Friday, February 25, 2011

අහඹු හමු වීමකින් ජීවිතය වෙනස් විය හැකිද?

ජීවිතයේ අපට බොහෝ දෙනා හමු වෙනවා. එයින් ටික දෙනෙක් බොහෝ කල් අප සමඟ සමීපව වෙසෙනවා. තව සමහරු ටික කලක් සමීපව ඉදලා පස්සේ දුරස්ව ආශ්‍රය කරනවා. සමහරු දකින්නෙත් එක දවසයි. සමහරු හමු වී සුළු මොහොතකින් ජීවිතය පුරාම වෙලෙනවා. ඔය විදිහට හමුවන අය විවිධ විදිහට අපට අපේ ජීවිත වලට බල පානවා. මෙයින් එක කොටසක් ඉන්නවා අහම්බෙන් හමුවෙලා අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන. මං අද මේ ලියන්නේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළ අහඹු හමු වීම ගැනයි.

එතකොට මං උ/පෙ කරන්න පටන් ගත්තා විතරයි. මං ජීවත් වුනේ අවිස්සාවේල්ල පලාතේ. අපි එහෙට අළුතින් ගිය නිසාත් මං උ/පෙ කරන්න කලිං බෝඩිං වෙලා හිටිය නිසාත් මට අවිස්සවේල්ල පැත්තෙ යාළුවො හිටියෙ නෑ. දවසක් ග්‍රේරු සර් ගෙ පංතියට ගිහිං හවස ගෙදර එන්න ඉන්නකොට CTB බස් එකක් ආවා. මං අත දැම්මා. බස් එක නවත්වන්න වගේ ඇවිල්ල නවත්තන්නෙ නැතුව යන්න ගියා. මාත් බස් එකේ එල්ලෙන්න ගිහිං බස් එක ගිය නිසා නැවතුනා. තවත් කොල්ලෙක් මං කරපු දේ ම කළා. මං ඔහු දිහා බැලුවා. දුවමුද කියලා ඇහුවා. නුගේගොඩ හංදියේ ටිකක් තද බදය තිබුණ නිසා අපිට දුවන්න පුළුවං වුණා. මට ඉස්සෙල්ලා ඔහු බස් එකට නැංගා. ඉස්සරහා ආසනයක් ඉතුරු වෙලා තිබුණ නිසා ඔහු ඉඳගත්තා. මට ඉඳගන්න තැනක් තිබුණේ නෑ. ඒත් රියැදුරු අසුනට සමාන්තරව තියෙන අසුනේ කට්ටිය හරි බරි ගැහිලා මටත් ඉඳගන්න දුන්නා. මෙන්න ඊලඟ නැවතුමෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැංගා. මගේ මිත්‍රයාට ආසනය අහිමි වුණා. එයා දැන් මං ගාවට ආවා. මං එයාගෙ බෑග් එක ගත්තා. ටික දුරක් ගිහිං ආසනයත් දුන්නා. ඔයිං මෙයිං අපි දෙන්නා හොඳටම යාළු වුණා. ඊ ලඟට තව යාළුවො සෙට් එකකුත් හැදුණා. උ/පෙ කරලා අවුරුදු 2-3 යනකං ම මේ යාළුවොත් එක්ක තමයි ජීවිතයෙ දුක සැප බෙදා ගත්තේ. ඔවුන් එක්ක කරපු දේවල් ලියන්න ගියොත් නම් මේ බ්ලොග් එක ලියලා ඉවර කරන්න සෑහෙන කාලයක් යයි. ඒ තරම් ඔවුන් මගේ ජීවිතයට බල පෑවා. එදා බස් එකට දිව්වේ නැත්නම් සමහර විට මගේ ජීවිතය මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා. ඒ යාළුවගෙ නම ක්‍රිශාන්ත. අද ඔහුව ඉඳහිට ඇසුරු කලත් එතරම්ම සමීප නෑ. ඒත් ඔහු මගේ ජීවිතයේ ඉරණම බොහෝ සේ වෙනස් කළා.

හිරිමල් වියේ හමුවන මිතුරන්ට ජීවිතයට ලොකු බලපෑමක් කළ හැකියි කියලා මං නිතරම විශ්වාස කරන්නේ මේ කාරණාව නිසා වෙන්න ඇති.

6 comments:

  1. මෙන්න මෙහෙම හතාවක් තියනවා

    "එක ජාතියේ කුරුල්ලන් එකට රංචු ගෑසේ"

    ReplyDelete
  2. ජීවිතයක් ඇති කරන්නත් නැති කරන්නත් තමන් වටා ඉන්න යාළුවන් බලපානව... ඒකත් පාසල් අවධියෙදි තමයි ගොඩක්ම....

    ReplyDelete
  3. @කණියා
    මේක මං ටික කාලෙකට කලිං ලිව්ව බ්ලොග් ලිපියක්. සංස්කරණය නොකරමයි මෙතැන දැම්මේ. අද වෙනකොට මං දන්නවා හැබැහින් හමු නොවුනු online යාළුවන්ටත් අපේ ජීවිත ඉරණම වෙනස් කරන්න පුළුවන් බව....

    සටහනට ස්තුතියි සහෝ...

    @ඉලංදාරියා

    ඔවු මල්ලී. ඒ කතාව ඇත්ත. ඒ වගේම වෙන ජාතිවල කුරුල්ලොත් සමහර වෙලාවට වෙනත් රංචු වල ඉන්නවා.

    ස්තුතියි මල්ලි..

    @සොඳුරු සිත

    ඔවු. Teen Age (13-19) අවධියේදී ආස්‍රය කරන යාළුවෝ නිසා ජීවිතය බොහෝ සෙයින් වෙනස් වෙනවා....

    ස්තුතියි සහෝ..

    ReplyDelete
  4. ඒකනම් ඇත්ත. ජීවිත ගමනෙදි වරින් වර හමුවෙන ඇතැම් යාලුවො හින්දා අපේ ජීවිත හරි පුදුම විදිහට වෙනස් වෙනවා. හුඟක් වෙලාවට ඒ අය හමු වෙන්නෙත් හරිම අහඹු විදිහට. එහෙම ලොකු වෙනසක් කරන්න පුළුවන් අය හමුවෙන්නෙනම් දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි. නමුත් අපි හිතන විදිහට තාවකාලිකව හෝ තදබල බලපෑමක් ඇති කරන අයනම් ඊට වඩා හමුවෙනවා.

    ReplyDelete
  5. @චන්දි අක්කා
    අතීතය ආවර්ජනය කරද්දී ඒ වගේ සිදුවීම් ගැන හරිම පුදුම හිතෙනවා නේද අක්කේ?

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..