දහසක් විදි තියේ කෙනෙකුට .............මියැදෙන්න
රහසක් ඇත මෙමට ඒ ගැන ...................පවසන්න
වෙහෙසක් නොගෙන හැකි නම් මෙය පිළිගන්න
පහසක් සොඳුරු ජීවිතයෙහි ...................විඳගන්න
උපතේ දී ම මිය යන'යුරු ......................ලියවේ ද
සැපතේ රැඳෙන්නට හැම විට ...............බැරිවේ ද
විපතේ දැන දැනම වැටෙනට ................සිදුවේ ද
අපතේ නොයා මිය යන්නට ...............හැකිවේ ද
දරනා මත ගොඩයි මත එක ...................නිමිත්ත
කරනා එක හොඳයි තම තම ...............කැමැත්ත
එරනා මඬක සුපිපෙයි මල් ....................කිනිත්ත
පෙරනා සුවඳ විඳගමු හැර ......................ලපැත්ත
ෂ කාලෙකින් චතුර අයියාගේ කයියක් දැක්කේ මරු. වටිනම එක තමයි
ReplyDelete//දරනා මත ගොඩයි මත එක ...................නිමිත්ත
කරනා එක හොඳයි තම තම ...............කැමැත්ත//
ඔන්න ඔය සරල කතාව නොදැන මේකේ මරාගන්න එවුන් කියවලවත් තේරුම්ගන්නවනම් වටිනවා.
බොහොම ස්තුතියි මල්ලි ඇගැයීමට. ඕක ඉතිං අපේ සමාජය තේරුම් ගන්ට තව කාලයක් යයි මයෙ හිතේ..
Delete