| ඒ අතට මේ අතට අතු විහිදි තුරු | පතර |
| තාම මතකයි අඳුරු සුවය සිත කළ | නතර |
| කෝඩ සුළඟින් වුණත් දඟය මොහොතක් | විතර |
| මා පැතුවෙ නිසල බව තිබූ ඒ වන | නිතර |
| දිය පිරුණු උල්පත් ය එහි තිබහ | හැඟුණෙ නෑ |
| ගෙඩි පිරුණු ගහ වැලින් සුදහ ගිණි | රැඳුණෙ නෑ |
| හිරු රැසින් වැසි වලින් විඩා බර | දැනුණෙ නෑ |
| වන සතුන් මැවු අසිරි වෙන තැනක | තිබුණෙ නෑ |
| ගෙපැල් පොඩි තනන්නට කැළෙන් ඉඩ | වෙන් වුණා |
| දොර ජනෙල් බිම පවා වන රුකෙන් | නිමැවුණා |
| මළ කඳන් වගෙම මහ තුරු කඳන් | විකිණුනා |
| අපේ ගස් මුදලාලි ඉබේ පොහො- | සත් වුණා |
| එළිය වැටෙනව' හොඳට අඳුරු නෑ පෙර | වගේ |
| තාර කාපට් වැටෙයි ඉඩ පිරුණු මහ | මඟේ |
| ටිකක් රස්නෙයි තමයි දැනෙයි වතුරෙත් | හිඟේ |
| ඉතුරු ගස් ටිකත් නැති වුණොත් තේරෙයි | රඟේ |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Wednesday, March 27, 2019
මහ වනේ - කෝ අනේ
Subscribe to:
Comments (Atom)
