Wednesday, March 27, 2019

මහ වනේ - කෝ අනේ

Deforestation


               
ඒ අතට මේ අතට අතු විහිදි තුරුපතර
තාම මතකයි අඳුරු සුවය සිත කළ නතර
කෝඩ සුළඟින් වුණත් දඟය මොහොතක්විතර
මා පැතුවෙ නිසල බව තිබූ ඒ වන නිතර
  
දිය පිරුණු උල්පත් ය එහි තිබහහැඟුණෙ නෑ
ගෙඩි පිරුණු ගහ වැලින් සුදහ ගිණිරැඳුණෙ නෑ
හිරු රැසින් වැසි වලින් විඩා බරදැනුණෙ නෑ
වන සතුන් මැවු අසිරි වෙන තැනකතිබුණෙ නෑ
  
ගෙපැල් පොඩි තනන්නට කැළෙන් ඉඩවෙන් වුණා
දොර ජනෙල් බිම පවා වන රුකෙන්නිමැවුණා
මළ කඳන් වගෙම මහ තුරු කඳන්විකිණුනා
අපේ ගස් මුදලාලි ඉබේ පොහො-සත් වුණා
  
එළිය වැටෙනව' හොඳට අඳුරු නෑ පෙරවගේ
තාර කාපට් වැටෙයි ඉඩ පිරුණු මහමඟේ
ටිකක් රස්නෙයි තමයි දැනෙයි වතුරෙත්හිඟේ
ඉතුරු ගස් ටිකත් නැති වුණොත් තේරෙයිරඟේ
  

1 comment:

වටිනා අදහස් ලියනු මැනේ..