Friday, August 26, 2011

කවි හදන හැටි - 3 (සුබ ගණයෙන් කවි ලියමු)

කවි නිර්මාණයේ දී ද සුබ අසුබ ප්‍රතිඵල ගැන සිතා නොයෙක් ගුප්ත දේ මේ කාව්‍ය සාහිත්‍යයට එක් වී ඇත.  සේන අම්බලම්ගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ ගණ ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටිකවි හදන හැටි - 2  නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.



කවියකින් ලැබෙන ඵලය සුබ වන්නටත් අසුබ වන්නටත් කවියේ මුල්ම අකුරු තුන හේතු වන බව මෙම “ගණ” ශාස්ත්‍රයෙන් කියැවේ.

ම, න, බ, ය  - සුබ ගණයන් ලෙසත්, ජ,ර,ස,ත අසුබ ගණයන් ලෙසත් විග්‍රහ වේ.

සුබ ගණ

ම - ගණය - ගුරු හෙවත් ඇදෙන අකුරු තුනක් එක් වීමෙන් සෑදේ.  “සේ නා වෝ”, “මා ලා වෝ” උදා හරණ වේ.

න - ගණය - ලඝු හෙවත් කෙටි අකුරු තුනක් එක් වීමෙන් සෑදේ. “මලක” , “සුමට” උදාහරණයන්ය.

බ - ගණය - මුලින්ම ගුරු අකුරක් හා ඉන් පසු ලඝු අකුරු දෙකක් එක් වී සෑදේ. “නා මල”, “‍යා දෙ ක” උදාහරණයන්ය.

ය - ගණය - මුලින්ම ලඝු අකුරකුත්, පසුව ගුරු අකුරු දෙකකුත් එක්ව සෑදේ. “දමාලා”, “කවාලා” උදාහරණයන්ය.

අසුබ ගණ

ජ - ගණය - මැදට ගුරු අකුරක් හා දෙපසට ලඝු අකුරු දෙකක් එක්වී සෑදේ. “හිමාල”, “වනාත” උදාහරණයන්ය.

ර - ගණය - මැදට ලඝු අකුරක් හා දෙපසට ගුරු අකුරු දෙකක් එක්වී සෑදේ. “පීනනා”, “සාගරේ” උදාහරණයන්ය.

ස- ගණය - අගට ලඝු අකුරක් හා මුලට ගුරු අකුරු දෙකක් එක් වී සෑදේ. “ආකාස”, “ලාලාට” උදාහරණයන්ය.

ත- ගණය - අගට ගුරු අකුරක් හා මුලට ලඝු අකුරු දෙකක් එක් වී සෑදේ. “සොබනා”, “නිවනා” උදාහරණයන්ය.


කවි පන්තියක් ඇරඹීමේදී හා හිටිවනම කවි ගායනා ඉදිරිපත් කිරීමේ දී සුබ ගණ වලින් ඇරඹීම යෝග්‍ය බව සේන මහතාගේ අදහසයි.

මලක සුවඳ විහිදෙනවා නම් ...............නිබඳ
බඹරු රොනට නේමට කාරණ ............කිමද
“ගණ” ගැන වැඩිය සතුටක් නැති මුදු ....මහද
ලිව්වා තියෙන දේ විස්තර කර ..............සබඳ

12 comments:

  1. දෙතුන් පාරක් කියවලා ඔලුවට දාගන්න ඕන කරුණු ටිකක් තියනවා .......

    ReplyDelete
  2. @පන්සල් හංදිය

    ගණ පිහිටුවලා ම කවියක් ලියමුකෝ එහෙනං...

    ReplyDelete
  3. මමත් කවි ලියන්න ඉගෙන ගන්න ආසයි.මේ ලිපි දැක්කා විතරයි.තාම කියවන්න බැරිවුනා.නිවාඩු පාඩුව කියවලා කවියක් හදන්න පුරුදු වෙන්න ඕන.

    ReplyDelete
  4. දැනුවත් කලාට ස්තුතියි..සහෝ..

    ReplyDelete
  5. ඔබ ලියා ඇති දේ ටිකක් විතර පැටලිලි සහිත වුනා..ටයිපින් මිස්ටේක් ටිකක් තියනවාදෝ කියලා සැකයි...

    ReplyDelete
  6. @Luckey
    ගැටළුව ඇත්තේ උදාහරණ සම්බන්ධයෙන්ද? වැරැද්දක් ඇත්නම් කියා දෙන්න. මොකද උදාහරණ ටික මං අතින් දාපුවා. මං තේරුම් අරන් තියෙන විදිහ වැරදිද දන්නේ නෑ නොවැ. මට ඊ තල්පතක් එවන්ටකෝ. අපි කතා කරලා පැටලැවිලි ලිහා ගමු.

    ReplyDelete
  7. මේ වැඩේ නම් බොහොම වටිනවා...ස්තුතියි...

    ලකී කියපු දේ මමත් දැක්කා.."කුමාර" "සිතාර" අයිති වෙන්නේ ඊට උඩින් ලියලා තියන ගණයට නේද? "චාමිකා" වගේ වචන තමයි ර'ගණයට අයිති.

    ඒ වගේම ස'ගණයට සහ ත' ගණයට දීල තියන උදාහරණ මාරු වෙන්න ඕන නේද?

    ReplyDelete
  8. @Sayuri
    බොහොම ස්තුතියි වැරැද්ද පෙන්වා දුන්නාට. හරියටම හොයලා බලලා වරද නිවැරදි කරන්නම්. ලකී කිව්වට මට හොයා ගන්න බැරි වුණා වරද.

    ReplyDelete
  9. බොහෝම වටිනා සේවයක්, මෙම පොත ගැන දැන ගන්නට ලැබීමත් ලොකු දෙයක්. ස්තුතියි.

    ReplyDelete
  10. "ය - ගණය - මුලින්ම ලඝු අකුරකුත්, පසුව ලඝු අකුරු දෙකකුත් එක්ව සෑදේ. “දමාලා”, “කවාලා” උදාහරණයන්ය."

    මේක අවුල් වගේ!

    මෙහෙමද?
    "ය - ගණය - මුලින්ම ලඝු අකුරකුත්, පසුව ගුරු අකුරු දෙකකුත් එක්ව සෑදේ. “දමාලා”, “කවාලා” උදාහරණයන්ය."

    ReplyDelete
  11. @Raj Anthony Jayapala
    ස්තුතියි..
    @Akila DJ
    බොහොම ස්තුතියි. වැරැද්ද පෙන්වූවාට. ඔබ නිවැරදියි..

    ReplyDelete
  12. ලිපිය නිවැරදි කරලා වගේ...බොහොම ස්තුතියි චතුර :)

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..