හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා..
මේ පද පෙළ අපේ ජීවිත වලට කොයි තරම් සමීප ද? අපි හිත හීලෑ කිරීමේ ක්‍රමවේදය නොදන්නා නිසා කොයි තරම් නම් ප්‍රමාද වී ඇත්ද?
මේ පද පෙළ අපේ ජීවිත වලට කොයි තරම් සමීප ද? අපි හිත හීලෑ කිරීමේ ක්‍රමවේදය නොදන්නා නිසා කොයි තරම් නම් ප්‍රමාද වී ඇත්ද?
මෙළොව එළිය දුටු දා සිට සරලව ගලා ගිය ජීවිතයට කඳු, බෑවුම් එමට ඇති බවත්, එළියට පෙනෙන සුන්දර බවට යටින් ඇත්තේ අසුන්දර බවම බවත්, අපට මේ ගලා යන ගඟෙන් එතෙර වීමේ මඟට පිවිසීමට ඇත්තේ සීමිත ඉඩ කඩක් බවත් ක්‍රම ක්‍රමයෙන් වටහා ගත්තෙමි..
එසේ සීමිත වූ ඉඩ කඩින් ප්‍රයෝජන ගැනීමට පෙර.. මා කර ගහ ගත් දෑ.. වඩාත් සුරක්ෂිතව බිමින් තැබිය යුතු බවත්.. එසේ බිමින් තැබීමෙන්.. ඒ දෑ වලට කිසිදු හානියක් සිදු නොවිය යුතු බවත් මම වටහා ගත්තෙමි..
ඉතා පරෙස්සමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවත්, පළමුව ඒ සඳහා ඇති බාධාව වන ආර්ථික ගැටලු නිරාකරණය කළ යුතු බවත් අවබෝධ කොට ගත්තෙමි..
අන්තර්ජාලය නම් මෙවලම පහුරක් ලෙස මිස විනෝදාශ්වාදය සපයන හුළං බෝට්ටුවක් ලෙස යොදා ගත යුතු නොවන බව ද වටහා ගත්තෙමි..
එහෙත් තවමත්.. ෆේස් බුක්, බ්ලොග් හරහා.. මගේ හිත ඇවිදියි.. හිතෙන හිතෙන තැන නවතියි.. කවි ලියමු යැයි කියයි.. බ්ලොග් පෝස්ටුවක් දමමු යැයි කියයි...
යළි යළිත් මම ප්‍රමාදයට පත් වෙමි.. ආර්ථික යුද්ධය යළි යළිත් පරාජය වීමේ අවදානමක් ඇත..
මා තනි වෙනවා මා ලිව යුතු වූ වැඩසටහන් අතරේ..
සිත දිව යනවා.. මූණු පොතේ ඇති කවි සටහන් අතරේ..
සිත පවසනවා බ්ලොග් එක ලියලා නිදියා ගමු කියලා
වැඩ ගොඩ වෙනවා.. හෙටම නිදාගමි අද රෑ නිදි වරලා

ඔව්ව ඔහොම තමා අයියා, අපි හුඟක් දෙනෙක් එකම බෝට්ටුවෙ. කොහොම උනත් ඉන්න ටික කාලෙ ජොලියෙ ඉන්න තමා මගේ නම් අදහස, බ්ලොග් බලන්න එන්නෙ, ජාලගත වෙන්නෙ ඉතින් ඒකටම තමා.
ReplyDeleteඒක නම් එහෙම තමයි මල්ලි.. හැබැයි ඔයා ඉතිං තනිකඩයා නොවැ..
Deleteපළමුව රාජකාරිය,
ReplyDeleteදෙවනුව පුළුවන් රසවින්දනයට.....
හැබෑව.. ඒක වැටහෙනවා.. ඒත් හිත හීලෑ නෑ නොවැ..
Deleteබ්ලොග් ලෝකයට නවකයෙක් වන මටද ඔය ප්‍රශ්නයම තියනවා චතුර. බ්ලොග් කියවීමට ඇබ්බැහිවෙලා කිව්වොත් හරි. මමත් පහුගිය කාලේ අතපසුකල වැඩ බොහෝමයි.
ReplyDeleteඒකනේ.. ඇබ්බැහි වීම හොඳ දෙයක් නම් නෙවී..
Deleteඔයාගෙ බ්ලොගය පැත්තේ ගියා.. අපූරු බ්ලොගයක්..
ඇබ්බැහි වීම් නම් හොඳයි. ධනාත්මක හා හොඳ පැත්තට නම් ඒක...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
අනේ මංදා.. හොඳ පැත්තට වුණත් ඇබ්බැහි වීම ට වඩා පාලනයකින් යුතුව කරනවානම් නේද හොඳ?
Delete//යළි යළිත් මම ප්‍රමාදයට පත් වෙමි.. ආර්ථික යුද්ධය යළි යළිත් පරාජය වීමේ අවදානමක් ඇත..// කාටත් මේ වගේ තමයි මල්ලී, අපිටත් මේ ටිකේ ප්‍රශ්ණ, පහල කට්ටිය යන්න හදනවා, එයාලා අවුරුදු 3ක් ඉන්න ආවත් දැන් යනවා කියලා දන්වලා. අටලෝ දහම කැරකෙන හැටි තමයි. හිත සසල කර ගන්න එපා.
ReplyDeleteසිත සසල වුණත්.. මොහොතකට විතරනේ අක්කා.. සිතත්.. සිතුවිලිත් අනිත්‍යයි නොවැ..
Delete