Saturday, December 31, 2022

2022 ත් ඉවරයි!

 මීට අවුරුදු ගණනාවක ඉඳං රටේ දිනෙන් දින ජරා ජීර්ණ වූ දේශපාලන හා ආර්ථික යාන්ත්‍රණය නිසා ගහෙන් වැටී සිටි ජනතාවට, කොරෝනා මෙන්ම මහින්ද, ගෝඨාභය හා බැසිල් ඇතුළු රාජපක්ෂ රෙජිමය එක්වී ක්‍රි.ව. 2019 දෙසැම්බරයේ සිට ම පමණ ඉක්මවා ලබා දුන් ප්‍රභල විරේක බෙහෙත් නිසා ජනතාව ෆුල් මාවලස් තත්වයක සිටි අතර, මෙම වසරේ මාර්තු පමණ වන විට තත්වය වඩාත් උග්‍ර වූයේ රට පුරා, ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් මෙන්ම පැය 10-12 විදුලිය කැපීම් ද පටන් ගත් නිසා ය. ඇත්තෙන්ම සිදු වූයේ අඬන්නට බලා සිටි අහිංසක ජනතාවගේ ඇහැට එළිපිට ම රාජපක්ෂලා ඇඟිල්ලෙන් එක දිගටම ඇනීමේ ප්‍රථිඵලයක්ය. 


රසායනික පොහොර තහනම, හිතුමතේ මුදල් අච්චු ගැසීම, හොරකම් යට ගැසීම, මිනීමරුවන් නිදහස් කරගැනීම, සත්‍ය කතාකරන්නන් සිරගත කිරීම වැනි බොහොමයක් කරුණු නිසා දැඩි සිත්තැවුලට පත්ව සිටි මිනිසුන්ගේ ආවේග එළියට ආවේ ඉන් පසු ය. කබ්‍රාල් මහබැංකු අධිපති, බැසිල් මුදල් ඇමති, මහින්ද අගමැති පමණක් නොව ගෝඨාභය ජනපති ද  එළවා මිසක ජනතාව අරගලය අතහැරියේ නැත. එහෙත් සටනේ බලාපොරොත්තු අහිමි කරමින් තව දුරටත් හොරු රකින - බොරු කරන සිස්ටම් එක පවත්වා ගෙන යාමට පොහොට්ටු පක්ෂයේ සහායෙන් අටවන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්විය. කවුරු කොහොම කිවුවත් ඔහු මේ සිස්ටම් එකේ වඩාත්ම ජනතාව ප්‍රතික්ෂේප කළ කරුණු යම් පමණකට සංසිඳවමින් ද, තම ඥාතීන් වූ රාජපක්ෂලාට අගතියක් වන එක වළක්වමින්ද, අවුරුදු ගණනක් කෙළ හල හලා සිටි ජනපති පුටුව මහත් සතුටින් වැළඳගමින් ද තනි මන්ත්‍රී අසුනක් සතු එජාපය නියෝජනය කරමින් ගෝඨාභයගේ ඉතිරි වසර දෙක හමාරක පමණ ධූරකාලයට වග කියන්නට පටන් ගත්තේය. 

රනිල් ඒමට පෙර බන්කොලොත් වූ රට තවමත් එහෙමය. නමුත් ගෑස් ටික, ඉන්ධන ටික, විදුලිය ආදිය නොමැතිව  මිනිස්සුන් විඳි ප්‍රභලම ගැටළු ටික යම් මට්ටමකට පාලනය කළ ආකාරය සමස්ථයක් ලෙස ප්‍රශංසනීය ය. එහෙත් මේ හුදු කල් මැරීමක් මිස හැබෑ විසඳුමක් නොවන බව ජනතාව තේරුම් නොගන්නා නිසා, බැණ බැණ හෝ සියල්ල ඉවසීමට ජනතාව දැනට තීරණය කර ඇත. 

ඒ අතර ව්‍යාපාරිකයන්ගෙන් හා ලක්ෂයට වැඩි වැටුප් ලබන්නන්ගෙන් දරුණු ලෙස බදු අය කර ගැනීමටත් විදුලිය හා ජලය සඳහා දැවැන්ත මිළ (ඉහළ යාමේ) සංශෝධන ඇතුළත් කර රනිල් රජය ජනතාවගේ බොටුව තදින් ම මිරිකා ඇත. 

2020, 2021  වසර වල දැඩි ලෙස අකර්මණ්ය වූ ව්‍යාපාර යන්තම් ඔළුව උස්සන්නට හදන විට රනිල් දෝත බදලා තඩි පොල්ලකින් බෙල්ලටම ගසන්නට සැරසේ. 

2023 තත්වය වඩාත් අසීරු වීමට නියමිත බව පෙනෙන අතර එය එසේ නොවී ජනතාවට සුබසිද්ධිය උදාවේවායි ආදරයෙන් ප්‍රාර්ථනා කරමි. ඔබ හැමට ලබන්නා වූ නව වසර සුබ නව වසරක් වේවා!







6 comments:

  1. විජේකෝන් සමලිංගික ද

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියපු චතුර විජේකෝන් නම් විෂම ලිංගිකයි. සම ලිංගික විජේකෝන් ලා ත් ඉන්න පුළුවන් . 😂

      Delete
  2. සුබ නව වසරක් වේවා... ඔබටත්!

    ReplyDelete
  3. මාර්තු 9 වෙනිදා ප්‍රාදේශීය සබා චන්දෙන් පස්සේ ජේවීපී එක බලය අල්ලනවා.

    ඊට පස්සේ චතුර විජේකෝන් වගේ ද්‍රෝහීන් එක පෙළට සිටුවා වෙඩි තැබිය යුතුයි

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..