නිමල් අන්නාසි ව්‍යාපෘතියක් පටන් ගත්තේ මහත් බලාපොරොත්තු සහිතවය. ඔහු තම හිතවතුන් කිහිප දෙනෙකු ද හවුල් කරගෙන හොඳ අන්නාසි වර්ග කිහිපයක් හොඳ ඉඩ කඩක වගා කළේය. හොර බොරු නැතිව, වස විස නොයෙදූ අන්නාසි වගාව සරු වී අස්වනු නෙලන්නට පටන් ගත්තද, අන්නාසි වලට බලාපොරොත්තු වූ තරම් ඉල්ලුමක් නොමැති බැවු දැනගත් නිමල් මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට නම්.. හොඳ තැරැවුකරුවෙක් නොහොත් මාර්කටියර් කෙනෙක් අවශ්‍ය බැවු තේරුම් ගත්තේය. දක්ෂ නිර්මාණශීලී තරුණයෙකු මෙන්ම තමන් තරමක් හොඳින් දන්නා හඳුනන සුනිල් අභියෝගාත්මක රැකියාවක් හොයන බව ආරංචි වූ නිමල්, සුනිල් ඇමතුවේ.. සුනිල්ටත්, නිමල්ටත් දෙදෙනාට ම යහපතක් වනු ඇතැයි සිතමිනි..
ඉතාම මිත්රශීලීව නිමල් හා සුනිල් දෙදෙනා සිය අදහස් හුවමාරු කරගත්තේ මෙසේ ය..
නි: මල්ලි ඔයා රස්සාවක් හොයනවා කියලා ආරංචි වුණා.. ඔයා දැනට රස්සාවක් කරනවා නේද?
සු: ඔවු අයියා.. දැං සෑහෙන කාලෙක ඉඳං මං අහවල් තැන වැඩ කරන්නෙ.. පඩි නම් ටිකක් අඩුයි.. ඒ ඇරෙන්න එතනින් අයිං වෙන්න මට කිසිම හේතුවක් නෑ.. ඒත් මට හිතෙනවා මට මීට වඩා දෙයක් කරන්න පුළුවං කියලා..
නි: හොඳයි මල්ලි.. ඔයා දන්නවනෙ.. මං අන්නාසි ව්‍යාපාරයක් කරනවා.. හොඳ අන්නාසි වර්ග ටිකක් මගෙ ගාව තියෙනවා.. ඒත් මේක තව ටිකක් සමාජගත කරන්න ඕන කියලා මං හිතුවා.. මල්ලිට පුළුවන්.. මුලින් ඔයා කරන රස්සාව කරන ගමන් ම මගේ ව්‍යාපාරය ට උදවු කරලා.. වෙළඳාම සරු උනහම .. මගෙත් එක්ක ස්ථිරවම එකතු වෙන්න..
සු: අයියා කෙසෙල් වගා කරන්නෙ නැද්ද? අන්නාසි වලට වඩා දැං කෙසෙල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.. ආනමාළු, ඇම්බුං වගේ ඒවාටත් වඩා ඇඹුල්, සීනි විකුණන්න පුළුවන්.. ඒවා වගා කරන විදිහ අවශ්‍ය නම් මං කියලා දෙන්නම්..
නි: හොඳයි මල්ලි.. අපි දවසක හමු වෙලා කතා කරමුකො.. තෙරුවන් සරණයි..!
ප.ලි
ෂෝයි.. සංවාද පොඩ්ඩ නේද?