නොමියෙන දනන් ලෙස නිරතුරු පසු වන්නේ
මියෙතත් නැවත උපදින බව නැහැ දන්නේ
පින්කම් වලට නෑ වැඩි අවසර දෙන්නේ
කම් සැප විඳින්නයි නිරතුරු හිත දෙන්නේ
පරගැති සිරිත ඉහටම ගෙන නලියන්නේ
සෝබන ගති සිරිත් සැම තැන පතුරන්නේ
ගුරුකම්, සාස්තර කරමින් රැවටෙන්නේ
මිනිසුනි කෙලෙස කෙදිනද නිවනට යන්නේ
හැකි හැම විටම දස අකුසල් නොකරන්නේ
හැම විට දස කුසල්මය කල යුතු වන්නේ
කෙලෙසුන් අතැර තුන් හිත පහදා ගන්නේ
මිනිසුනි අන්න එහෙමලු නිවනට යන්නේ
විස්තරය මෙතැනින් බලන්න
මියෙතත් නැවත උපදින බව නැහැ දන්නේ
පින්කම් වලට නෑ වැඩි අවසර දෙන්නේ
කම් සැප විඳින්නයි නිරතුරු හිත දෙන්නේ
පරගැති සිරිත ඉහටම ගෙන නලියන්නේ
සෝබන ගති සිරිත් සැම තැන පතුරන්නේ
ගුරුකම්, සාස්තර කරමින් රැවටෙන්නේ
මිනිසුනි කෙලෙස කෙදිනද නිවනට යන්නේ
හැකි හැම විටම දස අකුසල් නොකරන්නේ
හැම විට දස කුසල්මය කල යුතු වන්නේ
කෙලෙසුන් අතැර තුන් හිත පහදා ගන්නේ
මිනිසුනි අන්න එහෙමලු නිවනට යන්නේ
විස්තරය මෙතැනින් බලන්න
ලස්සනට පද වැල් කරලා තියෙන්නෙ සම්පූර්ණ ඇත්තක් ගැන .......
ReplyDelete@කල්හාර
ReplyDeleteස්තුතියි සහෝ... දිරි ගැන්වීමට..