Friday, December 10, 2021

මගෙ පුතුට වයස දැන් දොළොහයි..

 

පියාඹන කාලයට 

තටු දුන්න පුතණුවනි

දැං නුඹත් ලොකු වෙලා ගානයි

ඇස් පියාගෙන බැලූ

ඒ සොඳුරු ළමා විය

නුඹෙන් වෙන් වී යන්න වාගෙයි

පුතේ ඇස් ඇරගන්න

නව යොවුන් ලෝකයම

සුන්දරයි.. ඒත් හද පාරයි

පෙනෙන දේ ඇහෙන දේ

දැනෙන දේ නොව පුතේ

හරි ම දේ මයෙ පුතුට බාරයි




7 comments:

  1. ඇත්ත වශයෙන්ම විජේකෝන් මහත්තයා ඉතාම සතුටු දායක පුවතක්. දෙවියන්ගේ කැමැත්ත අනුව තමයි මේ දේවල් අපට ලැබීම නොලැබීම තීරණය වන්නේ. ඉතින් උන් වහන්සේගේ කැමැත්ත ඒක නං අපි ඒකට එකග වෙන්න ඕනි.

    සාන්ත අන්තෝනි මුනිතුමාගේ පිහිටයි විජේකෝන් පවුලේ පුතාටත්.

    ReplyDelete
  2. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දක්වා ඇත. අපගේ සිඩිය දැනට මෙරට පවතින වඩාතම විශාල බ්ලොග් සංඛ්‍යාවකට ගොඩවිය හැකි සින්ඩියයි. බ්ලොග් 1140 කට වැඩි සංක්‍යාවකට ඒ තුලින් පිවිසිය හැක! වරක් ගොඩවී බලන්න. අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගය තුලින් ප්‍රචාරනයක් ලබාදීමට කටයුතු කරණ්න!

    ReplyDelete
    Replies
    1. මගේ වෙබ්බ්ලොග් අඩවියද ඔය සින්ඩියට ඇඩ් කරගන්නා මෙන් ඉල්ලා සිටිමි.

      sinahalawelakatha.blogspot.com

      Delete
    2. කණගාටුයි! මෙම ලින්කුවෙන් ගියද හමුවන බ්ලොගයක් නොමැත!~

      Delete
  3. මාව බලා යන්න ආ පුතු ඇත්තටම ලොකුද ? හොඳ මඟ පෙන්වීමක් සොඳුරු පියෙකුගෙන්. හරිම දේ තේරුම්ගන්න මනා ශිල්පය උගත යුතුමයි පුතේ. එතකොට තමයි සැබෑ මිනිසත්කමේ සුවද වැගිරෙන්නෙ. නැත්නම් තාත්තාගේ හා මගේ බලාපොරොත්තු කාන්තාරෙට වැටුනු දියබිඳක් වෙනවා. ඔන්න කිව්වා පරිස්සමින්... " නව යොවුන් ලෝකයම සුන්දරයි"

    ReplyDelete
  4. ආදරණීය පුතුට ත්‍රිවිධ රතනයේ පිහිට හා ආරක්ෂාව ලැබේවා. ඔබේ කැදැල්ල හැමදාම සතුටෙන් හා සෙනෙහසින් පිරෙන තැනක් වේවා.

    දරුවෝ උසමහත් වෙද්දී දෙමාපියන්ගේ ද උරහිසට ලොකු බරක් දැනෙනවා. චතුර මල්ලී, ඔබවැනි යහපත් කෙනෙකු රැස්කල යහපත් සම්පත් වල පිහිට දරුවන්ට, ඔබ සැමට ආශීර්වාදයක් වෙනවාට සැක නැහැ. එදා හුරතල් පුතුට ආදරණීය තාත්තා වගේම වඩාත් සමීපතම කුළුපඟ මිතුරා වෙන්න, එදාට වඩා එය හෙට දවසට ලොකු බොන්ඩ් එකක් වෙයි.

    ReplyDelete
  5. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..