අප නිතරම පන්සල් යනවා... මල් පහන් බුදුන්ට පූජා කරනවා.. ඒත් අපේ හිත් තුල වස විස ඕනි තරම්... අනුන්ගේ වැරදි හොයන්න... අනුන්ව හෙලා දකින්න නිමිත්තක් තියෙනවද කියා බලමින් ඉන්න එකනේ වැඩිපුරම කරන්නේ...
පහුගිය දවසක පන්සල් ගිය වෙලාවක මගේ දුවයි මගේ මල්ලි කෙනෙක් ගේ දුවයි විනෝදෙන් ඉන්න වෙලාවක පිංතූරයක් ගන්න මට පුළුවන් වුණා....
ඒ පිංතූරය දැක්කම මට හිතුණා ඔවුන් කොයි තරම් සැහැල්ලුවෙන්ද මේ ඉන්නේ කියලා...
ලොකු වෙනකොට ඒ සැහැල්ලුව ඔවුන්ට නැති වෙන බව හිතෙනකොටත් දුකයි....
ඒත් ඒක එහෙම නොවෙන්න නම් සමාජ ආකල්ප වල ලොකූ වෙනසක් විය යුතුයි....
මේ සැහැල්ලුව මේ ලෙංගතුකම අපේ සමාජය වෙලාගන්න දවසක් එනකම් මං හීන දකිනවා...
විශිෂ්ඨ විමසුමක් සොයුර.
ReplyDeleteපුංචි කැකුළු සිත් කවදත් විස නැහැ.
හදපත්ලින්ම පතනවා ඒ දරුවනට හැමදාම මෙලෙස එකමුතුව ඉන්න ලැබේවා කියා!
බොහොමත්ම ස්තුතියි mdee සොයුර...
ReplyDeleteපුංචි පැන්චියො දෙන්නා එකතුවෙලා යමක් මතක් කරලා දෙනවා.. ස්තුති බෙදාගත්තට
ReplyDeleteස්තුතියි රවා...
ReplyDelete