Saturday, December 1, 2012

෴෴උරුමයි නම් යමක් හිමිවෙයි෴෴


පුංචිම පුංචි කාලේ ඇය වෙත බැන්ද
ඒ ආලයේ අරුතක් නොදැනුණෙ මන්ද
ඉන්පසු උදාවිය කාලය සැප වින්ද
බෝලය පිත්ත වූවා මගෙ පණ කෙන්ද

ගැටවර වියට එළැඹුණු ගත සිත සැනිණ
ඔබ වෙත නොවේ වෙනතක යන බව දැනිණ
අවසන පෙම් සුවේ රස තව කුළු ගැනිණ
ඇය ඇති හදෙහි ඔබ හට කොටසක් නොවිණ

කම් සැප නොවෙයි ආලය යනු හිතපු මම
අම්බරයට කියා මගෙ ඇති සුදන කම
නිම් නැති ලොවක සෙවුවා සුන්දරම පෙම
පෙම්බර ඇය ගියා ගිලිමින් ඔහුගෙ ඇම

කාලය පැමිනුණා මට දීගෙක යන්න
කෝමත් නොහැක මවුපිය හිත් හඬවන්න
ආ.. යෝජනාවට හෙමිහිට ඉඩ දුන්න
මා ගියෙ අලුත් මනමාලිව හමු වෙන්න

පුදුමයි ඒත් ඇත්තයි ඒ ඔබම තමා
සතුටුයි මටත් නෑ හසරැළි තවම නිමා
උරුමයි නම් යමක් හිමිවෙයි දනිමි මෙමා
හිනැහෙයි ඔබත් එහෙනම් යයි සුළඟ හමා..

16 comments:

  1. අලේ....එතකොට එයාවම හම්බ උනාද ? නියමයි නේ අප්පා..

    පද ටික ලස්සනයි අයියේ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් විතරයි නංගි.. හැබැයි.. මේ කතාව වටා ඇත්ත චරිත වල ආභාෂය නං තියෙනවා..

      Delete
  2. අනේ ඇත්තට මටත් ඒ විදිහටම වෙනව නම් දවසක කොච්චර හිතට සතුටක් දැනේ විද මටත්...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම්.. එසේම වේවා කියලා පැතුවා..

      Delete
  3. එතකොට ඒ කවුද එයා ?
    නෑ නෑ දැන් එයා මෙහේ නෑ ....

    ..කවිපද ටික අපූරුයි මිත්‍රයා

    ReplyDelete
  4. හෙම් සුන්දරයි.....

    ReplyDelete
  5. ඒ ආලයම ද ජය ගත්තෙ කියල අහන්නෙ නම් නෑ ඔන්න. කවිපද ටික අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අහන්නෙ නෑ කිවුවනේ.. කමක් නෑ ඒත් කියන්නම්...

      උත්තරේ.. නෑ..

      Delete
  6. මට ඔය ගැන අනිත් පැත්තටම හිතෙන්නෙ ඇයිද මන්දා.. අපි අවාසනාව කියලා හිතන දේ කැරකිලා වාසනාව වෙලා අපි ළඟට එනවා කියලා හිත හදාගන්නවා විතරයි කියලා මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔවු.. ඔවු.. එහෙම තමයි වෙන්නේ..

      Delete
  7. හෆ්ෆට සිරි... අන්තිමේ හම්බුනා එහෙනම්... මම නම් තාම දෙවැනි කවිපෙලේ.... :'(

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..