Saturday, December 29, 2012

කවිය නොතේරේ..


මට තේරෙන ඔබේ කවිය 
ඔහුට ම ලියු ප්‍රේම කවිය
මුළු හදින්ම බැන්ද කවිය
ඔහුට නොතේරේ....

මම ඇය හට ලියපු කවිය
මගෙ සෙනෙහස පුදපු කවිය
පැතුම් පිරුණු මගේ කවිය
ඇයට නොතේරේ....

ඇයත් ඔහුත් ලියපු කවිය
අප හදවත් දවපු කවිය
ඒ දෙන්නගෙ ප්‍රේම කවිය
අපට නොතේරේ...

අපි දෙන්නා ගයපු කවිය
සෙනේ බිඳුණු විරහ කවිය
ඉකි බිඳ බිඳ හඬන කවිය
ලොවට නොතේරේ..

9 comments:

  1. තේරෙන්නේ නැහැ මෙයා

    ReplyDelete
  2. මේ මොන උභතෝකෝටිකයක්ද? අනේ මන්ද පිස්සු හැදෙන ජීවිතේ.

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි මළයා.. නිදි වරද්දි ලියැවෙන ඒවා නේ..

      Delete
  3. තුන්කොන් ප්‍රේමයක කවිය
    කොණකින් ගෙන ලියූ කවිය
    උඹේ පිස්සු බූට් කවිය
    අපිට නොතේරේ.....

    ReplyDelete
    Replies
    1. ලිවුවට මං බූට් කවිය
      ලිවුවෙ උඹයි නියම කවිය
      කොහොම වනන්නදෝ කවිය
      මටම නොතේරේ..

      Delete
  4. සරල වචන ටිකක් එකතු කරලා ලියලා තිබ්බට මටනං තේරුන් නැ ඇත්තටම

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..