ඕනියි කියලා හිතන එක මොන වගේ තත්වයක් ද? බුදු හාමුදුරුවො එහෙම හිතුවා නම් එහෙම.. :D රහතන් වහන්සේලා ට ත්  ඉස්සෙල්ලා.. දුෂ්කරක්‍රියා එහෙම කරලා.. එන්ට වෙයි.. :D 

අපි බස් වල පැය 2-3 දුක් විඳගෙන ඉස්කෝලෙ ගියේ.. ඒත් අපේ දරුවන්ට ඒ දුක දෙන්ට හොඳ නෑ කියලයි අපි නම් හිතන්නෙ.. එකාතකට.. දුක් විඳීමෙන් ලැබෙන පන්නරය ළමයින්ට අහිමි වෙනවා තමයි.. ඒත්.. ජීවිතය කියන්නෙ එහෙමයි.. ලෝකෙ අලුත් වෙනවා.. ඕනම ක්ෂේත්‍රයක අලුත් අය පටං ගන්න ඕන පරණ අය නවත්තපු තැනින්.. පරණ අය විදිහට ම ඉගෙන ගෙන .. යම් දෙයක් ඉදිරියට ගෙනයන්න පුළුවන් ද කියන එක ගැටළුවක්..

2 comments:

වටිනා අදහස් ලියනු මැනේ..