"හැඟුම් වලට ඉඩ දෙන්න" කියා පුවරුවක ගසා තිබුණද, එය කියවන්නට මට හැකි වුවද, හැඟුම් යනු කවරක්ද, ඒවාට ඉඩ දෙන්නේ කෙසේද යන්න ගැන එදා මට අවබෝධයක් තිබුණේ නැත..
හැඟුම් කියන්නේ අපට හිතෙන දේවල් වෙන්ට ඇති කියා සම්පත් අයියා කීවේ ඔහුට තිබුණු තේරුමේ හැටියටය.. අපට හිතෙන දේවල් වලට ඉඩ දෙන එක නම් හොඳ දෙයක්.. මම මටම කියා ගතිමි.. ඒත් මං ටික ටික ලොකු වෙද්දි.. හිතෙන දේවල් වලට ඉඩ දුන්නොත් නම් මහා විනාශයක් වෙන බව තේරුම් ගියේ.. මගේ හිතට.. හොඳ අදහස් වලට සාපේක්ෂව විශාල වශයෙන් නරක අදහස් ආව නිසාය.. ඒවාට ඉඩ දුන්නා නම් මං වැලිකඩය..නැතිනම් බෝගම්බරය..
ඒ කාලෙ සම්පත් අයියා කිවුවේ.. හැඟුම් කියන්නේ අපට දැනෙන දේ කියාය.. අපේ හදවතට දැනෙන දේ කියාය.. ඒවාට ඉඩ දෙනවා නම් කොච්චර හොඳ ද.. මට හිතුණේ එහෙමය.. මට මොන දේ හිතුණත්.. මං ඒක කරන්න ඕනි ද නැද්ද කියලා මට දැනෙනවා.. අන්න ඒ දැනීමට තමයි එහෙනම් මං ඉඩ දෙන්න ඕන..
මට නිරෝ ගැන ආදරයක් දැනුණේ ඔය කාලයේ ය. ඒ දැනීමට ඉඩ දිය යුතු බවට මම තීරණය කළෙමි. ඉතිං මං නිරෝ ට ආදරය කළෙමි.. ඒත් නිරෝට ඒ ආදරය දැනුණේ නැත. ඇය මගේ ආදරය ප්‍රතික්ෂේප කළාය. ඒත් දිගටම මගේ හැඟීමට ඉඩ දෙන්ට මං තීරණය කළෙමි.
නිකම් පිස්සෙක් වෙන්ට එපා බං.. හැඟීම් තිබුණට ඒවට ඕන විදිහටම හැසිරෙන්න එපා.. මොලයක් තියෙන්න පොඩ්ඩක් කල්පනා කරලා බලපං. සම්පත් අයියාට හොඳට ම කේන්ති ගිහින්ය. ඔහු කියන්නේ හැඟුම් වලට උනත් පාලනයකින් යුතුව බුද්ධියෙන් විමසා ඉඩ දිය යුතුයි කියා ය.
මගේ හැඟීම වෙනස් විය.. නිරෝ කෙරෙහි මගේ ආදරයක් නැති බවක් දැනිණ.. මම ඒ හැඟීම ට ඉඩ දුනිමි..
ලස්සන සටහනක් චතුර මල්ලී! ඔබේ කවි වගේම සුන්දරයි!! ජය!!
ReplyDeleteබොහොම ස්තුතියි චන්දන අයියා.. ලබා දෙන දිරියට..
Deleteබුද්ධිය පබාහෝ දුරට විද්ද්‍යවත් එක්ක යන දෙයක් සේය නමුත් හැගීම් මේ සියල්ල අභිබවා යනු ඇත. එය අපගේ අන්තර්ඥානය හා සම්බන්ද දෙයක් යන්න මගේ හැගීමයි
ReplyDeleteහැඟීම්.. මහා විශාල පරාසයක විහිදිලා තියෙන දෙයක්.. ඒක මෙහෙමයි කියලා විග්‍රහ කරන්න මට නං අදහසක් නෑ.. බොහොම ස්තුතියි සොයුර.. අදහස් දැක්වීමෙන් දක්වපු අනුග්‍රහයට..
Delete