Tuesday, March 7, 2017

ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

අද මට විශේෂ දවසක්.. මගේ ආදරණීය මෑණියන්ගේ උපන්දිනය.. උදේම සිත FM දැම්මා.. ඒකෙ මේ සිංදුව ගියා..

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා
පසලොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා

සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
අම්මා යන සමාධියට සිටිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනවා අම්මේ
සක්විති රජවරුනගෙ දණ ඔබ ළඟ නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවනු අම්මේ..

ඔරිජිනල් එක සුජාතා අත්තනායක මහත්මිය කිවුවත්.. අද ඇහුණෙ පොඩි දරුවෙකුගෙ හඬින්.. ප්‍රේමකීර්ති නම් අති විශිෂ්ඨයා ගේ පබැඳුමක්... මා මීට පෙරත් කියා තියෙනවා.. මා අම්මා ගැන ලීවෙ හරි අඩුවෙන්.. මං හිතන්නෙ.. ප්‍රේමකීර්ති කියපු විදිහට.. හෝඩියෙ අකුරු මදි නිසාම වෙන්ටැති..

සිත FM එකට.. සුජාතා.. ප්‍රේම් දෙපළට.. අද ගායනා කළ දරුවට.. වගේ ම මෙම ගීතය විකාශයට දායක වුණු හැමෝටම පිං.. අද මගෙන් කෙරෙන්න ඕන දෙයක් මං වෙනුවෙන් කළා ට..

ප.ලි.
අන්තර්ජාලයේ හොයලා බලද්දී ප්‍රේමකීර්ති මහතා ගේ නමත්. හේම ශ්‍රී ද අල්විස් මහතා ගේ නමත් තැනින් තැන තිබෙනවා.. ඉතිං කවුරු වුණත්.. මේක ලියපු කෙනාට පිං අයිති වේවා.

2 comments:

  1. මම හිතන්නේ මේ ගීතය හේමශ්‍රී ද අල්විස් අතින් ලියවුනු ගීතයක් කියලා.

    ඔබේ ආදරණීය අම්මාට, නිදුක්, නිරෝගී සුවය පතමි!!

    ReplyDelete
  2. චතුර අයියෙ අම්මට සුභම සුභ උපන්දිනයක් පතනවා

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..