Thursday, November 17, 2016

බැරිදා විග්‍රහය! කල්ලි

අපේ රට නිරන්තරයෙන්.. ක්‍රමිකව හා ඉතා සීග්‍රයෙන්.. ආක්‍රමණය කෙරෙමින් පවතී.. එය සිදුවන්නේ විවිධ ආකාරයට ය.
1. දේශපාලන කල්ලි
2. පාතාල කල්ලි
3. ආගමික අන්තවාදී කල්ලි
4. ජාතිවාදී කල්ලි

ඔවුහූ තම ආක්‍රමණය විවිධ ස්වරූප හා විවිධ මං ඔස්සේ දියත් කරති.. මෙකී කල්ලි අතර අපූරු සහ සම්බන්ධතා ද පැවතීම ජුගුප්සාජනකය. මේ කල්ලි වලට මැදි නොවී නිදහස් මිනිසුන් අතලොස්ස .. තම තමන්ගේ හිතවතුන් එකී කල්ලි වලින් මුදවා ගැනීමට කෙතෙක් උත්සාහ දැරුවද එයින් පළක් නොවේ..
පළමු කල්ලි දෙක එළිපිට රටේ හා ජනතාවගේ දේපොළ සොරකම් කරමින් හා මංකොල්ල කමින් තම ආක්‍රමණය දියක් තරන අතර අනෙකුත් කල්ලි ජනතාවගේ මනස් විකෘති කරමින් සිය ආක්‍රමණය දියත් කරති..
ගැලැවුම ඇත්තේ.. ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා සහ සැබෑ නිදහස ගැන සමස්ථ ජනතාවෙන් වැඩි පිරිසකට තේරුම් ගත හැකි වූ විට ය.
මීට වසර දෙකකට පමණ පෙර අතිශය දරුණු කල්ලියක දේශපාලන බලය නිම කොට තවත් දේශපාලන කල්ලියකට බලය ලබා දීමට ජනතාව සමත් විය.. එයින් අමු අමුවේ පාදඩකරණයට ලක්වූ නීතිය හා සාමය තව දුරටත් පවතින බවට සියුම් විශ්වාසයක් ජන හදවත් හී ඇතිවුණි. යහපාලනය ක්‍රියාත්මක කිරීමට කියා පැමිණි මෙකී කල්ලියට මෙන්ම ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට ද යහපාලනයක සැබෑ වුවමනාවක් මෙන්ම සැබෑ අවබෝධයක් ද නොතිබුණු බව මොනවට පැහැදිලි වන්නේ ක්‍රමක්‍රමයෙන් නැවත එළිබැසගත්.. ඉහත කී කල්ලිවාදී ආක්‍රමණ වලට එරෙහිව ක්‍රියාත්මක (නො) වූ ආකාරයෙනි.
විශේෂයෙන් ම.. පසුගිය දශක කිහිපයක හෝ ඊටත් පෙර සිට කාලයක් තිස්සේ ම මුස්ලිම් අන්තවාදය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන අයුරු දැක ගත හැකි විය. එයට එරෙහිව සිංහල බෞද්ධ අන්තවාදයක්ද වරින් වර මතු වුවද එය පැවති රජයෙන් ඔවුන්ට එරෙහිව ද ක්‍රියාත්මක වූයේ නැත. ඒ අතින් බලන විට ඔවුන් දෙගොල්ලන්ටම එතරම් වෙනසක් කර නැත.. එහෙත් අන්තවාදය ට පවතින්නට ඉඩ දුන් බව අමතක නොකළ යුතුය..
නව රජය පත්වූ පසු..ලද හැම විට ම.. සිංහල බෞද්ධ අන්තවාදී කොටස් මර්ධනය කරන්නට පෙළඹුනි.. එය සැබවින්ම අගය කළ යුතුය.. එහෙත්.. ඊට සමගාමීව එකී අන්තවාදයට හේතු වූ මුස්ලිම් අන්තවාදයට එරෙහිව අබැටක තරම් පියවරකුදු ලබාගැනීමට උනන්දුවක් නොදැක්වීය.. එය සැබැවින්ම පුදුමාකාර ලෙස සමාන දෙපිරිසකට දෙවිදිහකට සැලකීමකි.. අපට අවැසි එක රටකි.. එක නීතියකි.. අන්තවාදය මුස්ලිම් ද, සිංහල ද යන්න අදාළ නැත.. ඔවුන් මර්ධනය කළ යුතුය..

6 comments:

  1. මමනම් හිතන්නෙ නෑ සිංහල අන්තවාදීන්ව මර්ධනය කළා කියල.
    අතඩංගුවට ගැනීම් තමයි වුණේ.

    ReplyDelete
    Replies
    1. මර්ධනය කිරීමේ මූලික පියවරක් නෙව..

      Delete
  2. දෙමල අන්තවාදය ගැන කිසිම සදහනක් කරන්න අමතක වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල පීක් එකේ තියෙන්නෙ සිංහල හා මුස්ලිම් අන්තවාද නිසයි කතා නොකලේ.. අනෙක.. දෙමළ අන්තවාදයට හැරෙන්ටවත් බෑ මුස්ලිම් අන්තවාදයත් එක්ක.. දෙමළ ජනතාවටත් හැබෑවටම හිතවත් නායකයෙක් නැති බවකුත් පේනවා...

      Delete
  3. දෙමල අන්තවාදය ගැන කිසිම සදහනක් කරන්න අමතක වෙලා වගේ

    ReplyDelete
  4. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..