Wednesday, January 16, 2019

බැරිදා විග්‍රහය! ලිබරල් හොඳයිද?

ඉස්සර මං ඔය ලිබරල් කියන වචනෙ තේරුම දැනං හිටියෙ නෑ.. රනිල් ලොක්කා ලිබරල් වාදියා ය කියලා.. ජෙප්පො ඉස්සර පස් පඩංගුවේ බනිද්දි මං හිතුවෙ... ලිබරල් කියන්නෙ හොර කපටි හීන් නූලෙ වැඩ තියෙන දර්ශනයක් කියලා.. ඒත් ඉතිං ලිබරල් වාදය ගැන ඩිංගිත්තක් හොයා බලද්දි.. තමයි දැනගත්තෙ.. ලිබරල් කියන්නෙ එහෙම නරක මෙවුවා එකක් නෙමෙයි කියලා.. ලිබරල් වාදය පදනම් වෙලා තියෙන්නෙ.. නිදහස සහ සමානාත්මතාවය කියන කාරණා මත කියලා දැනගත්තාම මං කල්පනා කළේ රනිල් ලිබරල් කියන්නෙ ඇයි කියලා. උන්දැව නායකත්වයෙන් ඉවත් කරන්න.. අවුරුදු ගානක් දත කන සැට් එකට ඒකට නිදහසක් නොදෙන.. නැගී එන නායකයෙකුට.. තමන්ගේ ජාති හිතෛශී වැඩ පිළිවෙල ජනතාව වෙත ගෙනියන්න නිදහසක් නොදෙන කෙනා ලිබරල් ය කියලා කියන්නෙ ඇයි කියන එක මට පැහැදිලි වුණේ නෑ.. පස්සෙ බැලුවම රනිල් ලොක්කා ආර්ථිකය හා අන්තර්ජාතික වෙළඳ ගනුදෙණු සම්බන්ධයෙන්  ලිබරල් වීමයි මෙතන ලිබරල් කියලා හඳුන්වලා තියෙන්නෙ. ලිබරල් ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති ඇතැම් වෙලාවට දේශීය කර්මාන්ත කෙරෙහි අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා එවැනි අන්තර්ජාතික ගනුදෙණු වලදී බුද්ධිමතුන්/ උගතුන් විමසීමත් අවබෝධයකින් හා පාලනයකින් යුතුව ගිවිසුම් වලට එළැඹීමත් අතිශයින්ම වැදගත්. 100% ක් ලිබරල් ආර්ථික ක්‍රමවේද පවතින රටවල් නැතැයි මා සිතුවත් එහෙම පවතින්න බැරි කමක් තියෙනවද කියලා මං දන්නෙ නෑ.. කොහොම වුණත්.. ලිබරල් කිවුවම නිදහස ගැන විතරක් හිතන එකේ අවුලක් තියෙනවා.. සමානාත්මතාවය කියන කාරණාවත් ඉතා වැදගත්. ඒක ගනුදෙණු වලදී මෙන්ම අනෙකුත් කාරණා වලදීත්.. මේ සංකල්පය යටතේ.. මීට වඩා සැලකිල්ලට ගත යුතු කාරණාවක්..  

කොහොම වුණත්.. ජවිපෙ ඉස්සරට වඩා අනුර කුමාර යටතේ ලිබරල් අදහස් දරණ බව අපට පේනවා. අපි ඒකටයි කැමති. අන්ත ලිබරල් නොවී.. මධ්‍යස්ථ ලිබරල් මට්ටමක් පවත්වාගන්න පුළුවන් නම් ඒක ජයක්.. අනුර කුමාර යටතේ.. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී වෙද්දි, ලිබරල් වෙද්දි ජවිපෙ කියන්නෙ එජාපයේ අතකොලුවක් කියලා චෝදනාවක් එන්නෙ.. එජාපය ඔය දෙක ක්‍රියාත්මක නොකළත්.. කරේ තියාගෙන යන පක්ෂයක් නිසා බව පැහැදිලියි.. අනිත් අතට.. එජාප හිතවාදී මත දරපු අපි වගේ මිනිස්සු, එජාපයේ ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා ඇතුළු අටෝරාසියක් පස්න නිසා සහ ලිබරල් වේගෙන එන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බව පෙනෙන, වංචා දූෂණ නැති ජවිපෙ පැත්තට තල්ලු වෙනවා.. ඒකෙන් අදහස් කරන්නෙ නෑ අපි ජවිපෙ නියෝජනය කරනවා කියලා.. ඔවුන්ගේ වැරදි .. වැරදියි කියලා අපි දකිනවා.. ඔවුන්ගේ ලිබරල් වාදී ගුණ, ප්‍රජාතන්ත්‍රවාදී ගුණ ඔවුන්ගේ ආණ්ඩුවක් නොපවතින කාලෙදි පමණයි ද කියන සැකෙත් අපට තිබෙනවා.. මොනවා වුණත් අපට පේන්න තියෙන විකල්පය ජවිපෙ බව පිළිගන්න වෙනවා.. ඒත් අපට JVP කාරයා කියන්න එපා.. අපි මාක්ස්වාදය හොඳද නරකද දන්නෙවත් නෑ..

No comments:

Post a Comment

වටිනා අදහස් ලියනු මැනේ..