Tuesday, February 16, 2010

එපා මට ඔබ ගේ සෙනේ!

 

මගේ නෙතු අග කඳුළු බිඳුවක
අගය නොදනින සොඳුරියේ
සිනාසෙනු කිම ම'සිත හඬවා
තනිව ඔබගේ ලෝකයේ
සිතින් ඔබ වෙත බැඳී සිටියෙමි
කිසිවෙකුට නොදැනෙන ලෙසේ
වරද වූයේ මගේ අතිනුයි
මුළු ලොවම පැවසූ ලෙසේ
අහිංසක මා සෙනේ පැතුමන් 
අවමනට ලක් කර මෙසේ
සිනාසෙන්නට එපා ලඳුනේ
එපා මට ඔබගේ සෙනේ..
 මෙහි පසුබිම නිර්මාණය කරදුන් දිලක්ෂිකා සොයුරියට මාගේ ප්‍රණාමය.

2 comments:

  1. නිශාන්ත අනුරුද්ධOctober 19, 2011 at 11:47:00 PM GMT+5:30

    ඒ මොකෝ ඒ

    ReplyDelete
  2. මේ වගේ අයට ආදරය කොරලා මොකටද? ..

    හික්ස්..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..