මගෙ හද මුලින් බැඳුණේ මහ සයුර | වෙත |
ඇය මට ආදරෙයි තව පෙම්වතුන් | ඇත |
අමතක කර දමා මා ඇගෙ චපල | හිත |
නදියට බැඳිමි පෙම් මගෙ නව පැතුම් | මත |
වෙනසක් කොහිද නදියත් කිසි කමක් | නැත |
හිඟයක් නොමැත ඇයටත් හුඟ දෙනෙක් | ඇත |
හරවා හිත මගේ යළි පොඩි දොලක් | වෙත |
නිදහස් කරගතිමි එම හුරතලෙන් | කැත |
දොලටත් කියන අයිතිය බොහො දෙනෙක් | ඇත |
මොනවා කරන්නද හදවත නැඟෙයි | මත |
බෝතලෙ හැටට විකුණන කඩ පිළක් | වෙත |
ගොස් මිල දී ගතිමි දැන් තරඟයක් | නැත |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Wednesday, January 29, 2014
මගේම ආදරයක් සොයා..
Subscribe to:
Post Comments (Atom)
ගත්තත් මුදල් දී බෝතලයක් හැටට
ReplyDeleteතනිවම හැකිද උගුරක් ගන්නට කටට
දැඩි අදිටනින් ගන් මේ දෙය නුඹෙ සිතට
නොහැකිද තබන්නට නැවතුම් තිත මතට
හෙක්.. හෙක්..
Deleteවිකුණන්නට තියෙන දිය බෝතලයකට
මම මත් වෙයිද මන්දා මොන කරුමෙකට
වැවු ඉස්මත්තෙ ඉඳලා නුඹ තිවු තිතට
මත් වී වගෙ ද මා පෙනුනේ මිත නුඹ ට
හෝ හෝ වැරදිලා
ReplyDeleteඇත මගෙන් ලියවිලා
සමාවක් ඉල්ලලා
හඩමි මම දුක්වෙලා
මොනවද ඕව' නම්
Deleteඅමතක කරමි මං නම්
ඔබට පුළුවන් නම්
තවත් අදහස් අසා ඉන්නම්
වතුර මුදලට
ReplyDeleteමුදල වතුරට
චතුර කවියට
කවිය චතුරට
විහිළු කෙරුවට
Deleteතිබෙයි නියමෙට
අතැර ලටපට
ලියමු කවි හෙට