Wednesday, March 31, 2010

ආදරණීය අබේ...




අපව හැරදා ගියද සමුගෙන
රැඳෙනු ඇත ඔබ සදා සවනත
එපමණක් නොව ඔබ ලබා දුන්
මිහිර අපමණ තරම් විය මට....

නොදැක ඇති මුදු නුඹව හැබැහින්
හදවතේ නුඹ හට ඉඩක් විය...
ඒ ඉඩෙහි නුඹ කරපු හරඹය
සදාකල් මා හදට සුවඳය...

අපව සැනසූ ඒ සොඳුරු හඬ
යලිත් පතනට දිරිය නැත මට
නිවන් පුර රන් දොරටු හැරගෙන
යන්න පිං පෙත් පතමු නුඹ හට....
.

පිංතූරෙ ගත්තෙ මෙතැනින්..

4 comments:

  1. අබේ ගායකයෙක් විතරක් නෙවේ දක්ෂකම් පිරි නිශ්පාදකයෙක්, අධ්‍යක්ෂක වරයෙක් ඔහු ඔපකල මිණිමුතුවක් තමයි රූපවාහිනියේ ගොඩාක් ප්‍රසිද්ධ වූ නන්දන වින්දන සංගීත ප්‍රසංගය.

    අබේ නිසා ගොඩාක් නවකයින් ඉදිරියට ආවා රූපවාහිනිය තුලින්.

    ගායකයෙක් වශයෙන් ඉතා ප්‍රියකර අයෙක්. ඒ ගී හඬ කවදත් රැව්දේවි...

    සොයුරාණෙනි අබේ, ඔබට නිවන් සුව!

    ReplyDelete
  2. මචං . . අද මම ලියන්න ඉන්නේ මගේ 100 වෙනි පෝස්ට් එක . . ඒකට මම අබේ අයියා ගැන ලියනවා කියලා 27 වෙනිදා ඉඳන්ම හිතාගෙන හිටියේ . .. උඹ ඒකට තවත් උත්තේජනයක් ලබා දුන්නා වගේ මචං . .

    ReplyDelete
  3. @ දුකා
    කපුගේ ගැන ලියන්න අදහසක් නැත්ද ?

    ReplyDelete
  4. @Mdee - ඔබ දීලා තියෙන්නේ ඉතා හොඳ විග්‍රහයක් සහෝ... ඇත්තටම ඔහු අපේ හදවත් තුල සදා අමරණීයයි... ඔහුට නිවන් සුව පතනවට වඩා දෙයක් අපි කොහොම කරන්නද...?

    @දුකා - කොච්චර ලිව්වත් තවත් ලියන්න දේ තියෙන මිනිසුන් අතර අබේවර්ධන බාලසූරිය නම් ශ්‍රේෂ්ඨ කලා කරුවාට හිමිවන්නේ උපරිම තැනක්... උඹ මට වඩා වටිනා දෙයක් ලියයි කියලා මං විශ්වාස කරනවා...

    @Anonymous
    ඔව් කපුගේත් අපිට හිටිය හොඳම ගායකයෙක්... ලියනවා නම් ලොකු දෙයක්...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..